Friday, August 31, 2012

ලක්සෙට කොඩි දාමු - අපි වෙනස් වෙමු

කිසිදු අරමුණකින් තොරව 2012 ජනවාරි මස 20 වෙනිදා  තහනම් අඩවිය නමින් බ්ලොගයක් සයිබර් අවකාශයේ සුළු ඉඩක් වෙන් කර ගත්තේ මගේ අමිහිරි බූට් කතාව මතක හිටින්නට සටහනක් තැබීමටය. ඊට කැම්පස් එකේ උන්ගෙන් ලැබුනේ නොමසුරු ප්‍රතිචාරයක්ය. පාසලේ මිතුරොත් ඊට කමෙන්ට් වලින් දායක වූහ. බ්ලොග් අවකාශයේ කිහිපදෙනෙක්ම එහිදී මට සහය ලබා දුන්නෝය. නම් වශයෙන් නොකියන්නේ එකෙක් හෝ මග හැරීම සුදුසු නොවන බැවින්ය. ඇයට ස්තූති වන්නට මට මේ බ්ලොග් කෙරුවාවෙන් හමුවූ මිතුරන් බොහෝය. 

මම මුල සිටම බ්ලොග් ලෝලියෙක් නොවීමි. නමුත් මම ලියූ දෙය බලන පිරිස දුටු විට අමුතුම හැගීමක් මට දැනෙන්නට විය. තව පෝස්ටුවක් ලිව්වෙමි. තවත් කික්ය. දිගටම අල්ලගෙන ආවෙමි. කලින් 100ක් 200ක් බැලූ මේ අඩවිය දැන් දිනකට 500-1000-2000ත් අතර ප්‍රමාණයක් බලන තත්වයට පත් වූයෙ ඔබේ වරදින්ය. 2012 හේ අගෝස්තු මස 30 වන දින උදෑසන 11.30ට අඩවිය ප්‍රවේශ වාර ලක්ෂය ගැසුවේය. ඒ මෙය පටන් ගෙන දින 225 වැනි කෙටි කාලයක වීම මට මහත් ආඩම්බරයක්ය. මන්ද මෙය තාක්ෂණික අඩවියක් නොවන බැවින්ය.


ලෝකය පුරා විසිරී සිටින සහෝදර සිංහල ජනතාව අපිට දිරි දුන්නේය. එක හිට් එකකින් අපිව දිරිමත් කලෝය. ඔවුන් මට හිතින් බනිමින් හෝ මෙය කියෙව්වෝය. හිනාඋනෝය. ඒ මට ඇතිය. 


මේ රටවලට අමතරව රුසියාව, බංගලාදේශය, කැනඩාව, මාලදිවයින, ඉන්න මිතුරනුත් ආදරයෙන් මතක් කරමි.

ඇත්තෙන්ම මේ අඩවියේ ඉගෙනගන්න, ජීවිතයට ගන්න කිසිම දෙයක් නැත. ඇත්තේ මට අපිට සිදුවූ ගුජුප්සාජනක සිදුවීම් පෙලක්ය. වැඩියෙන්ම හිට් වෙන්නේද එවැනි පෝස්ට්ය.


සියලුම සින්ඩි වලට මාගෙ උත්තමාචාරය පිරිනමන අතරම මේ ටික කාලෙට අපිට මඩ ගැසූවෝ මෙන්ම මල් ගැසූවෝද එක සිතින් අගය කරමි. (දකුණු පස තීරයේ සියළු මල් හා මඩ ඇත)


හිට්ස් ලක්ෂඨත් සමග බ්ලොග් අවකාශයේ යම් ප්‍රමාණයක ප්‍රගතියක් ලබාගත් අඩවියක් වශයෙන් අපි වෙනස් වන්නෙමු. දකුණු අත දිගුකර  මෙසේ ප්‍රතිඥා දෙන්නෙමු. අපි මින් ඉදිරියට සම්භාව්‍ය වන්නෙමු. පැපරාසිය අත්හරින්නෙමු. ගැහුවත් උඹලට නොපෙන්වන්වෙමු. රජාගේ මිතුරන්ගේ පමණක් පොටෝ දාන්නෙමු. ඉදහිට ආතල් දෙන්නෙමු. සභ්‍ය මනුස්සයකුට කියවිය හැකි මට්ටමට අඩවිය ගෙන එන්නෙමු.

යන ගමන් මේකත් බලාගෙනම යන්න. ලස්සන සින්දුව. ෆිල්ම් එකේ ඔර්ජිනල් විඩියෝවත් තියනවා. ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා. මං රජා ආසම පාට් එක තමා කාලය හොද උන දා නරක දසා පාවෙලා...රෝදය කැරකෙනවා හිත හොද තැන් බල බලා... :)

මෙතෙක් කල් අප හා රැදී සිටි ඔබ සැමට, කමෙන්ට් දුන් නුදුන් සැමට ස්තූති කරමින් නැවතත් මෙහි එන්නට මෙසේ කියන්නෙමු,

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

ප/ලි : අළුත් ඇදුමයි මූණයි අවුලක් නෑ නෙහ්?

