Sunday, September 30, 2012

ලෑලි වලේ ලූලා.... 7+

කැම්පස් එකේ එසයිමන්ට් එකක ස්ට්‍රක්චරල් ගණන් වගයක් හදමින් සිටින අතරය. කම්මැලිකමේ ඇඹරි ඇඹරි පිටුවක කටු ගගා සිටියෙමි. එක වරක “ල“ ලියවුනේය. හෙන හුරු පුරුදු අකුරකි. ගණන් හැදීම පැත්තකින් තබා “ල“යන්න ගැන චින්තන ශක්තිය යෙදෙව්වෙමි. ම්ම්ම්හු..... එන්නෙම නැත. මල්ලිට කතා කලෙමි.

රජා - බබී.....බබී....

යුව රජා - මොකද ඕයි?

රජා - මේ “ල“ යන්න හෙන අමුතුයි...ඕයි. මේකේ මොකක් හරි සෙල්ලමක් තියෙනවද?

යුව රජා - හෑ...?

මද නිහඩියාවකි.....

යුව රජා - හරිනේ.... ලෑලි වලේ ලූලා... :)

රජා - අඩේ අප්පා..... :)

මතකේ හැටියට අපි හතර පහ වසරෙදි මේ සෙල්ලම කලෙමු. හා... පුළුවන් නං ලෑලි වලේ ලූලා කියලා එක අකුරෙන් ලියන්න. වැඩේ දන්න එකා කියවන්නේ ලෝඩ් පකීර් වගේය. නොදන්න එකා ෆුල් හොල්මන් වෙන්නේය. 


සිද්දිය ඉවර වෙලා යුව රජා, මහ රජාගේ මේසය ලගින් යන ගමන් සින්දුවකුත් ගහගෙනම ගියේය. ඒ 

විස්කි කඩේ පූසා... පොඩි දාලා බීලා මත් වෙලා....//
විස්කි කඩේ පූසා... 

මං රජාටත් තාලයක් අහුඋනේය.  පෑන් දෙකකින් මේසෙට ගහමින්...

ලෑලි වලේ ලූලා.... පොඩි දාලා බීලා මත් වෙලා...//
ලෑලි වලේ ලූලා....

මේක යුව රජාට ඇහුනේය. පොර මල් හිනාවක් දාගෙන මේසෙට දුවගෙන ආවේය..

හෙහ් හෙහ්... පට්ට ඈ :)

යුව සහ මහ රජුගේ සංගීතයක් පටන් ගත්තේය. ගායනය වාදනය සහ නර්තනය - රජ සමග යුව. එනවනං කට්ටිය සෙට් වෙන්න අපිත් එක්ක බජව්වට... 

මේ විඩියෝවේ තාලෙටයි යන්නේ.... හැබැයි විස්කි කඩේ පූසා නෙමේ.. ලෑලි වලේ ලූලා ඈ... ^_^




Watch the Original HOME MADE Video

ලෑලි වලේ ලූලාගේ පින්තූරයක් හොයන්න දෙයියා ගාවට ගියා... යනකොට විචාරක මාමත් එකක් ලියලා කියහන්කො අපිටත් හොරෙන්. ඒකේ මේ වගේ අකුරු ගොඩයි!



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Friday, September 28, 2012

ඕං එහෙම එකකුත් තිබ්බා - The Dancalious Night



අපේ සිවිල් බැච් එකේ ඇකඩමික් සීසන් එක අවසන් වීම සැමරීම සදහා පාටියක් සංවිධානය විය. කට්ටියට බොන්න ඕනේ, කන්න ඕනේ, නටන්න ඕනේ, ආදී විවිදාකාර වූ අවශ්‍යතා හැකි පමණ පිරිමසමින් ස්ටුඩනට් කවුන්සිල් එකේ උන් වැඩේ සංවිධානය කලෝය. ටිකට් ජාති 2කි. අමද්‍යප නම් 1000ය. මද්‍යප (වචනේ හරිද?) නම්  1500යය. අනිත් බැච් වල උන්ටත් අරාධනා ලැබුණි. ලාහට ගෙම්බෝ එකතු කරගන්නවා වගේ ටික දෙනෙක් එකතු විය. අනික මේක තියෙන්නෙත් හෙන රෑය. කෙල්ලන්ට එන්නත් බැරි වෙන්නේය. නමුත් හතර පස් දෙනෙක් එන බවට තහවුරු වී තිබුනේය.

දිනය 2012 සැප්තැම්බර් මස 27 වෙනිදාය. මම බෝඩිමට වී ඇලට් එක ගෙන සිටියෙමි. ඇලට් එක කිව්වට අර උදේ නින්දෙන් නැගිටලා නින්දත් නොනින්දත් අතර ඉන්න එකය. එහෙමත් ඉන්න බැරිම තැන ඇදෙන් බැස්සෙමි. වෙලාව 10යය. එහෙම්මම ගල්කිස්ස උසස් බාලිකාව දිහා කබ පිරුණු ඇස් වලින් බලාගෙන  මූණ හෝදන්නට ගියෙමි. YMCA එක සුද්ද කරන අංකල් මා ඇමතුවේය.

අද කැම්පස් නෑ වගේ. නැත්තන් මෙච්චර දවල් වෙනකන් නිදියන්නේ නැනේ.

අද නෑ.... මම නිදිබරිත ගැඹුරු හඩකින් පැවසුවෙමි.

ගිය වැඩේ කරගෙන නැවත කාමරයට ආවෙමි. පාටිය පටන් ගන්නේ 7ට විතරය. අදින ඇදුම් දෙක එහෙම හදලා ලැප ලඟට ආවෙමි. එක්ස්ටර්නල් එක ගැසුවෙමි. ඉංගිරිසි ෆිල්ම් ෆෝල්ඩරය සොයා ගියෙමි. හැමදාම තියෙනවා දැක්කට බැලුවේ නැති ෆිල්ම් එකක් තිබුනේය. කරන්න වැඩකුත් නැති එකේ ප්ලේ කලෙමි. 

The Reader - ඇයි දෙයියනේ මම මේක කලින් බැලුවේ නැත්තේ? මගේ සුදු මල්ලි හඩා වැලපෙන්නට විය. අතිශය අතී.....ශයින්ම සම්භාව්‍ය ෆිල්ම් එකක්ය. ඇන්ටිලාට පෙම් බදින කොල්ලෙකුගේ කතාවක් ලස්සනට දිග හැරුනේය. 

The Tuxedo - ඊළඟට ඇල්ලුවේය. ජැකී චෑන් අයියාගේ පරණ ෆිල්ම් එකක්ය. දෙපාරක් විතර බලලා තිබුනත් ඒක පට්ට ආතල් හින්දා නැවතත් බැලුවෙමි.


 ඊළඟට ගියේ හාර්ඩ් එකේ වැඩියෙන්ම තියෙන කැටගරියටය. පුදුමේ කියන්නේ ඕනෙම ෆිල්ම් එකක් බලපු මට ඒක ආයේ බලන්න ඕනෙම නැත. අකුරක් නෑර මතකය. නමුත් මේවා එහෙම මතක හිටින්නෙම නැත. එකනම් මහා පුදුම කරුමයක්ය. 

වෙලාව කෙමෙන් කෙමෙන් 5 වී තිබුනේය. ක්ෂණිකව නා ගත් මම කැම්පස් එක පැත්තට ගියෙමි. අෆ්ෆට සිරි..... කට්ටිය කැන්ටිමේ සෙට් වෙලා මැච් එක බලන්නේය. මට සීන් එක මතක් උනේ එතකොටය.

මල්ලි හෙට අපේ මැච් එක 3ට.. සෙට් වෙයන් ඈ බලන්න..

මම යනකොට කට්ටිය උඩ දාගෙන ටීවී එක දිහා බලාගෙනය. මමත් පිටිපස්සෙන් ජෝයින් උනෙමි. කැම්පුස් එකේ මැච් බලන තරම් ආතල් එකක් පිට්ටනියෙවත් නැති බව මම හොඳින්ම දන්නේය. සංඟා සමග දිලී වැඩේ ලෙසටම කරගෙන යන්නේය. අපි ආතල් එකේ බලාගෙන සිටියෙමු. සංඟ පුල් ෂොට් ගහනවා... නිකන් වෙඩි වගේය. කිසිම ටෙන්ශන් එකක් නැත. හතරට අත්පුඩියයි... හූවයි... එච්චරයි. එක පාරට සංඟා රනඋට් උනේය. තනිකර වැරැද්ද දිලීගේය. එක දෙයක් නම් ගලේ කෙටුවා වගේ සහතිකය. ඒ වෙලාව දිලියගේ මුළු පවුලටම චිබුහුන් යන්නට ඇත. මැරිච්ච උන්ටත් එසේමය.

ඊලගට ආව උන් දෙන්නා එහෙන් මෙහෙන් වනලා යන්න ගියේය. ඒත් තිසරයයි, මෙන්ඩියයි ගහපු හතරේ පාරවල් දෙක නිසා බෝලයි ලකුනුයි පරතරේ සැහෙන්න අඩු විය. හතරේ පහරට පසුව තිසරයා අවුට් විය. ඒ වෙලාවේ කැන්ටිමේ තිබ්බ නිහැඩියාවට මීයෙක් හූ.... කිව්වත් ඇහෙන්නේය. ඊළඟට අවේ තිරියාය. ඌටත් ගොන් ෂොට් එකක් ගහන්න ගිහින් තව සුට්ටෙන් හරිය. උගේ වෙලාව හොඳය. අන්තිම බෝල 2ට ලකුණු ලකුණු 5ක්ය. කැන්ටිමේ මේස ටිකි ටිකි ගාන්නේය, නියපොතු කෑලි විසිවෙන්නේය.


මෙන්න යකෝ තිරියා පැනපු ගමන් හතරක් ගහපි. ඒ ආපු කෑගැහිල්ලට අනිවා කැන්ටිමේ වහලේ නම් උඩ ගියාමය. සුවර් ඇන් ශොට්ය. ටීවී එකේ ඉරිත් ගියේය. මැච් එක ටයි ය. ඒ බෝලෙට හතරක් ගැහුවේ නැත්තන් මායියා තිරියාව මරාගෙන කන ලයින් එකේ හිටි බව ඉදිරිපෙළ අසුන් වලින් තොරතුරක් පසුපස කලාපයට ආවේය. අන්තිම බොලේ රන් අවුට් කියහන්කෝ. කැන්ටිමේ උන්ට නිකන් චූ යන්න වගේය. තර්ඩ් අම්පයර් ඩිසිෂන් පෙන්ඩින්ය. එක එකා, එක එක අදහස් දෙන්නේය.

අඩෝ කකුල වදිනවා බං...

නෑ යකෝ... බොලේ නැතුව අතින් කඩන්නේ...

බලපන් ඇස් දෙකෙන්... බොලේ වදිනවා අයිනේ පොල්ලේ..

කෙසේ හෝ වැඩේ දෙල්ය. සුපර් ඕවරේ ආවේය. අපේ උන් ලෑස්ති වෙන අස්සේ මෙන්න යකෝ ගේල් අයියා පෙන්නන්නේය. රජාට රජා අයිඩියා එකක් ආවේය.

අඩෝ ගේල්ට කතා කරලා දෙන්න බැරිද බං...?

සිරාවට බං... කීයක් හරි දෙමු. ඌට තියෙන්නේ එතන ගිහින් පොඩ්ඩක් දෙපැත්තට වනන්න විතරයි.

හිකිස් හූ හූ....

සුපිරි ඕවරෙත් සුපිරිය. බැට්ස්මන්ලා දෙන්නා පල්ලේකැලේ බැටින් කරද්දී බයි රන් එක දෙන්නේ ගල්කිස්සේය. 

දෙක දුවපන්... දෙක දුවපං....

තුනයි... තුනයි.... කැන්ටිම ඇතුල නිකන් ගණන්  පන්තිය වගෙය.

එක එක.. දෙක දෙක... එකතු කරලා, වයිඩ් ටිකත් එක්ක ලකුණු 13ක් අපේ උන් රැස් කරගත්තේය.කැන්ටිමේ මද නිහඩ තාවයකි. රිප්ලයි එක පටන් ගත්තේය. 

අඩෝ මාලිංගයාද බං දාන්නේ? හරියට දායිද?

ආයේ මොනවා අහනවද? වයිඩි දෙකයි බං දාන්නේ.... සංඟට අල්ලගන්න බැරුව යනවා.... උන් දිනුම්. ඕකයි වෙන්නේ.

ඕවරේ සුමටව පටන් ගත්තේය. පලවෙනි බෝල දෙක නම් සුපිරිය. ඊලඟ බොලේත් මැක්සය. හැබැයි සංඟා අතහැරියේය. වක්කඩ කැඩුවා වගේ සම්භාව්‍ය වදන් මාලාවක් කැන්ටිමේ සිට රස බැලුවෙමු. ඒකේ සුවද සංඟට  යන්නටත් ඇත. ඊලග බොලේ කැච් එකත් අතහැරියේය. ඒ පාර නම් සුවද සංගගේ මහ ගෙදරටම යන්නට ඇත. පස්වෙනි බොලේ උඩී..........................න් ඇදී ගියේය. 

හරි මචන් ඕක වහපන්. මැච් එක ඉවරයි....

බෝලේ හෙමින් පාත් උනේය. අඩෝ මොකෙද්ද ඇටකිච්චෙක් හතර සීමාව ළඟ ඉඳන් ඇල්ලුවා කියහන්කෝ බෝලේ. කැන්ටිමේ මේස දෙක තුනක් පැලෙන්නට ඇත. ඒතරම් වේගයෙන් ඒවාට තඩි බානු ලැබුවේය. ටිකකට ඉස්සරලා ඩිලීට බැනපු වදන් සියල්ල යලි හකුලා ගත්තෙමු. අකුලාගෙනම හිතේ සතුටෙන් පාරට බැහැලා හෝටලේ හොයාගෙන ගියෙමු. 

_______________________________________________

හෝටලේට යනකොට කුරුමිණි කෑගහන සද්දයක් ඇසෙන්නේය. පොඩ්ඩක් වටපිට අලුවෙමි. ශේහ්!!!! මේ අපේ DJ සංජී වැඩ පටන් අරගෙනය. නටන්න සින්දු දාන්නේය. මොනවා උනත් ඇත්තම කිව යුතුය. දාපු සින්දු ඌට තේරෙන්නෙත් නැත, අපිට කොහොමත් තේරෙන්නේ නැත. පැත්තකට වී වාඩි වී සිටියෙමු. ටිකකින් බීම එකක් ආවේය. ඒක ගහලා ඉවර වෙලා උඩ තට්ටුව පැත්තට ගියෙමු. බාර් එක නම් ඇරලාය. 1500 ටිකක් එකට ෆ්‍රී ෂොට් 6ක්ය. එහෙම පිනා චාන්ස් මිස් කරන එක නරක පුරුද්දක්ය. ශේප් එකේ ගිහන් ෂොට් 2ක් විනාස කරගෙන ආවෙමු. ඉතුරුව ගහන්නේ බත් කාල ඉවර වෙලා කියන දැඩි ස්ථාවරත්වයේ රජා ඇතුළු පිරිස සිටියේය. 


මුහුද දිහා බලාගෙන ටිකක් වෙලා ඉන්නකොට රසබර ආරංචියක් ඈතින් ඇසුනේය.

බුෆේ එක ඕපන්.....

අපායට ගියත් කලින් යන්න ඕනෙය. සම්භාවනීය අඩවි රජා බුෆේ එක ඕපන් කළේය. කන දේට ලැජ්ජා වෙන්න හොද නැත. මචන් හැබැයි බුෆේ එක නං මදි වෙයිද මන්දා... මමනේ ඉස්සරලාම බෙදා ගත්තේ. කෝකටත් මම දුලියාට අනතුරු හගවා සිටියෙමි. පිරමීඩ වගේ පිගන් වැලි අතරින් මේසයක් සොයා ඇදුනේය. කට්ටිය බෙදාගෙන එන්නේය. එකක් නං ටක්කෙටම සුවර්ය. හෝටලේ උන් බයවෙන්නට ඇත. මේ අතර අඩවියේ කමෙන්ට් කරන නදීශයයි අමිලයයි හෙන බත් එකක් බෙදාගෙන ඈත එන්නේය.

අඩෝ නදීෂ්.... මුණ පෙන්නපන් බලන්න...

ඇයි බං?

උබේ මූණ පෙන්නේ නෑ... බත් එකට වැහිලා...


පිරමීඩ
 බත් ටික බඩෙ සෙට්ල් වෙන්න ඉඩ හැර ටික වෙලාවක් ඉඳගෙන සිටියෙමු. තව ෂොට් 4ක් ඉතුරුය. ඕක බොනකන් කට්ටිය නලියන්නේය. 4ම දාගෙන ඇවිත් ඇති වෙනකං නැටුවෙමු. මෙතන රජාට පිනා චාන්ස එකක් ආවේය. ඕපලේ අන්තිම ශොට් එක හෙවත් ශක්ති කට දෙන්නේ ඉස්සෙල්ලාම ගහපු එකාටය. වෙන කාටද ඉතින් ශක්ති කට මම ආධුනිකයාටය. සමහරු නං ලාවට වගේ වැදිලත් හිටියා වගේ මතකය. සන්ජියගේ සින්දු නං අප්පිරියාය. එකම බීට් එකය. තේරෙන්නෙත් නැත. දාපු සිංහල සින්දු දෙක තුනට නටන්න කට්ටිය සූ..ඌඌඌ ගාලා හිටියේය. එත් මු සිංහල සින්දු දාන්නෙම නැත. 


ඌට තනියම නටාගන්න කියලා අපි පුටුත් උස්සන් බීච් එකට ආවෙමු. අපි එනකොට ෆ්ලෝර් එකේ නට නට හිටියේ මසියා පමණය. නියම හුලන් පාරය. ගහපුවා ගානට පදම් වෙනවා නියමෙට දැනෙන්නේය. ඔන්න එතකොටම වගේ ගවේෂකයාගේ හද පතුලේ තිබු යම් දෙයක් එලියට පැන්නේය.

“අඩෝ උඹලා කියන්නේ මේ X නම් මහ මාර කෙල්ලෙක් බං. මම ආශ්‍රය කරපු චොරම කෙල්ල බං. ඒ අතින් මගේ කෙල්ල රත්තරන් බං. උන් කවදාවත් කියන්නේ නෑ ෆිල්ම් එකක් බලන්න යමු කියලා. මම යමු කිව්වොත් එනවා මිසක්. අපි ඒ විදිහට හදාගෙන තියෙන්නේ උන්ව. ඒවාට මේකී කියන්නේ යමු කියලා. මොකද අපි ගෑනී මිනිහයි නෙමේනේ බං ඒ කාලේ. අඩෝ කතා කරලා වැඩක් නෑ බං ඒ ගැන. මම මගේ කෙල්ල එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා. තිබ්බේ බහුභාර්ය කියහන්කෝ....“

මේක කියනවත් සමගම පුලා ඔය අහල පහලින්  ගියේය. 

පුලා - අඩෝව්.... උඹ බැලුවද බහුභාර්යා 2?  පට්ට නෙහ්?.....

වැලයා - ඕවා මොනවද බං... මම බැලුවා ඇගේ වෛරය 1,2,3,4,5

පුලා - ඒ වගේද බං බහුභාර්යා 2

රජා - අපෝ මොනවද බං... සිංහල ඒවා ඔක්කොම මම ගාව තිබ්බ 10 වසරේදී.

පුලා - සිරා? දැන් නැද්ද බං?

රජා - නෑ බං... මම 10 කියන්නේ, 2006 යකෝ...

මේ කතාව යන අතරේ දවසේ කතා බහට ලක්වූ යසිකයා අපේ පැත්තට ඇදෙන්නට උනේය. කතාබහට ලක්වීමට හේතුව නම් ඌ මේ පාටියට එන්න රුපියල්ම 10000කම ඇදුම් අරං තිබීමය. යසිකයාවත් ඒ තරම් නොවටින බව නං අනිවාය. මිනිහා කැමරාව උස්සගෙන අපේ පොටෝ ගහන්නට ආවේය. 

ඔන්න බහුභාර්යා 3 ආවා.....!!!

බහුභාර්යාවගේ ආතල් එක එතනින් නිම විය.