Thursday, August 30, 2012

දඩුමොණරය සොයා තොටුපල කන්ද බඩගෑවෙමු

මෙවර කණ්ඩායම ටිකක් ලොකුය. සාමාජිකයෝ  8 දෙනෙක් වුහ. සුපුරුදු පරිදි කොටුව දුම්රිය ස්ථානයට  රැස්උ‍නෙමු. අපි කොහේ ගියත් යන්නේ නයිට් මේල් එකේ බව දන්නෝ දනිති. මෙවර නම් එදා ගලබොඩ ගියා වගේ මගදී අයියලා සෙට් උනේ නැත. අපි නිදහසේ කයියක් ගහගෙන ගියෙමු. කෝච්චියේ සෙනග එන්න එන්නම අඩු උනේය. ඒ වන විට අපි සිටියේ නානුඔය දුම්රිය ස්ථානයේය. තිබුනේ පුදුම සීතලක්ය. දත් ටික එකට පූට්ටු වෙන්නේය. හද්ද සීතලේ එලියට බැස්සෙමු. අපිත් එක්ක රජාගේ ගෙට ඉස්සරහ ඔටු අයිය අපිත් එක්ක ට්‍රිප් එක ගියේය. ඌ කොච්චි පිස්සෙක්ය. නොහදුනන එකෙක් නැත. උගේ මාර්ගයෙන් අපිට කෝච්චි එන්ජිමේ යාමේ භාග්‍යය උදා විය. කොහොමින් කොහොම හරි අපි පට්ටිපොළ දුම්රිය ස්ථානයට ආවෙමු. වෙලාව මහා පාන්දර 2-3 අතර විය. එලිය වටෙන් තුරු විවේකාගාරය තුලට වී ඕමි ගැසුවෙමු. පොඩි ඇලට් එකක් දැම්මෙමු. ඒ වෙලාවේ තිබුන සීතල නම් පංකාදුය. වැසිකිලියට ගොස් හරියට හෝදා ගන්නවත් බැරිය. වතුර ගෑවෙනකොට පස්ස වදින්නේ වහලේය. 

පට්ටිපොල අපේ සෙට් එක
යන්තමින් එලිය වැටීගෙන එන විට අපි රේල් පාර දිගේ ඉහලට ඇවිද ගියෙමු. ඒ ලංකාවේ දුම්රිය මගේ උසම තැන නැරඹීම සඳහාය. උසම තැන චූචු පාරක් එහෙම දමා නැවත දුම්රිය පොලට එන්නට හැරුනෙමු. මේ වන විට බඩ පනුවෝ අඛන්ඩ වැඩ වර්ජනයේය. ස්ටේශමට එහා පැත්තේ පාර දිගේ කඩයක් සොයමින් ඇවිද ගියෙමු. වෙලාව උදේ 6 ට පමණය. වෙලාවට කඩ ඇරලා තිබුනේය. ලුණු මිරිස් සමග රොටි ඕඩර් කළෙමු. අපි නොදන්න ලුණු මිරිස්.... ගෙදර කනවා වගේ තලි තලි ගාගෙන කවෙමු. වැඩි වෙලාවක් ගියේ නැත. මේසය උඩ තිබූ වතුර බාජන ක්ෂණිකව හිස් උනේය. සූස් බූස් හඩවල් කඩය පුරා පැතිරුනේය. කටින් දුම දාන්න පටන් ගත්තේය. 

උසම ස්ථානයේ චූ කිරීම
රොටි 20කට 25කට වගකීමෙන් අනතුරුව කඩයෙන් එලියට ආවෙමු. පහලට විහිදුනු පාරක් දිගේ හෝටන් තැන්න සොයා අපි ගමන් කළෙමු. ඔක්කොටම වඩා අමාරු උනේ ඒ ගමනය. කිලෝමිටර 10ක් පමණ වංගු සහිත කඳු මාර්ගයක් දිගේ ඇවිද ගියෙමු. ලොවෙත් හති යායය. රජා, ගවේෂක, ඔටුවා හා මුරු මල්ලි ඉදිරියෙන් ගමන් කල අතර අලි පැටියා, දුලියා, ආශා සමග මුරුවා හෙමින් හෙමින් පිටුපසින් පැමිණියෝය. ඔවුන් හති අරින අතර තුර ලංකාවට අවේනික කුජීත සුදු වන අලින්ගේ ඡායාරුපද වැදී තිබුණි.

හෝර්ටන් තැන්නේ සුදු අලි
ෙරජා ඇතුළු පිරිය රාවණා අයියාව හොයාගෙන තොටුපල කන්ද නගිනතුරු දුලියා, අලියා ඇතුළු පිරිස ප්‍රධාන ගේට්ටුව සොයා ගියෝය. අපි හතර දෙනා පැයක් ලෙස සදහන් කර තිබු කන්ද විනාඩි 25න් නැග්ගෙමු. තොටුපල කන්ද උඩට හරි ලස්සනට හෝර්ටන් තැන්න පෙනෙන්නේය. ඒක උඩ මොකද්ද කණුවකි. එකටත් නැග බැලුවෙමු. හරිම අලංකාරය.

කණුවට නැගීම
හති දාගෙන කන්ද බැහැගෙන එන අපිට මගදී ගෝනෙක් හමු විය. ගිය ආත්මේ අපේම යාළුවෙක්ද වග සැකය. ඌ මග යන වන වලට හොම්බ දාමින් කන්න දේවල් ඉල්ලනේය. අපි ළඟ රටඉදි පැකට් එකක් තිබුනේය. මුළු පැකට් එකම අපි ඌට කැව්වෙමු. ඌත් ලෝබ නැතුව කාගෙන කාගෙන ගියේ අපිට පින් දෙමින්ය. ඌට ටටා කිව් අපි නැවත අපේ අනිත් සෙට් එක සොයා ගියෙමු. 