බහුභාර්යා 2

10000 කිට් එකේ සළුව වෙනම
_________________________________________________

ටිකකින් සංගියාගේ කතාව පටන් ගත්තේය. මම සින්ගර් කෙනෙක් වෙන්න හිටපු එකෙක් නේ බං. දැන් බලහන් මට වෙලා තියෙනදේ. උඹලා දන්නවද මම සිවිල් කරන්න ආවේ ඇයි කියලා. 

නෑනේ කියහන් බලන්න....

යකෝ... ගායකයෙක් උනාම ඌට වේදිකාවක් තියෙන්නේ ඕනේ. මම සිවිල් කාලේ ඒ වේදිකාව හදන හැටි ඉගෙන ගන්න. දැන් මට කවුරුවත් ඕනේ නෑ. තනියම වේදිකාව හදා ගන්න පුළුවන්. මොනවද ගල්, ඕනේ සිමෙන්ති දාන්න ඕනේ වතුර ගාන, ඕනේ එකක්.  


_________________________________________________

ඔහොම එක එක ජෝගි දිදී ඉන්නකොට ඈත මුහුදේ නැව් දෙකක් එක ලඟින් යන්නේය. 

අඩෝ අන්න බලහන් අරුන් දෙන්න හැප්පෙන්නයි යන්නේ.

කෝ කෝ?

අර අර....අන්න ගියා එකක් අනික ඇතුලෙන් ගියා.

හුටා... බලහන් බලහන් අනිත් පැත්තෙන් එනවද කියලා..

අඩෝ.... අන්න එනවා.................. :)  

_____________________________________________

හද මඩල හෙන විසාලේට අද පෙනේනේය. දිලූක හද මඩලක් දැක්කේ අදමලු. මේ ගැන කතා කරන්නට ගිහින් හද ගැන කතාවක් ඇදුනේය.

අඩෝ ලෝකේ වෘත්තාකාර නම් හදවල් දෙකක් තියෙන්නේ ඕනේ.

අපිට පේන උඩින් එකයි... පෙන්නේ නැති පැත්තේ එකයි...

එතින් යකෝ.. ලෝකේ වෘත්තාකාර නෑනේ. ලෝකේ ගෝලාකාරයි.

වෘත්තාකාර නම්....

ඉතින් වෘත්තාකාර නෑනේ..

හා... හා....


______________________________________________

අලුයම 1ට හෝටලය වසනු ලැබුවේය. අපි බීච් එකට වෙලා කයියක් දමාගෙන සිටියෙමු. ගල්කිස්ස දාලා යන්න තව ඇත්තේ දවස් කිහිපයක් පමණය. අපි කියපු කරපුවා නැවත මතක ආවර්ජනයක යෙදුනෙමු. එකට සුදුසුම වෙලාව හා මූඩ් එක නියමෙට සෙට් වී තිබුනේය. ආයේ මේ සෙට් එකේ උන් කීයෙන් කීයක් නම් හමුවෙයිද? හම්බුනාම කතා කරන ඒවගේ රියසල්ද දැමුවෙමු. 

අඩෝ උඹ බැන්දද බං?

ඔව් බං මට කොල්ලොම හතරයි...

මම අහවල් කොම්පැනියේ ප්‍රොජෙක්ට් මැනේජර්..

ගල්කිස්සේ අපි නොකළ දෙයක් නැත. නොපෑගුන වැලි ඇටයක් නැත. නොකාපු කඩයක් නැත. අර එදා ගම්පහ ගැන කිව්වා වගේ ගල්කිස්ස හන්දියේ ඉඳන් හූ කිව්වොත් මොන බිල්ඩින්ග් වල වැදිලා පරාවර්තනය වෙනවද? කාපුවාම බඩ යන්නේ මොන කඩේද? මේක මොන වගේ තැනක්ද? ලමයින්ට හොදයිද? ඕනේ එකක්ය. ඒ කාලය දැන් නිම වෙන්න ළඟය... ඉතාමත් ළඟය.... කන ළඟය.... ආයේ කවදා ගල්කිස්ස පැත්තේ එන්න වෙයිද කියන්න මමවත් දන්නේ නැතිය.


ප/ලි: 
  • අඩෝ... යකෝ යන තැන් වලට කැමති සම්භාව්‍ය වචනයක් භාවිතා කල හැක.
  • මම රජා කී දේවල් ලියන්න එකෙක් නැති වීම සෑහෙන පාඩුවක් බව මටම වැටහෙන්නේ දැන්ය.
 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Sunday, September 23, 2012

සිගිති ආතල්... 12+

පහුගිය දවස්වල රජ පවුලට වෙඩින් වැහි වැහැලා තිබුනේය. මේ ඊයේ පෙරේදා රජාගේ මාමා කෙනෙක් බැන්දේය. කට ඇරලා මාමා කියන්නත් දුකය. ඌ තාම අයියාය. මේවා රජ මුත්තාගේ වැරදිය. ළමයි හැට හුට හමාරක් හදපුවාම මෙහෙම වෙන්නේය. කලින් ඉපදුන ළමයින්ට, ළමයි හම්බවෙනකොටත් මුත්තම්මාටද බබ්බු හම්බවෙන්නය. මේ සීන් එක පරණ පවුල් වල තියෙන ලක්ෂණයක්ය. මං රජාට මාමා, නැන්දා වන, මට වඩා බාල උන්ද අපේ පවුලේ ඇත. කොහොම කට ඇරලා නැන්දේ කියන්නද? දුකයි..... මම නං කියයි නංගිලාට නැන්දේ කියලා. හීනෙන් තමයි... ^_^

පලවෙනි දවසේ වැඩ කටයුතු එහෙම ඉවරවෙලා හෝම් කමින් එකේ වැඩ වලට පොඩි සප් එකක් දෙන්න හිතාගෙන රජා සහ යුව රජ නංගි බබාගේ නැගී ගෙවල් පැත්තට ගියෙමු. මල්හතයි.... පොඩි උන් රොත්තයි... සෙට් එකම වෙලේ බෝල ගහනවා. වෙලට හිනාව දාගෙන, කඩාගෙන ගිය බයික් එක මිදුල මැද්දේ බෘස් ගා නතර විය. ක්ෂණයකින් ඒකේ ආපු උන් දෙන්නා වෙලේය. 

වෙලට බහින කොටම වෙල මැද්දේ පත වලක්ය. ඇස් දෙක පිහිදා, ලෙන්ස් එක අල්ලලා නැවත බැලුවෙමි. සිරාවටම වලක්ය. මම ටිකක් ලගට ගියෙමි. අඩේ අප්පා... අඩි 3ක් විතර ගැඹුර වලකි.

රජා - මොකද්ද බොලේ මේ?

සූටි උන් - මේ අපේ ලිද.... අද හැරුවේ

රජා - හෑ.....? උදේද හැරුවේ?

සූටි 1 - උදැල්ලෙන් තමා හෑරුවේ..

සූටි 2 - හික් හික්... උදේද කියලා ඇහුවේ... :)

සූටි 1 - :O


ආපු වැඩේ පැත්තක තබා පොඩි උන් සමග මැච් එකකි. මම තනියමය. අරුං ඔක්කොමය. කරන්න දෙයක් නැත. මම අලි බබාය. එහා නියර ලග ගෙදර අක්කලා සෙට් එක අපේ පේක්ෂකයෝ විය. පොඩි උන් මාර බැට්ස්මන්ලා විය. නියමිත ඕවර  3 අවසානයේ ළකුණු 49ක් රැස් කර ගෙන තිබුණි. මම රජා වැඩකරු වගේ අභියෝගය බාර ගත්තෙමි. හයේ පහර අටකින් මගේ ඉනිම වර්ණවත් විය. තව හතරක් වැදුනි. මැච් එක මම දිනුම්ය.

මාගේ දිනුම මතක තබා ගන්නට ඡායාරූපයක් ගැනීමට මම සූදානම් උනෙමි. වෙලාවට කැමරාව ගෙනත් තිබුනි. ඒ ගෙදර අයට කලින් දවසේ වෙඩින් එකේ නොදුටු පොටෝ පෙන්නන්නටය. මම කැමරාව අර වෙලට බැස්සෙමි. මට තනියම පොටෝ ගහන්නට පොඩි උන් ඉඩ දුන්නේම නැත. කරන්න දෙයක් නැත. උන් එක්කම පොටෝ ගැසුවෙමි.

පිතිකරු ලැයිස්තුව



බෝල ගහන්නට ගිහින් මගේ වම් කකුලට බබා හමුවිය. එය එදා තහනම් අඩවි අස්සේ රිංගන්නට ගිහින් දූෂණය වූ කකුලය. කොර ගගහා ඇවිත් ගෙදර පොඩි පොඩි වැඩ කර අවසානයේ මම නිවසට එන්නට හැරුනෙමි. 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Saturday, September 22, 2012

හොර පාරෙන් බෙලිහුල්ඔයට - Dangerous Journey via Worlds End



වැස්සට තෙමෙමින්, හුළගට පාවෙමින්  නිදාගත් රැය අහවර කරමින් අපි උදේ 6.30ට පමණ අවදි උනෙමු. අපි ගමන් කිරීමට නියමිතව තිබූ මාර්ගය වනජීවී එකෙන් තහනම් කර තිබුණි. ඒ ඇතැම් විට එහි තිබුණු අනතුරුදායක බව නිසාම විය හැකිය. අපි හතර දෙනාගේ දැඩි විරෝධය එල්ල විය. බැරි වෙලා හෝ මාට්ටු උනා නම් රුපියල්ම 50000ක් (බිංදුම හතරක්) ගෙඩිපිටින් පුදන්නට වෙන්නේය.

අපි - මචන් ඔහෙ යන්න බෑ... මාට්ටු උනොත් එහෙම...

ගවේෂක - අනේ බං... යමු බං... මම වගකීම ඔක්කොම ගන්නවා.

අපි - එහෙනං දඩත් උඹම ගෙවපන් හරී?

ගවේෂක - හා...!!

කලින් දවසේ සම්පූර්ණ කතාව මෙතනින්...