රටඉදි කවන රජ
දැඩි පරික්ෂා කිරීම් මද්‍යයේ අපි හොර්ටන් තැන්නට ඇතුල් උනෙමු.  මෙතෙක් ජීවිතයේ වැරදී ගිය එකම පැපරාසි ඡායාරුපය ගැනුනේ මෙතනය. කිරි කැටේට සිටි ගෑණු ලමයා කැමරාවට මිස්විය. මුළු ට්‍රිපෙන්ම වැඩක් නෑ හා සමානය.
වැරදුනු කුරුමානම.. කෑල්ල මිස්ය
අපි කෙලින්ම ලෝකාන්තය සොයා ඇවිද ගියෙමු. එතනත් හැකි පමණ පීචන් වී ඒ ලඟට ගියේ ඩෙවොන් අල්ල සොයාගෙනය. මේ වන විට වැසි ඇදහැලෙමින් තිබුණි. කුඩ ඉහලාගෙන ඉටි රෙදි පොරෝගෙන අපි ඇවිද ගියෙමු. හොඳට පාර තියෙද්දී මොකද්දෝ හද්ද භයානක ලෙස්සන සුළු කැත පාරක අපි බේකර්ස් ඇල්ලට බැස්සෙමු. මේ අතර අපිත් එක්ක පිටුමපසින් ආ අපේ අලි පැටිය මිස් වෙලා තිබුනේය. ඌ ආගිය අතක් නැත. ගවේෂකට දෙලෝ රත් විය. මූ තනියම කිලෝමීටර් ගානක් දිව ගියේය. මගදී හෙන පජාත සිද්දියකට මුහුණ දීලාය. මේ ඌ පවසන ආකාරයට උගේ කතාවය. 

වැස්සෙන් බේරීමේ උපක්‍රම
මචන් මම අලියව හොයාගෙන ගියා. මගදී හම්බුනා මුස්ලිම් සෙට් එකක්. මම කඩ්ඩ වනල ඇහුවා උස මහත සුදු එකේක් යනවා දැක්කද කියලා. එතන හිටපු මුස්ලිම් කෙල්ලක් කිව්වා ආ මම කඩ්ඩ දන්නවා කියලා. එත් එතන හිටපු එකේක් පැනලා කියපි යූ ගෝ යූ ගෝ කියලා. මට මල පැන්නා මචන්. මම කිව්වා මචන් දන්නා ඔක්කොම කුණුහරප ටික දාලා... යූ ෆකින් මුස්ලිම්ස්.. කියල පටන් අරං දීලා ඇද්ද කොර වෙන්න. මිනිහ කට අරන් බලන් හිටියා, මම ගුටි කන්න බැරි හින්ද බැනගෙනම ශේප් එකේ දුවගෙන ගියා අරෑව හොයාගෙන.

අපි සෙට් එකත් මේ වන විට වැනි වැනී පිටුපසින් ප්‍රධාන ගේට්ටුව ලඟට ආවෙමු. ඒ වන විට තඩියා එතනට ඇවිල්ලා සිටියේය. ඌට සභ්‍ය වූ වචන වලින් ඇමතීමෙන් අනතුරුව උගේ අතේම තිබ්බ රොටියෙන් කෑලි කඩාගෙන කෑවෙමු. ඒ අස්සේ කොපි කෝප්පයක් ගැසුවෙමු. 

ඇවිදලා ඉවර වෙලා
මේ වන විට ගවේෂක කතා කර තිබු වෑන එකක් ගේට් එක ලගට පැමිණ තිබුණි. ඉතාමත් අනර්ඝ තත්වයේ තිබු එය කොයි මොහොතක හෝ කෑලි වෙන වෙනම ගැලවී වැටීමේ අවදානමක තිබුනේය. නැතහොත් සීට් එක ලග තිබු පෙට්‍රල් බෝතලය පුපුරා යන්නට ඉඩ තිබුණි. හවස් යාමයේ තැන්නෙන් එලියට එන ගෝන රංචු බලමින් අපි ඔහිය දුම්රිය ස්ථානයට ආවෙමු. දුම්රිය එන තුරු ඉන්න තැනක් තිබ්බේ නැත. හොඳ වෙලාවට වෑන එකේ අයියාගේ හෝටලේ එතනම ඉස්සරහාය. පොර ඒකේ කාමරයක් අපිට නොමිලේ ලබා දුන්නේය. අපි රෑ වෙනකන් ඒකට වී සිටියෙමු. සමහරු නිදා ගෙන සිටියේය. ඒ අතර සිදුවූ හද සසල කරන ගුජුප්සාජනක සිද්දිය උනේ අලි පැට්ටාටය. ඌ හීනයක් දැක අත කලිසම අස්සට ගියේය. ඒත් සමගම කැමරා කිහිපයක් අකුණු ගසන්නාක් මෙන් සට පට ගා දැල්වුනේය. 