_____________________________________________________________

හෙන ගහන සීතලේ කූඩාරම අකුල ගෙන ලෝකාන්තය බලා යන්නට ඇදුනෙමු. පාරට පිවිසෙනවාත් සමගම සුද්දියෝ සෙට් එකක් අපි ලගින් ගියෝය. එක පාරටම ලෝකාන්තේ මෙහෙදැයි ඇසීය. ගවේෂකගෙන් පිළිතුර ලැබුණි. අපිත් යන්නේ එහෙ. ඔයාලත් එන්න. අපි නැවතී පොටෝ ගහන තැන මේ සුදු අක්කලත් නැවතී පොටෝ ගහන්නේය. සුද්දියෝ දැක්ක ගමන් රජා නලියන බව කවුරුත් දන්නේය. මම දැන් සම්භාව්‍යයය. පැපරාසි ඡායාරූපකරණය නැත. කෙලින්ම සුද්දියන්ට ටෝක් කලෙමු. පොටෝ එකක් ගහන්නට කතා කලෙමු.

සුදු අක්කලා අපේ පොටෝ ගැසූ අතර අපි සුදු අක්කලාගේ පොටෝ ගැසුවෙමු. මෙතන පට්ට සිද්දියක් උනේය. ගවේෂයා සුදු අක්කගේ කැමරාව පෙන්නලා... මේකෙන්ද ගහන්න ඕනේ කියලා සිංහලෙන්ම ඇහුවා කියහන්කෝ. මං රජාට මැරෙන්න හිනාය. මෝටාර් එක වගේ තඩි කැමරාව සුදු අක්කා දුන්නේ රජාටය. මම ඕකක් දෙයියනේ කියලා අල්ලලා තිබ්බෙත් එදා ගාලු ගමනේය. වැඩකරු වගේ ලෙන්ස් එකෙන් අල්ලලා කරකෝලා සූම් කරලා ෂටර් බටන් එක එබුවේය. මට එබෙන්නෙම ඊට සුට්ටක් මෙහා රෙකෝඩ් බටන් එකය. 

සුදු අක්කා - mmm... forward

රජා - oh.. sorry!!! Smile..... චටස්...

පට්ටය.. අපි සුද්දියන් සමග ටෝක දාගෙන ගියෙමු. අපි කිව්වට ගවේෂකයාය. අක්කලා ඕස්ටේලියාවෙලුය. බේකර්ස් ඇල්ල ලගට යනකං කතාවට ඒ අසරණියෝ අහුඋනෝය. තව ටික වෙලාවක් කතා කලානං ඒ සුද්දියෝ මූත් එක්ක සිංහලෙනුත් කතා කරනවාය. බේකර්ස් ඇල්ල ලගට ගිහින් තවත් පොටෝ එකක් ගහන්න රජාට ඕනේ උනේය. ඇයි යකෝ.... සුදු අක්කලා එක්ක පොටෝ ගන්න ඇම්ම තිබ්බේ මටය. ඒත් ගත්ත එකේ මම නැත. මට අම්බානට තද උනේය. කොපුවෙන් කඩුව අරං මම ආසම සුදු අක්කා ලගට ගියෙමි. සිහින් හඩින් ඇය ඇමතුවෙමි. 

රජා - can we take another shot with u gals..? ^_^

මම ආසම සුදු අක්කා - yeah sure!! :)

අනේ උම්මා...බදාගෙන උම්මා එකක් දෙන්න හිතුනද මගේ ඇගෙන් වහනය වූ දුර්ගන්දය හේතුවෙන් වැඩිය ලගට ගියේ නැත. පින්තූර කිහිපයක් වැදුනි. මං රජා ලග ඉන්න කෙට්ටු අක්කාගේ හඩ තාමත් මගේ කනේ රුව් පිළි රුව් දෙන්නේය. අපේ ගෘප් පොටෝ ගත්තේ ඇයය. 1...2...3... චැකෑස්... අනී හරිම ස්වීට්!!!


මම ආසම මං ලග ඉන්න අක්කටයි...
කැම් එක තියන් ඉන්න අක්කටයි...
අක්කලාට යන්න ඇර අපි පිටුපස්සෙන් ලෝකාන්තය බලා ගියෙමු. ලෝකාන්තය ලග සෑහෙන වෙලාවක් රැදී සිටියෙමු. මීදුම තිබුනේම නැති තරම්ය. සමනල වැවේ ඩෑම් එකද අපිට දර්ශනය විය. ඒ තරම්ම පැහැදිලිය. මෙහෙම වටපිට බල බල ඉන්නකොට තව මාර ලස්සන තායි අක්කා කෙනෙක් ආවාය. මං රජාගේ හිත සසල උනේය. කතා කරන්නම ආස හිතුනි. කැමරාවත් අරගෙන ලගට ගියෙමි. අනේ අක්කේ අපිට පොටෝවක් අරං.... මම බැගෑපත් උනෙමි. මලහෝන්තු ලුක් එකක් රැගෙන පැමිණි ඇය අපේ පොටෝවක් අරං දුන්නාය. 

ලෝකාන්තයේ ඉහල කොටසට යන විට සුද්දෝ තොගයක් සිටියෝය. අපිට හොරපාරට පිවිසෙන්නට නොහැකි උනේය. කට්ටිය ටිකක් එහාට මෙහාට වෙනකන් අපි සමපෝෂ හදාගෙන කෑවෙමු. සුද්දෝ එතනින් පිටවීමත් සමගම එළඹියේ වීර ක්‍රියා වෙලාවය. ඉහලමාලය ලගින් කැලේ ඇතුලට විහිදුනු පාරෙන් අපි වේගයෙන් ගමන් කලෙමු. ඒ තව කවුරුන් හෝ ඒමට පෙරය. අඩිපාර හා හෙල අතර දුර තිබුනේ අඩියක් පමණය. බැරිවෙලා හෝ අඩිය ලෙස්සුවේ නම් අපේ ඇටවත් හොයන්න ඉතුරු වෙන්නේ නැත.

සමබර සමපෝෂණේ සැම දෙනාගේ පෝෂණේ
ෙකැලේ ඇතුලෙන් ඇවිද ගියෙමු. පැය ගනනකට පසු අපි නගරක් බංගලාව පෙනෙන දුරට ආවෙමු. කැලේ ඇතුලේ සිට ඔත්තු බලන ටෙරාලා මෙන් වැලයා ගස් ගල් අස්සේ හැංගි හැංගි වනජීවී එකේ අය සිටීදැයි බැලුවේය. අපේ වෙලාවනං මාරම හොදය. එකෙක් හිටියේ නැත. වතුර වෙලා තිබුණු ලේ ටික නැවත රතු උනේය. බංගලාව ඉස්සරහට ආවෙමු. වැඩකාරයා මල් පාත්ති සුද්ද කරන්නේය. උගේ අවසරයෙන් අපි ටිකක් ගිමන් හැරියෙමු. බංගලාව නං සුපිරිය. මම කවදා හෝ එහි දවසක් ගත කරන්න යන බව සුවර්ය. දවසක ගාස්තුව 12000ක් පමණක් බව වැඩකාරයා කීවේය.



බංගලාවේ සුන්දරත්වය
දැන් තියෙන්නේ බෙලිහුල්ඔය බලා යාමටය. ගවේශකගේ GPS අටමගලය තිබුනේ වෙලාවටය. ඌ ඒකේ පාර සටහන් කරගෙන තිබුනේය. ඒ හේතුවෙන් තුන් වතාවක් පාර වැරදුන අපි අතරමං නොවී  පහලට බැහැගෙන ආවෙමු. 

ලොල්ලෙක් ගැන කතා කරන්නට ගොස් අපිට පලමු වතාවට පාර වැරදුනේය. නැවත පාර හොයාගෙන තේ වතු මැද්දෙන් පහලට ආවෙමු. පොඩි ගෙවල් වගයක් අස්සෙන් යාමට තිබුනේය. අපි ටික දුරක් ගෙවල් අතරින් එන විට එළු රෑනක් අපේ පස්සෙන් ආවෝය. පෙර සංසාරගත බැදීමක් වෙන්නටද පුළුවන. 


කදුකර එළුවෝ
ොමේ වන විට කකුල් වල ජොයින්ට්ස් සංවේදනයෙන් තොර විය. කකුල උස්සන්න විතරක් අවශ්‍ය උනේය. ඔටෝ පාත් උනේය. ඒ හෙල් වල ඉදගත්තත් පස්ස හිල් වෙන මට්ටමේ ගල් තිබුනේය. වැටෙන්න ඕනෙම නැත. ලගින් ගියත් ගල් තැළුම්ය.




එපා.......වෙනවා
කුඩා ගල් කැබලි සහිත දුෂ්කර ආනත මාර්ගවල ගමන් කල අපි ඊලගට පිවිසියේ පයිනස් කැලේකටය. කැලේ කලින් දවසක ගිනි ගෙන තිබුනි. නැත්තන් මාර ලස්සන වීව් ටිකය. කට්ටිය තම තමන්ලාගේ වෙන්ඩ වයිෆ්ලට ගෙනියන්න පයින් ගෙඩි එකතු කරද්දි මං රජා උඩ බලාගෙන සිටියෙමි. මම ගෙනිහින් ඕවා අම්මට දෙන්න යෑ? පයින් කූරු වැටුන බිම අතිශය ලිස්සන සුළුය. එක මොහොතක ඒවා අස්සේ දුවන්නට ගිය රජා තම රාජකීය පශ්චාත්භාගය බිම ඇනගත්තේය. 


පට්ට නෙහ්?
පයින් කැලේ ඇතුලේ විහිදුනු අඩිපාරේ අපි ඉදිරියටම ඇදුනෙමු. GPS එකට අනුව අපිට පාර වැරදී තිබිණි. කෙසේ හෝ පහලින් ගෙදරක් පෙනුනි. අපි ගෙට උඩින් වූ තේ වත්තක කාණු දිගේ බහිමින් ගෙදරට ආවෙමු. ගෙදරත් කවුරුවත් හිටියේ නැත. ගෙදර වැසිකිළියට රිංගූ නිශාන් රහස් පරීක්ෂකයාගේ නිගමය වූයේ....

ගෙදර දවස් ගානකින් කට්ටිය ඉදලා නෑ බං... ලැට් එකේ වතුර පොදක් නෑ... හොදටම වේලිලා..