හා...හා...පැටියෝ අත...
අපිට කාමරයක් දීමේ මහා පුණ්‍ය කර්මය වෙමුවෙන් අපි උගේ කඩෙන් රෑට රොටි කා ඌව පොහොසත් කිරීමට ගියෙමු. රොටි ටිකනම් පංකාදුය. ලුනුමිරිසත් පැනීම පැණි රසය. තක්කාලි, ලුණු දා සාදා තිබු බැවින් අහුරු  පිටින් කෑවෙමු. උදේ කෑව එකට හපන් විය. ටිකෙන් ටිකේ දිව රත් විය. කදුළු ගලන්නට විය. සුස් ගෑමේ වීර්යට තව ටිකෙන් ඔහිය ස්ටේසන් එක හුළගට ඇවිත් කට ඇතුලේය. රොටි වල බිල ගෙවිමෙන් අනතුරුව අපි ස්ටේෂමට ආවෙමු,. ටික වෙලාවකින් කෝච්චිය ආවේය. ඔහියට සමු දෙමින් අපි නැවතත පොල්ගහවෙල දක්වා පැමිණ නැවත කොටන කෝච්චියකින් මිරීගමට ආවෙමු. අපේ අනිත් උන් කලින් දුම්රියේම කොලඹතෙක් ගියෝය. තවත් ලොවෙත් නැති මතක හිටින ට්‍රිප් එකක් එසේ නිමාවට පත් විය. 

තොටුපල කන්දට යන මග, කන්ද උඩ අසිරිය ඇතුළු බුකියේ සම්භාව්‍ය පින්තූර ඇල්බමය මෙතනින් නරඹන්න. 

අමතක නොවෙන රාජ චාරිකා පිළිවෙලට,
1) ගලබොඩ ඇල්ල
2) බතලේගල
3) මඩොල්දූව
4) කන්නෙලිය 
5) කොත්මලේ, වික්ටෝරියා


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Wednesday, August 29, 2012

තාමත් විදවන ඒ දුක (කාචයක ඉතිහාස කතාව)


2007 වර්ශයේ අග භාගයේ පටන් හාඩ් ලෙන්ස් එකක් ඇහේ ඔබාගෙන මං විදවන්නේ අපමණ දුකක්ය. මේ කියන්නට යන්නේ කාචය ඇහෙන් පිටට පැනීම නිසා මට සිදුවූ අකරතැබ්බ කිහිපයක්ය. 

කාචය දැම්මම ලෙසටම පෙනෙන මට, එය ගැලෙව්වම් පෙනෙන්නේ බොද වුනු ලෝකයක්ය. අඩු තරමේ මට අඩි තුන හතරක් ඉස්සරහින් ඉන්න මිනිහෙකුගේ මුහුණේ, ඇස් වල ඉරියව් පවා පෙනෙන්නේ නැත. මිනිහෙක් ඉන්න බව පමණක් පෙනෙන්නේය. පත්තරයක් කියවා ගන්නට බැරිය. පොතක් කියවාගන්නට නොහැක.   

කාචය ඇති විට හා නැති විට
මේ හාඩ් ලේන්සස් පැලද සිටීමද කල යුත්තේ සීමාවකට යටත්වය. දවසකට පැය 12ක්ය නැතහොත් ඇහැට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අහිමිව වෙන ලෙඩ සැදෙන්නේය. මේවා පැළදගෙන,

අඩන්න බැරිය
නාන්න බැරිය
නිදාගන්න බැරිය
ඇස් කසන්න බැරිය

අඩන්න හෝ නාන්න බැරි කාචය ගැලවී යන නිසාය. ඇස් කැසුවොත් කළු ඉංගිරියාවෙන් පිට පනින කාචය අපායක ඇති සුව මිහිපිටදී ලබා දෙන්නේය. නිදා ගන්න එපා කියන්නේ ඇයි දැයි හරියටම දන්නේ නැත. නමුත් මට බස් එකේ නම් නින්ද ගිය අවස්ථා අපමණය. 

පලවෙනි වතාවට මේ කාචය ඇහෙන් පිට පැන්නේ ඉස්කෝල වෑන් එකේදිය. ඒ පොඩි උන් සමග දගලන්නට ගොස් එකෙකුගේ අත මගේ ඇස මත සම්ප්‍රාප්ත වීමෙන්ය. එදා වටේ පිටේ උන් නොසිටින්නට ඒ පොඩි එකා අද ජීවතුන් අතර නැත. තවත් වතාවක් ඔහොම ඔට්ටු වෙන්නට ගොස් අත වැදී වම් ඇහේ කාචය බස් එක තුල වැටුණි. බස් එක අපේ හින්දා අවුලක් උනේ නැත. ඩ්‍රයිවර් අන්කල්ට කියා බස් එක නතර කර ගත්තෙමි. කාචය වැටි තිබුනේ ඩිකිය පැත්තටය. ඩිකිය ඇර බලන විට දිස්වූ දසුනෙන් මගේ ගත හිරිවැටි ගියේය. වම් ඇහේ ලෙන්ස් එක කුඩු පට්ටම් වී තිබුනේය. කාචේ උඩට පිටිපස්සේ වූ ස්පැනර් එක වැටී  තිබුනි. මේ දවස් වන විට අයියෝ පොත් වලට ගිය සල්ලි (උ.පෙ) විභාගේත් ලග ලගම පැමිණෙමින් තිබුනේය. ගෙදර  ගිය මට මව්තුමියගෙන් හොදවාගෙන අහගන්නට ලැබුනේය. කැඩිච්ච කාචේ හදාගන්නට ගොස් තව 8000 කට කෙලවිය.  

මතකයේ හැටියට දෙවන වතාවට කාචය ඇහෙන් පැන්නේ රාජකරුණා සර්ගේ කෙමෙස්ට්‍රි පන්තියෙදිය. ඌ මගේ පන්තියේ එහා පැත්තේ ඉන්න එකාය. මිනිහා මං රජා ගැන සියල්ල දැනගෙන සිටියේය. මම ඉන්න තැන වැඩිය දගලන්න හොද නෑ බව දැනගෙනත් ඌ කුමන හෝ හේතුවකට අත පය විසිකළේය. අත මූනේ වැදුනේය. කාචය ඩෙස්කේ උඩය. වෙලාවට වැඩිය කට්ටිය කවුරුත් නැත. පන්තියෙන් එලියට යන ගමන් පිටුපස පෝලිමක සිටි වෙඩික්කාරයාට කතා කලෙමි. උගේ සහයද ඇතිව කාචය නැවත ඇස තුල ස්ථානගත කර ගත්තෙමි. 

තවත් දවසක් පාන්දර ඕක දමන්නට ගොස් කාචය බිම වැටුනි. ලා නිල් පැහැයකට හුරු හෙයින් ටයිල් මත වැටුනු එය මව්තුමියටවත් සොයාගත නොහැකි විය. එදා මම ඉස්කෝලේ ගියේ නැත. මුළු උදේ වරුවම ඔට්ටු වුනේ කාචය සෙවීමටය. හමුඋනේම නැත. මම හිත හදාගත්තෙමි. තාත්තගෙන් තව 8000ක් ඉල්ලීමට හිත සමග කටද හදා ගත්තෙමි. මම කාමරේ සිට ලොබිය හරහා සාලයට ආවෙමි. චිරිස් ගා යමක් පෑගෙනවා මට දැනුනි. දෙයියනේ... කාචේ. වෙලාවට කැඩුනේ නැත. මට පෑගිලාවත් නොකැඩුන ඉතිහාසයක් ඊට ඇති බව කියන්නේ ආඩම්බරයෙන්ය. 

ඇස් දෙකට කාචය දමන්න කියා ඇත්තේ දිනකට පැය 12කි. ඉස්කෝලේ යන දවස් වල හවසට පන්ති වැටී තිබුණි. මම ගෙදරදී කාච දාගන්නේ පාන්දර 5ට පමණය. පන්ති ඉවර වෙලා ගෙදර යද්දී 8 විතර වෙන්නේය. එතකොට පැය 12 පනින්නේය. ඉගෙන නැත්තේ නැතත් ඇස් දෙකේ වටිනාකම ඊට වඩා වැඩිය. එහෙයින් ගෙදරින් එක ඇහැකට පමණක් කාචයක් ගෙන එන මම හවසට වෑන් එකේදී අනිත් ඇහැට කාචය දමාගෙන පන්තියට ගියෙමි. වෑන් එකේ උන්ටත් ඒ කාලේ මේක හෙන මැජික්ය. මං රජා ලෙන්ස් එක මාරු කරන වෙලාවට කට්ටියම වටේට හිටගෙන කට ඇරගෙන ඒක දිහා බලාගෙන සිටියෝය. 


තවත් දවක් බස් එකේ කැම්පස් එක හොයා ගෙන යන්න ගේ ලඟින් කොළඹ බස් එකට නැග්ගේය. මමත් සමග මගේ සමකාලීනයෙක් ඒ වෙලාවේ හෝල්ට් එකේ සිටියේය. බස් එකෙත් සෙනග වැදී තිබුනේය. මමත් වැඩි ගානක් නොගෙන එල්ලුනෙමි. වැඩි දුරක් යන්න ලැබුනේ නැත. එකෙගේ අත වැදුනේය. කාචය පිටය. වහාම බිම වැටෙන්නට නොදී අතට ගෙන ගිරිඋල්ල බස් ස්ටෑන්ඩ් එකටම ගියෙමි. යාලුවත් එක්ක කඩයක් අස්සට රිංගාගෙන ඇහැට දාගෙන නැවත වෙන බස් එකක කොළඹට ආවෙමි. 

මේක උනේ මේ සතියේය. බෝඩිමේ ඉඳන් ගල්කිස්ස මහ හෝටලේ සුවද විද ගෙන සුවදත් එක්ක ආප්ප කන්න සෛවර කඩේට ගියෙමි. ආප්ප අක්කා නිවාඩුය. මැකරෝනියක් දාන්නට කියා පුටුවකට වී හේත්තුවක් දාගෙන සිටියෙමි. ඇහැ කසන්නට ගත් හෙයින් හෙමින් හෙමින් ඇහැ කූරු ගගා සිටියෙමි. අත තබාගෙන හිටියේ මේසයේ මුල්ලකට හේතුවෙන් එය ලෙස්සා ගියේය. ඒත් සමගම ඇගිල්ල ඇහේ අනුනි. කාචය අතේය. බොහොම අමාරුවෙන් රෑ 8ට විතර ගාලු පාරෙන් පැනගත් මම පාර දන්නා හෙයින් බෝඩිමට සැපත් විය. නැවත ඇහැට කාචය දාගෙන මැකරෝනිය රස විදින්නට විය.  

ඒවා මේවා අතර මේ කාච ඇහැට දාගන්නට හා ගලවන්නට ගොස් ඇහේ සුදු පැත්තට ගිය වාර අනන්තය. මා විදි වේදනාව අන්තය.. අප්‍රමාණය...  ඒ වේදනාව මෙය කියවන ඔබ කා හටවත් අත් නොවේවා යන්න මාගේ එකම පැතුමය.