නමුත් ගෙදරට එන පාර තිබුණි. අපි පාර දිගේ ගාට ගාට ගියෙමු. වෙලාවට තවත් ගෙදරකි. පොඩි ලමෙක් එලියේ සිටියේය. අපිව දුටු ඔහු ගේ ඇතුලට දිව්වේය. කළු නැන්දා කෙනෙක් එලියට ආවේය. අපි ඇයගෙන් වතුරත් ඉල්ලාගෙන පාරත් අහගෙන ඇයට ස්තූති කරමින් ආවෙමු. වතුර ගන්න යන අතරේ ගේ ඇතුගෙන් ගැටිස්සියක් එබිකම් කරනවා මම ලාවට මෙන් දැක්කෙමි. මම ආයේ තනියම ඉහල ගලගමට යමි. පාරද ලාවට මතකය. 

මගදී අපිට ඇන්ටිගේ ස්වාමිපුරුශයා මුණ ගැසුනි. සිනහවකින් අපට සංගහ කල ඔහු අපිත් සමග පාර ලගට එනකං ආවේය. අපිට නාන්න පීල්ලක්ද පෙන්නුවේය. හිතේ හැටියට නාගත් අපි ඉහල ගලගම ගමට සමුදෙමින් බෙලිහුල් ඔයට එන්නට ආවෙමු. ගලගම මිනිස්සු නං ඇත්තෙන්ම රත්තරං මනුස්සයෝය. ආගන්තුක අපි සමග සැමවිටම සිනහ වෙමින් තම නිහතමානීත්වය පෙන්නුම් කලෝය. 

ආ... චූටි මහත්තයා... පාරේ ගිය මාමා කෙනෙක් මං රජා සමග කතා කලේය. 

හරි හොදයි.... මමද ඔලුව නමමින් ඔහු හා සිනාසුනෙමි.


රත්තරං ජලය
හැබැයි ගලගම ගමේ කෙල්ලෝ නං හරිම හරිම.... සුරතල්ය. රජා සමග ගවේෂක ටෙන්ට් එක උස්සගෙන එමින් සිටියේය. ගෑල්ලමෙක් තනියම එන්නීය. ඇය ලස්සනය

ගවේශක - නංගි බෙලිහුල්ඔයට තව දුරද?

ඇය උත්තර දෙන්න මෙන් අප දෙස බැලුවාය. සිනාසුනාය.

ඇය - දන්නෑහ්.... යනුවෙන් මහා.... පීචන් හඩකින් පැවසුවාය. 

රජා - හූ......ඌඌඌඌඌ

පාර හදමින් පවතින පාරක්ය. මතකේ හැටියට කහ පාටින් දුර ලකුණු කර තිබ්බේ 750+ ලෙසය. එනම් බෙහිහුල් ඔයට තව මීටර් මෙච්චරයි යන්නය. අපිට දුර වැදගත් නැත. අවශ්‍ය ගෑල්ලහමයා හා කතා කිරීමටය. තවත් එකියකගෙන් ඇසුවද ඇයගේ පිළිතුර වූයේ සිනහව පමණක්ය. 


යන්තන්... බෙලිහුල්ඔය
මෙහෙම ගමනක් ගෙවල් වලින් එන්න දෙන්නේ නැති බව සුවර්ය. එක එකා ගෙවල් වලට පතරංග බේගල් ඇද හැර පැමිණ ඇත.

මං රජා - අම්මේ අපි යන්නේ බෙලිහුල්ඔය. රෑ නවතින්නේ බුක් කරපු බංගලාවක.

නිශාන් - රෑ නවතින්නේ නගරක් බංගලාවේ.

වැලයා - අපි ඉන්නේ හෝටන් තැන්නේ... අපේ ගාඩ් එකට ආරක්ශකයෝ දෙනවා, රෑට අපි නිදාගන්නකං.

ගවේශක - තාත්තේ, අපි වනජීවී එකේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉන්නේ. කිසි අවුලක් නෑ..

අපි බෙලිහුල් ඔයට වී බදුල්ල - කොළඹ බස් එකක් එනකං පැය ගානක් කඩයක් ඉස්සරහා සරණාගතයන් මෙන් වාඩිවී සිටියෙමු. ටවුමේ මිනිස්සු ඔක්කොම අපි දිහා බලාගෙනය. නෝමල් බස් එකක් ආවේය. බෑග්  ඩිකියට පුරවා බසයට ගොඩඋනෙමු. වැලයා හා නිශාන් පැල්මඩුල්ලෙන් බැස්සේ ඇඹිලිපිටි බස් එකකට ගොඩවෙන්නටය. අපිට සීට් ලැබුණි. අතරමගදී සිදුවූයේ මොනවාද දන්නේ නැත. මං රජා ඇහැරෙන විට බස් එක ඇස් වාට්ටුව ලගය. 

ගවේශකට මීරිගම යන රෑ 11 කෝච්චිය මිස් විය. ඌ කොටුවේ ඉන්න තීරණය කල අතර මං රජා හා ඔටුවා ගල්කිස්ස බස් එකක් අල්ලගන්න පිටකොටුවට ආවේය. වෙලාවට බසයක් තිබ්බේය. 12 වෙනකොට අපි ගල්කිස්සේය. පරාට සමග ප්ලේන්ටියක් ගැසූ අපි කෙලින්ම බෝඩිමට ආවෙමු. හෙනහුරා වැටෙන්නෙත් හිගන්නාගේ පාත්තරේටමය. කාමරෙ ඇතුලේ හෝ එලියේ හූනෙක් හෝ මීයෙක් මැරිලාය. මාරම ගදය. 

මහ පාන්දර පොටෝ බැලීම
බෝඩිමට වෙලා පොටෝ බැලුවෙමු. 2ට විතර නිදාගෙන 4ට අවදි වී 4.45 දුම්රියෙන් මීරිගම බලා ආවෙමු. ඒ මගුලත් වේයන්ගොඩින් නැවතුනේය. ඉතිරිටික ආවේ වවුනියාව කෝච්චියේය. ඒකෙත් අම්බානට සෙනගය. මම රජා පුට් බෝඩ් එකේ තුන්වෙනි පඩියේය. ලැප දෙවන පඩියේය. කුඩේ පලමු පඩියේය. කෙසේ හෝ මීරිගමට පැමිණි අපි නිවස බලා එනවිට උදේ අටත් පසුවී තිබුණි. 

දින තුනකින් හරිහැටි සිග්නල් නොමැතිකමින් ගෙදරට කෝල්  කරගන්නට නොහැකි විය. අම්මා මාරාවශේෂ වී සිටියාය. ගෙට ගොඩවූ විගස ක්ෂණික වදන් මාලාවක් ඇද හැලුනි. මට ඇහුනේ නැත. කනට වඩා කකුල් දෙක ඇදුම් කන්නේය. ඒ වේදනාව වචන වලට වඩා රිදුනේය. 

උදේ අම්මා - ආයේ යනවකෝ බලන්න ඔහොම ගමන්. ගෙදරින් බත් කාලා ඉවරයි එදාට.

හවස අම්මා - කෝ බලන්න, ඔය ගිය දිහා පොටෝ :)

රෑ අම්මා - බලන්න ඒයි... මේ ලමයි කූඩාරමක ඉදලා තියෙන්නේ. සතෙක් සර්පයෙක් කෑවට ඇද්ද? පිස්සන්ගෙත් හොදම එක...

මං රජා - ^_^
_________________________________________________

හොර පාරේ මග දිග සුන්දරත්වය හා පෝස්ටුවේ සියළු රස තැන් වල සම්භාව්‍ය ඡායාපෙල මෙතනින්...

ගවේෂකගේ වෘත්තීයමය පෝස්ටුව මෙතනින්...


රාජ චාරිකා පෙල....


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Wednesday, September 19, 2012

කිරිගල්පොත්තේ අභිරහස - Mystery of Kirigalpoththa


මාස ගානකින් ට්‍රිප් එකක් නොයාම හේතුවෙන් පොඩි කැසිල්ලක් වගේ එකක් අපේ එවුන්ට හැදී තිබුණි. කිරිගල්පොත්ත හෙවත් ලංකාවේ දෙවනියට උසම කන්ද නගින්න යන්න පොඩි කතාවක් ඇදුනේය. මේ අතර වැලයා උගේ කට වරද්ද ගත්තේය. ගවේශකයා ඉන්න තැන නන්පෙරියල් කතාවක් කිව්වේය. වැඩේ දෙල් උනේය. ගවේශකයාට එහෙ යන්නම ඕනේ විය. තවත් ට්‍රිප් එකක් එලෙසින් එය අපේ ඇග මත පතිත විය.

අපේ කණ්ඩායම මං රජා, ගවේෂක, නිශාන්, වැලයා සහ නාඔට්ටා සහෝදරයා විය. නාඔට්ටා අපේ කැම්පස් සගයෙක් නොවුනද රජාගේ ගෙට ඉස්සරහා අයෙකි. මිනිහා අපිත් එක්ක බතලේගල හා කලින් පාර තොටුපල කන්ද යන්න ආව නිසා අපේ උන්ව අදුරන්නේය. 

අපි සෙට් එක ට්‍රිප් එකක් ගියොත් අනිවා ඉතින් යන්නේ කෝච්චියේ බව මේ බ්ලොගේ චාරිකා සටහන් කියෝන හැමෝම දන්නා කරුණකි. 14 වෙනිදා සුපුරුදු ලෙස ලෙක්චර්ස් ඉවර වී කොටුවට ගියෙමු. ඒ නයිට් මේල් එක අල්ලා ගැනීමට සදහාය. නමුත් මෙදා පොටේ නම් අපිට කෙලඋනේය. වෙනදාට මරදානෙන් කෝච්චියට නගින්න දුන්නේ නැත. එදා ඊට ඉඩ ලබා දී තිබුනි. අපිට සෙකන්ඩ් ක්ලාස් සීට් එකක් තියා සීට් එකක සේයාවක් වත් දක්නට නොලැබුනි. 