හැමතිස්සෙම හිනා වෙලා ඉන්න උන්ගේ හිතේ කොහේ හෝ කොනක දුක කියන එක හැංගිලා තියෙනවලු මචං...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Monday, August 27, 2012

මේ දෑස කුමටද? මොකටද? මක්කටෙයි?

ඇස් දෙක මිනිසෙකුට ඇති වටිනාම අවයව වලින් එකකි. නමුත් ඒවාගේ පෙනීම අහිමි වූ කල ඔහුට හෝ ඇයට කෙසේ දැනෙනු ඇතිද? කළුවර කාමරයක කිසිත් නොපෙනෙන අයුරු? සිතා හැකිය. මේ දවස් වල රෑට කරන්ට් ගියා හා සමානය.

මං රජ ඒ වන විට හිටියේ නමය වසරේය. වෙස්ටර්න් මියුසික් පන්ති ඇරිලා බස් එකට අත අල්ලන්නට මට බස් එකේ බෝඩ් එක පෙනුනේ නැත. පෙනීම දවසින් දවස හොර විය. නමය වසර අවසන් කාලය වන විට පෙනීමක් තිබ්බාද කියන්න මට සැකය. පන්තියේ පිටුපස පේලියේ සිට මට කළු ලෑල්ල පෙන්නේ නැත. එහා පැත්තේ එකාට පින් සිද්ද වෙන්න මම බෝඩ් එකේ ලියන සියල්ල පොතේ සටහන් කර ගත්තෙමි. මම වහාම මව්තුමිය මේ පිළිබඳව දැනුවත් කලෙමි. වහාම ක්‍රියාත්මක වූ ඇය මාව කුරුණෑගල මහ රෝහලේ අක්ෂි සායනයට ඇදගෙන ගියාය. සති තුනක පමණ පරීක්ෂණ වලින් අනතුරුව මට කන්නාඩියක් ලබා ගත හැකි විය. 

මේක ලබා ගත්තාට මම කන්නාඩිය දැම්මේ ඉස්කොලේදී පමණය. ස්කූල් වෑන් එකේදී, පන්ති වලදී මම කන්නාඩිය දැම්මේ නැත. ඒ ලැජ්ජාවටය. ඒ අටමගලේ මුනේ ඔබාගෙන යද්දී මිනිස්සු බලන්නේ පිටසක්වලයෙක් දැක්කා හා සමානවය. අනික මේ පොඩි එකා ඒ කාලේ කොහොමත් පිටසක්වලයාට ටිකක් සමානය. ලොකුම අවුල කෙල්ලෝ හිනා වීමය. උන් විවිධ අදහස් පල කලෝය.



අනේ... මෙන්න රජා කන්ණාඩි දාලා... 
අපෝ... හැටි විතරක්... 
හරි ශෝයි...
ඔයාට මොකද උනේ?
ඊයා...
මොකෙද්ද වගේ...


මේවා අහද්දී මගේ සියොලග කම්පා උනේය. ඉස්කොලේ හිටියේ කොල්ලෝ විතරක් බැවින් වැඩිය අවුලක් උනේ නැත. අනික කොල්ලෝ මොනවා කිව්වත් ගානක් නැත. උන් අපේ බෝකුය. නමුත් මේ හොටු කෙල්ලෝ අනං මනං කීම ඉවසීමට ශක්තියක් මට එකල නොවීය. 



තත්වය එන්න එන්නම දරුණු උනේය. මට කන්ණාඩියට පෙන්නෙ නැති දවසක් උදා විය. පන්තියේ ඉස්සරහම පෝලිමේ සිටියද මට කළු ලෑල්ල පෙනුනේ නැත. මේ වන විට මම දහය වසරට සම්ප්‍රාප්ත වී තිබුණි. මව්තුමිය මාව වහාම අක්ෂි සායනයකට ඇදගෙන ගියේය. ඒ කෑගල්ල මහ රෝහලේය. ඉස්කොලේ පාඩු කරගෙන මතකේ හැටියට බ්‍රහස්පතින්දා දින වල මම එහෙට බඩගෑවේය. එහිදී කල පරීක්ෂණ වලින් හෙළි උනේ මට ඇත්තේ ලොවෙත් නැති ලෙඩක් බවය. 



නමින් කෙරටකෝනස් ය. ඒකත් එසේ මෙසේ එකක් නොවේය. මේවා ලංකාවෙ හමුවන්නෙත් 10000 කට එකක් හෝ 1000 කට එකක්ලුය. මේකට කන්ණාඩියට පේනීම ගන්න බැහැලුය. එක්කෝ සිවි කාච දාන්න ඕනෙලුය. නැත්තම් ඔපෙරේෂන් කරන්න ඕනෙලුය. මගේ මනෝකාය පවා සිහි සුන් විය. කරන්නේ මොකද්ද කියා මටවත් සිතා ගත නොහැකි විය.


මෙහිදී සිදුවන්නේ ඇහේ කළු ඉංගිරියාව ඉදිරියට නෙරීමක්ලුය. ඉදිරියට ආපු ටික ඔපෙරේෂන් කර කපා  ඉවත් කල යුතුය. 





මේ වන විට මං රජා 11 වසරේය. කෙසේ හෝ ඩර්ඩන්ස් හොස්පිටල් එකේ හොදම අක්ෂි වෙදා හමුවට ගියෙමි. ඔහුගේ තේරීම උනේ සිවි කාච සදහා යොමු වන ලෙසය. මන්ද මට ඕ ලෙවල් විභාගේත් ඒ වන විට කට උඩ තිබුන නිසාය. 

ඔහුගේ මග පෙන්වීම යටතේ. වෝර්ඩ් ප්ලේස් විෂන් කෙයා ආයතනයට ගියෙමි. එහි ඇති අති නවීන උපකරණ භාවිතයෙන් මගේ ඇස් පරික්ෂා කර සිවි කාච යුවලක් සෑදුවේය. එදා මම සිවි කාච දැම්ම පළවෙනිම දවසය. දැනුනු වේදනාව මට වචනයෙන් විස්තර කල නොහැක.

ලොකුම ලොකු වීදුරු පොත්තක් ඇහැට ගිහාම කොහොමද දැනෙන සනීපෙ? මගේ ඇහැ මට නැති උනා වැනි හැගීමක් දැනුනි. මම විනාඩි ගානක් යනතුරු ඇස් දෙක වසාගෙනම සිටියෙමි. ඇස් අරින්නට බැරිය. පුදුම විදිහට රිදෙන්නේය. මම මව්තුමියගේ අත බදාගෙන සිටියෙමි. හෙමිහිට ඇස ඇරියෙමි. හිතට දැනුනේ පුදුම සතුටක්ය. ගිනි ගින්දර ලෙස වටපිට පෙනෙන්නේය. ඉස්සර වගේම මට පෙනෙන්නේය. එත් ඇහැට දැනෙන වේදනාව නම් ඉවසන්න බැරිය. ඇස් දෙකෙන් කදුළු නොනැවතී ගලන්නේය. 





අනික මට දාන්න උනේ සොෆ්ට් ලේන්සස් නොව හාඩ් ලේන්සස් ය. දවස් දෙක තුනක් මේක ඇහේ අලෝගෙන එයට හුරු උනෙමි. වැඩේ හිතුව තරම් ලේසි උනේ නැත. වට පිට බලන විට ඇහැට කම්බි කලින් අයිනවා වැනිය. මම ඒවා දාගෙන ඉස්කොලේ ගියෙමි. ලොවෙත් නැත. බෝඩ් එක එල කිරි වගේ පෙනෙන්නේය. පිටුපසින් වූ බාලිකා විද්‍යාලයේ කෙල්ලන් ටිප් ටොප් එකට පෙනෙන්නේය. මට හෙන හැපිය. 

මේ කාචය කළු ඉංගිරියාවෙන් සුදු පැත්තට පන්න විට ලැබෙන්නේ රාජකීය සැපයකි. ඇහැට මෝටාර් එකක් ගැසූ පරිද්දෙන් රතු වෙන්නේය. කදුළු ගලන්නේය. ඇහැ කඩි කන්නේය. ආපසු කළු ඉංගිරියාව මතට ගෙන ඒමට හද්ද කුණු ගේමක් දෙන්නට ඕනෙය. අනික එය මහත් වේදනාකාරීය. 

මව්තුමිය පවසන පරිද්දෙන මම පෙර ආත්මයේ මහා පාප කර්මයක් කර ඇත. එක්කෝ එකෙකුගේ ඇස් දෙකට මොනවා හෝ කර ඇත. අපිට වැලදෙන්නෙත් ලොවෙත් නැති ලෙඩය. එක වතාවක් ඇස් වල නගන එන්න පටන් ගත්තේය. ඒවා සාමාන්‍යයෙන් එන නගන නොවේය. කඩල ඇට වලටත් වඩා ලොකු ඒවාය. එකක් ආ විට ඇහෙන් බාගයක් වැසෙන්නේය. වතාවක් එකක් ඔපරේශන්ද කළේය. මේක නං සිරාවටම පාප කර්මයක්ය.

අර අපේ කැම්පස් එකේ එකෙක්ගේ ශර්ට් එකේ ගහලා තියෙනවා වගේ,

I'm Perfect but Limited Edition


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! 

Thursday, August 23, 2012

අවසාන කොටස - කුජීත වීමක නැවතුම



මුල් කොටස් දෙක කියවා සම්භාව්‍ය ලෙස කුජීත වී පැමිණීම මැනවි....




දෙමිතුරෝ දෙදෙනා සීතාගේ අම්මගෙන් ඉල්ලාගත් මන්නයද සහිතව ගේ පිටිපස්සෙන් කැලයට ඇතුළු වෙන්නට ගියෝය. ඔවුන්ට වැඩිදුර යන්නට ලැබුනේ නැත. සරුසාරේට වැඩුන බටු වගාවක් මුදිතගේ ඇස ගැටුණි. වහා කැමරාව මානා ගත් මුදිත බටු ගස් වටේ කැරකෙන්නට විය. මෙය දුටු සුමන් මද සිනහවක් ද සමගින් තම වාචාල කට අවදි කළේය. 

සීතා හෙන වැඩකාරියක් වගේ නේ බං... බලහන්කො බටු වගාවේ සරු...

උඹව හදන්න බෑ බං... පව් ඒ අසරණ කෙල්ල... කතා හදන්නේ නැතුව හිටපන්. මුදිත පොටෝ ගසන ගමන්ම පැවසුවේය.

ඕවා ඉතින් මම කියන ඒවා නෙමේ... ඉස්සර ඉඳන් පැවතගෙන එන කතා. ඔන්න බලහන්... මුදිත කයියක් කියන්නට විය. 