මේ අල්ලපු වැටේ තියෙන රාගමට යන්නත් මිනිස්සු දුවගෙන ඇවිල්ලා එල්ලෙන්නේ නයිට් මේල් එකෙය. එකනං මහාම මහා කරුමයක්ය. ෆුට් බෝඩ් එකේ බඩු තොගයක් තියාගෙන අපි බිම වාඩි වී සිටියෙමු. ගවේශකයා නගින්නට නියමිතව තිබුනේ පොල්ගහවෙලින්ය. පහුවදා හවස කුඩාරම් ගැහීමට අවශ්‍ය ටෙන්ට් එක සමග බඩු තොගයක් උස්සගෙන ඌ එහෙ සිටියේය. නාඔටුවා සිනි සම්බෝල සමග පාන් ගෙනත් තිබුනේය. ලොවෙත් නැත. ෆුට් බෝඩ් එකේ ඉඳගෙනම අපි පාන් කෑවෙමු. ගවේශකයට ගෑස්ටික් කියා හෙන ලොකු ලයින් එකක් දුන් හෙයින් ඌ ඉල්ලුවද ඌට එක පාන් අංශු මාත්‍රයක් වත් නොලැබුනේය. 

ගම්පහ හරියෙදී කෝච්චිය ස්ලෝ උනේය. වෙන වෙලාවල මෙන් ‘ඩලස්...ඩලස්...‘ යන සද්දෙද ඇහෙන්නේ නැත. රේල් පාර අයිනේ ගෙවල් වල මිනිස්සු කෝච්චිය දිහා බලාගෙනය. දෙවන වතාවට කෝච්චියේ යන වැලයාට සෑහෙන පුරශ්නයකි.

වැලයා - ඇයි බං මේ හෙමින් යන්නේ?

රජා - මේ හොරෙන් බං යන්නේ... ගම්පහ මිනිස්සු ඇහැරෙනවට බයේ.

අපි ටිකට් ගත්තේ සෙකන්ඩ් ක්ලාස් උනාට අපේ බෑග් තිබුනේ තර්ඩ් ක්ලාස් පෙට්ටියේය. ෆුට් බෝඩ් එකේ සරණාගතයන් මෙන් වැටුන තැන නිදා ගෙන හිටි අපිට නානුඔයදී සීට් එකක් සෙට් විය. පාන්දර 5 වන විට අපි ඔහිය දුම්රිය ස්ථානයට සැපත් වීමට හැකි විය.  තිබුණු සීතල නම් පංකාදු පහය. කියන වචන කියවෙන්නෙත් නැද්ද මන්දාය. ස්ටේෂන් එක ඉස්සරහ කඩේ ගාමිණී අයියා අපේ යාළුවාය. ගිය පාර හෝර්ටන් තැන්නේ ආපු වෙලාවේ වෑන් එක සෙට් කරගත්තේ මෙයාගෙන්ය. උදේ පාන්දර කඩෙන් රොටි කා ප්ලේන්ටියක් ගැසුවෙමු.

මේ අතර සුදු ජෝඩුනවක් කඩේට සැපත් විය. ගවේෂකයටත් කට තියාගෙන ඉන්න බැරිය. සුදු අක්කා තේ බොනකං මූ සුද්දාව කතාවට අල්ල ගත්තේය. අපි නං හිතුවේ මූ ඇදගෙන නා ගනී කියලාය. මොකද මූ where are you? කියලා අහන්න ඕනේ එකට where are you from? කියලා අහන එකාය. වෙලාවට සුද්දටත් වැඩිය කඩ්ඩ බැරිය. තව ඩිංගෙන් ගවේශකයා එක්ක කඩු වනන්නට ගොස් සුද්දා සිංහලෙන් කතා කරන්නේය. 


ස්ටේෂන් එකේ වැසිකිලි වල පුරවා අවසන්ව ගාමිණී අයගේ අලුත් වෑන් එකේම හෝර්ටන් තැන්න බලා පිටත් උනෙමු. වෑන් එකනම් ගිය සැරේ වාගේ නැත. පට්ට සීට් ටිකක් හා කැසට් එකක්ද තිබුනි. පටන් ගත්තු වෙලාවේ ඉඳන් කන පැලෙන්න සින්දු අහගෙන ගියෙමු. යන අතර මග ගොන්නු දෙතුන් දෙනෙක්ද අපිට හමු විය.



ඕං යන්නයි හදන්නේ
ටෙන්ට් රෙද්ද හා අනවශ්‍ය බඩු බාහිරාදිය ඔෆිස් එකෙන් තැබූ අපිට නාන්න ඕනේ කරන කලමනා ටික උස්සාගෙන කිරිගල්පොත්තට යන පාරට හෙමින් සැරේ පිවිසුනෙමු. පුදන කොටම කාපී යකා කියන්නැහේ මොකෙක් හෝ සතෙකුගේ ඇටකටු ගොඩකි. ඒක දිහා එබී එබී බලමින් අපි ඉදිරියටම ඇදුනෙමු. කකුල් සූරන කටු පදුරු අස්සෙන් අපි ඉදිරියටම ඇදුනෙමු. තැනිතලා බිම් තීරුවක් ඔස්සේ යන අතරමග අපිට කුඩා දිය පහරක් හමුවිය. ඒ බෙලිහුල් ඔයේ ආරම්භයයි. ආපසු එද්දි මෙතනින් නාන්නට කතිකා කර ගනිමින් කන්ද සොයා ඇදුනෙමු. ටිකක් එහාට යනවිට හද්ද මහන්සියක් දැනෙන්නට විය. ගෙනාපු චොකලට් කෑමට තීරණය කළෙමු. ලොකු චොකලට් එක බැගින් එක එකා අතරේ බෙදුනේය. පොටෝ එකකකුත් ගැසුවේය. එක වරම ගවේශකයා,

අඩෝ තව දුර යන්න ඕනේ ඕක තියාගනිල්ලා.... පොඩි එක කමු...

නැවතත් පොඩි චොකලට් ටික බෙදා ගත අපි ඒවා රසවින්දෙමු. මේ අතර මම රජාගේ කට ටිකක් ඇවිස්සුනේය.

මේවට තමා බං කියන්නේ අක්කා පෙන්නලා නංගි දෙනවා කියලා....

කෑවේ පොඩි එකනේ..
චොකලට් එක කා අවසන් වූ අපි නැවතත් ගමනේ යෙදෙන්නට විය. එක වරම මැදින් ගමන් කල මාගේ දෙනෙතට අමුතු පා සටහනක් දර්ශනය විය. පූසෙකුගේ අඩියට බොහෝ සමානය. මහඑළියේ මොන පූසොද? මට ටිකෙන් ටික වැටහෙනවාත් සමගම කටහඩ එලියට පැන්නේය. 

අඩෝ...මෙන්න කොටි අඩියක්....

මට ඉරිදියෙන් ගමන් කල උන් හා පසුපසින් ආ උන් ඉද්ද ගැහුවාක් මෙන් එක තැන නතර විය.පොටෝ කිහිපයක්ද සට පට ගා වැදුනි. නැවතත් ගමන සුපුරුදු පරිදි ඇරඹුවද කට්ටිය වට පිට කැලේ දෙපස බලන ප්‍රතිශතය වැඩි අගයක් ගෙන තිබුණි. ඇතැම් විට කොටියා සෙව්වාද විය හැකිය.


කොටි අඩිය
කලින් දවස් වල වැස්සක් නොමැති වීම හේතුවෙන් ගමන් මාර්ගයේ මඩ ගතිය සෑහෙන දුරකට අඩුව තිබුනි. නමුත් ඇතැම් ස්ථාන වල අඩිය තබන විට තණකොළ අස්සෙන වතුර මතු වෙන්නේය. කන්දක් කීවාට එය ඉහලටම වූ ආනත තලයක් දිගේ යාමට තිබ්බේ නැත. අංශක 40 කෝණයෙන් ඉහලට ගොස් නැවතත් අංශක 40න් පල්ලම් බැසීමටද තිබුනේය. කඳු නගින ස්ථාන වල නම් සෑහෙන මහන්සිය. අපි ඉඳගෙන ගිමන් නිව්වෙමු. ඒ අතර ගවේෂකයාගේ පඩි ටෝකය.


මොකද්ද බන්? කෙල්ලොත් නගිනවා මේක...

හති අරිමින් කන්ද නගිමින් සිටි වැලයාට තද විය.

කෙල්ලේ නගිනවා??? කෙල්ලෝ නගිනවා අපේ ඇග උඩ...

ගවේශකයට කට උත්තර නැත. 


කන්දට දුර කිලෝ මීටර් 7යි කීවාට එය තරමක් මහන්සි ගෙන දෙන්නක් විය. අපිට ඒ ටික යාමට පැය 2කට ආසන්න කාලයක් ගත වී තිබුණි. 

හෙමින් හෙමින් ගාටමින් කන්ද උඩට පැමිණියෙමු. තව චුට්ටක් ඉදිරියට යාමට ඇත. ඒ වන විට පහල කිසිම දෙයක් පෙනුනේ නැත. දැඩි මීදුම් සහිත කාලගුණයක් විය. අපි ටික වෙලාවක් එතන රැදී සිටියෙමු. වැඩේ හරියන්නේ නැත. අඩු වෙන පාටක් නැත. කන්ද මුදුනටම යන්නට හැරුනෙමු. වැලයට යන්න බයයි යැයි කන් කෙදිරි ගන්නට විය. බොරු මොකටද මමත් හිටියේ බයෙන්ය. අඩියක් පමණ වූ ඒ අඩි පාර දිගේ යාමට තිබුණි. එහා පැත්තේ හෙළය. දල බෑවුමය. බැරි වෙලා හෝ කකුල ලෙස්සා වැටුනා නම් මේ ලිපිය ලියන වෙලාවෙත් අපි තාම පහලට වෙටෙන්නේය.

වැටුනනං තාම වැටෙනවා
කැලේ පැත්තට බර වෙමින් සිහින් බිම් තීරුව තරණය කළෙමු. අයියෝ කිරි ගලය. කැලේ මැද්දෙන් පාරක් තියෙන්නේය. මම රජා ආපසු කැලේ පාරෙන් වැලයා ඉන්න තැනට ගොස් ඌවද කැන්දාගෙන කන්දේ මුදුනටම ගියේය. මුදුනේ තිබුනේ පොඩි පිට්ටනියක්ය. වට පිටාව හරි ලස්සනට පෙනෙන්නේය. 

ටික වෙලාවක් සිටින විට මිදුම සම්පුර්ණයෙන් පහව ගියේය. මුළු පළාතම පෙන්නේනට ගත්තේය. පාරසරික සුන්දරත්වය පොටෝ වලට එක පිට එක නැගෙන්නට විය. අහස නිල පාටින් බබලන්නට විය. එත් සමගම රොකට් එකක් ඇදී ගියේය, වෙනදාට වඩා ලගින්ය. මොකද අපි දැන් ඉන්නේ ලංකාවේ දෙවනියට උසම කන්දේය. රොකට්ටුව අහසේ ඇඳි සුදු ඉරෙන් අහස දෙබෑ විය. 

කිරිගල්පොත්ත කන්ද මුදූනෙම
ගහන්න පුළුවන් හැම විදිහකටම වගේ පොටෝ ගැසූ අපි නැවත ප්‍රදාන ගේට්ටුව කරා ඇදුනෙමු. මං රජාට අතිශය දරුණු බෝකක් සෙට් විය. ඇත්තම කියන්නෙමි. අනිත් උන්ට හැමදාම මඩ ගහන එකත් හරි නැත. මෙදා සැරේ මට මඩ ගැසිය හැකි පොටෝ උන් ගාවය. බොහොම අමාරුවෙන් බෙලිහුල් ඔය ලඟට ආවෙමි. අනිත් උන් නාන්න ලෑස්ති වෙනකන් මම මල් ගහකට පොහොර ටිකක් දමා ආවෙමි. හම්මේ දැනුනු සනීපෙ නම් පංකාදු පහය. 

දනිස්ස ගාවට වතුර තිබූ වලේ බුදියගෙන අපි නෑවෙමු. එකක් නං ටක්කෙටම සුවර්ය. ඒ වලේ වතුර ෆ්රිජ් එකේ වතුර වලට වඩා ලොවෙත් සීතලය. තිබ්බ මහන්සිය කොහෙන් ගියාද නැත. වෙඩි තිබ්බ ගෝන රැලක් මෙන් අපි කෙලින්ම පිවිසුම් දොරටුවට පියමැන්නෙමු. 


කුඩාරම ඇටවීම සදහා කදවුරු බිම 3 බලා අපි ගියෙමු. චිමිනි පොකුණ ආසන්නයේම එය පිහිටා තිබුණි. පට්ට පො එකක්ය. වටේටම කඳු පන්තියය. පැත්තකින් පොකුණය. පිටිපස්සෙන් වැසිකිලියය. හෙමින් හෙමින් කුඩාරම දිග ඇරගෙන අටවන්න පටන් ගත්තෙමු. ගවේශකයා වැඩකරු වගේ ඒක උස්සන් ආවාට හරියක් ෆික්ස් කරගන්න ඌද දන්නෙ නැත. කුනුම කුණු ගේමක් දී කුඩාරම අටවා ගත්තෙමු. එක වරක හුළගට කුඩාරමේ යකඩ බට කඩාගෙන ගියේය. නැවතත් මුල ඉඳන් හැදුවෙමු. මෙවර ගහකට මුවා කර කුඩාරම ගැසුවේ හුලගෙන් බේරෙන්නය. 


කූඩාරම් කෑල්ල
හැමෝටම වගේ බොක සෙට්ව තිබුනේය. තිබ්බ වැසිකිලියටත් වතුර පහසුකම් නැත. වතුර ගත්තේ චිමිනි පොකුණෙන්ය. ඒ මදිවට වතුර බහින්නෙත් නැත. වැලයා පලමුව ගියේය.

අඩෝ වතුර බහින්නේ නෑ බං...

නිශා - සිරාවට??? එහෙනං මම මේක පිටිපස්සට යනවා. උඹලා එන්න එහෙම නෑ..

රජා - මම දකුණු පැත්තේ.. ඕං ඒක බුක් ඈ

පැත්තෙන් කීවට පැත්තකට යන්න සිත දුන්නේ නැත. ඇස් දෙක වහගෙන ගිහින් උඩින් දමා ආවෙමි. ඒ මදිවට අරං ආපු වතුර එකේ මාළු පැටියෙක්ය. හුලං පාරේ සැරට ලැට් එකේ දොර වැහෙන්නෙත් නැත. හෝද ගත්තේ මාරුවෙන් මාරුවටය. තත්පරයක් දොර වහනවා. තත්පරයක් හෝදනවා.




ක්‍රමයෙන් රාත්‍රිය උදාවිය. සීතලද එන්න එන්නම වැඩි වෙන්නේය. අපි පාන් එක්ක බටර් කා නින්දට වැටුනෙමු. මල හත්තිලව්වය... හුළගේ දිශාව වෙනස් වී ඇත. දැන් හුලං එන්නේ අනිත් පැත්තෙන්ය කුඩාරමට හුලන් බදන්නේය. හුළගට යන්න ඔන්න මෙන්නය. ඒ අස්සේ වහින්නේය. ටෙන්ට් රෙද්ද තෙත බරිත් වී ඇතුලට වතුර ලීක් වෙන්න ගත්තේය. එක වරම හුලග නවතින්නේය. නැවත හොල්මනක් මෙන් සද්ද කරගෙන අපේ කුඩාරම විසි කරන්නට ආවේය. සිහින් එළියකින් කුඩාරම ඇතුලේ සීතලට ගුලි වෙමින්, හුළගට යන්න නොදී මේ අටමගලය අල්ල ගෙන සිටි අපේ හිත් වලට බයක් දැනී තිබුනේය, එක එකා ඒවා කියන්නේ උදේ එලිය වැටුනාට පසුවය.


මම රජා, නාඔටුවා - අඩෝ මම හිතුවේ ගෝන්නු ඇවිල්ල කුඩාරම වටේ කැරකෙනවා කියල බං. ඇයි යකෝ බලපන්කො ආපු සද්ද.

ගවේශකයා, වැලයා - අපි හිතුවේ කොටියෙක් ඇවිල්ල ටෙන්ට් එක සුරනවා කියල යකෝ...


නිශාන් - ඌ මොකුත් කිව්වේ නැත. අපි වැස්සේ කුඩාරම අල්ලන් සිටියේය. මූ හෙන සද්දෙට ගොරෝ ගොරෝ සැපට නිදිය. උගේ සද්දෙට වැරදිලා හරි ආපු කොටියෙක් හිටියනම් ඌ ලොවෙත් බය වෙනවාය. 



තැන තැනින් එකතු කලාම පැයක පමණ නින්දකින් පසුව අපි උදේ අවදි උනෙමු. අපේ අදහස උනේ ලෝකාන්තය නන්පේරියල් හරහා බෙලිහුල්ඔයට බැසීමටය. පාර තහනම් කර ඇත. අපි හතර දෙනාගේ දැඩි අකමැත්ත ඊට ප්‍රකාශ විය. ගවේශකයා දනින් වැටී යදින්නට විය. සියලු වගකීම් ඌ භාර ගන්නවා කියන පොරොන්දුව මත හා උගේ දුක ඉවසන්න බැරීම තැන අපි ලෝකාන්තය බලා පිටත් උනෙමු. 


ඕ යෑහ්...!!!


නන්පෙරියල් ගමන කොහොමද?

අපිව වන ජීවී එකට අහු වෙයිද?

උන් අපිට දඩ ගහයිද?

ශේප් කර ගන්න පුළුවන් වෙයිද?

අපිට කැලේ ඇතුලේ පාර වැරදෙයිද?



ගමනේ දෙවැනි දවස තව ටික දවසකින්

දෙවනි දවස මෙතනින්


පළමු දවසේ අතිශය සම්භාව්‍ය, පාරසරික සුන්දරත්වය රැගත් පොටෝ ඇල්බමය මෙතනින්...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Monday, September 17, 2012

අන්ඩර දෙමළ | Andara Tamil

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
னக
கபாத
னபகப
பாதமதம
னகபபமடட
பலரழைசந
ஙறநநசவசவலரரழை
ணஒஉஎஇதம்டபகஒஉஎஇபகா
னளபபகபாமாதடடை்டடடைடாதரத
யளனளனபபகாதபாமாதடதம்ழிழரனகபபாதர
ஙறநநறவனளகபலரலரழைடமதபாதஇஉஒஇஎஎாத

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

ප/ලි: මෙය කිසිසේත්ම දෙමළ භාෂාවට කල අගෞරවයක් නොවේය.

Monday, September 10, 2012

කැෆේ ගිහින් අතේ මාට්ටු


වර්ෂය 2007 අග භාගයය. මේ දවස් වල ඉන්ටර්නෙට් කැෆේ මේනියාව විශාල ලෙස රට පුරා අධි ධාවන වේගයකින් පැතිරෙමින් තිබුනේය. ඒ දවස් වල අපි හිටියේ 11 වසරේය. හා හා පුර කියා කැෆේ එකකට රිංගුවේ මේ කාලයේය. මාව මේ අටමගලයක් අස්සට ඇදගෙන යාමේ ගෞරවය හිමිවන්නේ 6 වසරේ ඉඳන් අපේ පන්තියේ සිටි X ටය. උගේ ගෙදරට අපේ ගෙදර ඉඳන් වැඩි දුරක් නැත. තනි හුවයි බල්ටි හතර පහක දුරය. එනම් මීරිගම පැත්තේය. උගේ චරිතයට හානි වන බැවින් නම නොකියමි. ගම්පහ යනු මන් රජා වැලි කැටයක් නෑර දන්නා නගර වලින් එකකි. මේ පාර කොහෙටද, වැටෙන්නේ කොහෙන්ද, හුවක් කිව්වම හුව වැදිලා පරාවර්තනය වෙන්නේ මොන බිල්ඩින්ග් වලින්ද, මේ කඩෙන් කාපුවාම බඩ යනවද, ආයේ ඕනේ ඒකක්ය. 

ඒ සා.පෙට කලින් වාර විභාගේ දවසය. 8ට පටන් ගන්න පලවෙනි පෙපර් එක 10.30 වෙනකොට ඉවරය. වෑන් එක එන්නේ 2ටය. කරන්න දේකුත් නැත. X මාවත් ඇදගෙන සණස අලුත් බිල්ඩින්ග් එකේ කැෆේ එකකට බඩ ගෑවේය. එය මගේ පළමු කැෆේ සංචාරය විය. කලින් ඕවා ගානේ රිංගන්න ගියේ නැත්තේ මං රජා යනු ලැජ්ජා බයට හැදුනු කොල්ලෙක් නිසාවෙන්ය. 

එදායින් පසු එදහිට ඕකට මමත් ගියේය. තනියෙන් නෙවේය. X සමගය.
සාපේ ඉවර වීමත් සමග ඌපෙ පන්ති පටන් ගත්තේය. වෙන කරන්න වැඩකුත් නැති එකේ නිකමට මෙන් ඒවාටද ගියෙමු. මතකේ හැටියට එදා දුෂ්‍යන්ත සර්ගේ හෝ රාජකරුණා සර්ගේ පන්තියක්ය. 2ට ක්ලාස් එක ඉවරය. X ට කැෆේ එකට යන්නට පුදුම හදිස්සියක් හටගැනුනි. එක්කෝ හින්දි නිළියන්ගේ පින්තුර බාන්න හෝ කඩ්ඩ සින්දු බාන්නටය. මමයි තව තුන්දෙනෙක් ඇදගෙන ඌ සණස බිල්ඩින්ග් එක ලඟට ආවේය. ඔරියන්ටල් එකේ ඉඳන් ගාට ගාට වතුර මල හන්දියට ආවෙමු. අපිත් ඌට බැන බැන හෙමින් හෙමින් පස්සේන ගියෙමු. යන අතර මගදී X ගේ අම්මගෙන් කෝල් එකක් ආවේය. ඇතැම් විට උගේ අම්මා මෙසේ අසන්නට ඇත. 

පන්ති ඉවරද? ඉක්මනට එන්ඩ...

X ගේ පිලිතුරනම් අපිට ඇසුනි.

ආ... අම්මේ අපි මේ කැෆේ එකකට යනවා. එන්න චුට්ටක් පරක්කු වෙයි.

රජත් සමග පිටුපසින් පැමිණි උන් මූනට මූණ බල ගත්තේය. අනිත් උන්ට කෙසේ වෙතත් මං රජාට  නං චූචු බරක් හැදුනේය. ඕවා අස්සේ රිංගල මට අහුවෙන්න එපා ඔන්න. මව්තුමියගේ රුද්‍ර කට හඩ මට සිහි විය. උඹ කකුල් දෙකටම කලිසම ඇන්ඳට තාම පොඩී හරිද. වයසේ තරමට වැඩ කරපන්.

මිනිහා ගිය වැඩේ කරගෙන එනකන් අපි සණස ඉස්සරහට වී අව්වේ කට්ට කමින් සිටියෙමු. පැය ගානක් ගත විය. මූ තාම නැත. බැරිම තැන කෝල් කරලා එලියට ගෙන්න ගත්තෙමු. අද නම් මගේ බබා අඩු වයසෙන්ම හම්බෙන බව මට කලින්ම සනාථ විය. එදා වෙලාවට පොන් එකත් මම ගෙදර දාලා ඇවිල්ලා තිබුනේය. 2ට පන්ති ඇරුනාම පොතේ හැටියට රජා 4 වෙනකොට ගෙදර ඉන්නට ඕනෙය. එහෙන් මෙහෙන් පරක්කු වෙවී ගෙදර යනකොට වෙලාව 7ටත් කිට්ටුය. 

මිගමුව කුරුනෑගල ප්‍රධාන මාර්ගයෙන් පැත්තකට විහිදී ගිය ආනත බිම් තීරුව ඔස්සේ මම ගෙදෙට්ට ඇතුළු වීමේ දොරටුව සොයා ගෙන ගියෙමි. කිසිම හැල හොල්මනක් නැත. මහා කුණාටුවකට අර අදින කාන්තාරයක ඇති නිහඩ බව මට දැනුනි. තමන්ගේ හුස්ම, තමන්ට ඇහෙන තරම් කරුමයක්? හිත හදාගෙන හෙමිහිට දොර ඇරියෙමි. දෙපා පණ නැති විය. ඇස් උඩ ගියේය. අම්ම යක්ෂ වෙස් ගෙන දොර කෙලින්ම තිබු හාන්සි පුටුවේ හිදගෙනය. අහිංසක බලු කුක්කෙකුගේ වෙස් ගත මම හොරැහින් බලමින් බිම බලාගෙනම කාමරයට යන්නට හැරුනේය.

ඔහොම ඉන්නවා. අම්මාගේ වේගවත් හඩ අවදි උනේය.

ඉද්ද ගැහුවක් මෙන් රජා අඩියයි අඩියේ ටයිල් කැටයක් උඩ නිසොල්මනේය.

මොකද මෙච්චර පරක්කු? කොහෙද ගියේ?

බොරු කීමෙන් පලක් නැති බව මම දැනගෙන හිටියේය. අනිවා අපේ අම්ම ෂ් ගේ අම්මාට කෝල් කරන බව මම දැනගෙන හිටියේය. 

අර අරු එක්ක පොඩි ගමනක් ගිය අප්පා. කොහෙද ඌටත් වෙන වැඩ නැනේ. හරි නැනේ ඉතින් පොඩ්ඩක් ගිහින් ආවා.

ආ..... කට්ටිය එක්ක ගිහින් කොපි බිව්වද?

හෑ? කොපි? මාව මඤ්ඤං උනේය.

මට X ගේ අම්ම කිව්වා කට්ටිය කෝපි බොන්න කැෆේ ගිහින් කියලා. පුතේ මේ... X එයාගේ අම්ම තැම්බුවට උඹට බෑ මාව තම්බන්න. මම එයාට කියල දුන්න කැෆේ එකේ ගිහින් කෝපි බොන හැටි. ඔය පත්තර වල එහෙම තියෙන්නේ. 

X ටත් ගෙදර ගිහාම කෙළවෙන ලයින් එකට අපේ මව්තුමිය ගේම ඇද තිබුණි. අම්ම හෙමිහිට ලගට පැමිණ කනෙන් අල්ලාගත්තාය. 

මට රජ සීයාගේ දඩුවම් ක්‍රම එකින් එක සිහියට නැගෙන්නට විය. ඒවා වැඩිපුර දුන්නේ ඉස්සර අපේ මහ ගෙදර බල්ලන්ට හා පුසන්ටය. උන් ගේ ඇතුලේ හෝ සීයාගේ ඇදුම් උඩ චූ හෝ කක්කා කර තිබුනොත් මේ දඩුවමට අනිවා ලක් වෙනවාමය. උගේ බෙල්ලෙන් අල්ල ගන්නා ඔහු ඌ කගහද්දී ඇදගෙන ගොස් චු ගොඩේ හෝ කක්කි ගොඩේ උගේ මූණ තදින් අතුල්ලන්නේය. තෝ ආයේ මෙතන මෙහෙම කරනවද? වයසක අයගේ භාෂාවත් හෙන ආතල්ය. තෝ ආයේ මෙතන *ජ්ජ කරනවද? ගූ දානවද? ඔය වෙලාවට බට්ටා රජත් කට ඇරගෙන හිනා වෙවී ඕක දිහා බලාගෙනය. බල්ලෙක් නං නැ..හි නැහි නැහි යනුවෙන්ද පූසෙකි නම් නැඤෑව්..... නැඤෑ....ව් යනුවෙන්ද පිළිතුර ලැබෙන්නේය. අනේ අතින් ආයේ කවදාවත් ඒකා ගේ ඇතුලේ උගේ ශරීර කෘත්‍ය මලත් කරන්නේ නම් නැත. 

මේ හා සමාන දඩුවමක් ලැබෙන බව මටත් ඉවෙන් මෙන් තේරුනේය. ආයේ ඕව අස්සේ රිංගන්න යනවද? ඇහෙනවත් සමගම ක්‍රිස් ගේල්ගේ බැට් එක හා සමාන මව්තුමියගේ ශ්‍රී හස්තය මගේ බැක්වුඩ් පොයින්ට් කලාපය හරහා දැවැන්ත හයේ පහරකට ඇදී ගියේය. ලෝන්ග් ඕන් ලෝන්ග් ඕෆ් කලාප හරහා ඇදුනු හතරේ පහරවල් බෞන්ඩ්‍රි රෝප් එකේ වැඩි උඩ විසි වී කෙලින්ම බඩේ වැදුනි. විනිසුරුගේ හිසට මදක් ඉහලින් එල්ල කල ස්ට්‍රේට්‍ හයේ පහර කෙලින්ම කනේය. පිටිය පුරා දුවමින් පන්දු රැකීමේ නිරත වූ මං රජාගේ සමේ රතු පැහැ පැල්ලම්ය. බැට් එකයි බොලේයි ඇගේ වැදිලා හරි අමාරුය. 

ආයේ යනවද?

අනේ නැතෝඕඕඕඕඕඕ.......

වෙලාවට මෙන් ඔවරේ ඉවර වීම නිසා ස්ට්‍රැටෙජික් ටයිම් අවුට් එක ලැබුණි. 

අපේ මව්තුමියගේ තදබල ප්‍රකාශ හේතුවෙන් ෂ් ගේ අම්මාද කුපිත වී ඌට හොඳවයින් දෙසා තිබුණි. පහුවෙනිදා ඉඳන් මූ වැඩිය මාත් එක්ක කතා කලේද නැත. මූනත් හරියට බැලුවේ නැද්ද මන්දාය. ඉස්කෝලේ උන් එක එක කතා හැදුවේය. අන්න අරුං දෙන්න තරහ වෙලා. මාස ගානක්ම යනකම්ම ඌව පවා දුන්නා වගේ හැගීමක් මගේ හිතේ තිබුනේය.  කෙසේ හෝ කාලයත් සමග හිත අමනාප පහව ගිහින්ය.  ඌ තාමත් මගේ බොක්කක්ය. කතාව මතක් උනේ මීරිගම ස්ටේෂන් එකේ කෝච්චියක් එනකන් හොර ගල් අහුල අහුල ඉද්දි ඌව සෙට් උන වේලාවේදීය. 

එදායින් පස්සේ මම කවදාවත් කැෆේ එකක් ලගින්වත් ගියේ නැත. මේ වෙන තෙක් ගියේ නැත. ආ... ඊයේ පෙරේදා බෝඩිමට හැලපේ ගෙනියන්න බැරි වෙලා එසයිමන්ට් එකකට කරුණු වගයක් හොයන්න ගල්කිස්සේ එකකට ගියා. හැබැයි ඒකත් Communication එකක්. තිබ්බෙත් මැෂින් දෙකයි.  :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!