ගම්බද ලියන් සුරතින් අරගෙන                 බට්ට
ගසනා විටදී කැඩුනා බට්ටේ                   නට්ට
මොනව කරන්නද පොල්ගහවෙල      ඩොක්ට
ඇරියා (ටී...ක්) විසි උනා (ටී...ක්)කෙන්  බට්ට

මිතුරෝ දෙදෙනාම හිනා වෙමින් කාලය ඇතුලට පිය මනින්ට විය. මේ වන විට යන්තමින් අදුර වැටෙමින් තිබුනද රාජකාරියේ තිබුණු ආශ්වාදජනක බව නිසාම හා සිංහරාජය තුල වූ සෞම්‍ය දේශගුණය හේතුවෙන් ඔවුන්ට කිසිම මහන්සියක් දැනුනේ නැත. ඔවුන්ට කරදර කල එකම දෙය කූඩැල්ලන් පමණය. එයත් සීතාගේ අම්මා දුන් ලුණු කැට කීපය හේතුවෙන් මග හැර ගැනීමට ඔවුන්ට හැකි විය. 

හෝව් හෝව්.... දගලන්න එපා. අන්න අතන මීමින්නෙක් ඉන්නවා. ශේප් එකේ වාඩි වෙලා බලන් ඉඳපන්.. සුමන් ඈතට අත දිගු කරමින් මුදිතට පැවසුවේය. 

අම්මට සිරි ඔව් නේන්නං. ඌ මොකද බං කරන්නේ? මුදිත රහසින් මෙන් ඇසුවේය.
 
අනේ මන්ද බං වටේට කැරකි කැරකි ඉන්නවා. 

හෙහ්... ඕකටත් ඉස්සර අපි කයියක් කියනවා උබට මතකද? මුදිත ඇසුවේය.

ඒ මොකද්ද බං??

වත්තට ආ මීමින්නිය
වත්ත වටේ කැරකෙන්නිය‍
යන්න තැනක් විමසන්නිය
(ටී..ක්)කෙන් පල මීමින්නිය

මග සලකුණු කරමින් ඇදෙන යහළුවන් දෙදෙනාට එක තැන ගොඩ ගැසූ ගල් ගොඩක් දක්නට ලැබුණි. තරමක් විශාල ප්‍රමාණයේ ගල් වලින් සමන්විත වූ එය අතට දැරිය හැකි ගල් වලින් සමන්විත විය. මිතුරෝ දෙදෙනා කුතුහලයෙන් එකිනෙකාගේ මුහුණ බලා ගත්තෝය. 

මේ කැලේ මැද්දේ කොහෙන්ද බං ගල් ගොඩක්. මුදිත ඇස් ලොකු කර ගනිමින් අසන්නට උනේය. 

දෙයියෝ තමා දන්නේ. මොකද අපි නෙමේනේ ගෙනත් දැම්මේ. සුමන් හිනැහෙමින් කිවේය. 

මිතුරෝ දෙදෙනා අතට ගත් ගල් නැවත ගල් ගොඩටම විසි කරමින් තව දුරටත් ගමනේ යෙදෙන්නට විය. ඔවුන්ට වැඩි දුර යන්න ලැබුනේ නැත. පළාතම දෙදරවමින් ගෙරවිලි හඩක් අසුනේය. එත් සමගම මහා වරුසාවක් අද හැලෙන්නට විය. කැලේ ඇතුලේ සිටියද ඒ වරුසාවෙන් බේරෙන්නට හෙවනක් සොයාගන්නට ඔවුන් දිව්වේය. වැස්ස ඒ තරමටම දරුණුය. ඔවුන්ගේ වෙලාවට ගල් ගුහාවක් ඈතින් පෙනෙන්නට විය. මිතුරන් දෙදෙනා වහා ගල් ගුහාව තුලට රිංගුවේ තම කැමරා උපකරණ වැස්සෙන් බෙරා ගැනීමේ අදහසිනි.  වෙලාව ටිකෙන් ටික ගෙවී යන්නට විය. තවමත් වැස්සේ අඩුවක් පෙනෙන්නට නැත. කළුවරත් එන්න එන්නම වැඩි වෙන්නේය. 

අද අපිට මේකේ ඇතුලේ ඉන්න වෙයි වගේ බං. මුදිත සුමන් දෙස බලමින් කිවේය. 

ඒ වගේ නේ බං. සුමනද ඔලුව පිස දමමින් කිවේය. 

ඔය ගෙනාපු ඉටි පන්දමක්වත් පත්තු කරහන්. මෙලෝ දෙයක් පේන්නේ නෑ. මේ ගුහා අස්සේ මොක්කු ඉන්නවද දන්නේ නෑ.  මුදිත කිවේය.

ඒ අනුව ක්‍රියාත්මක වූ සුමන් ඉටිපන්දම් දෙකක් පත්තු කර ගුහාව දෙසට දිගු කළේය. එය එසේ මෙසේ ගුහාවක් නොවින. සැලකිය යුතු දුරක් ඇතුලට විහි දෙන්නක් විය. මිතුරෝ දෙදෙනා ගුහා කටෙන් මදක් ඈත්ව ගුහාව ඇතුලට වෙන්න ඉඳ ගත්තේය. බිස්කට් පැකට් එකක රස බලන ගමන් ඔවුන් තම චායාරූප දෙස ආසාවෙන් බලන්නට විය. 

මේ වන විට වැස්ස පායා තිබුනද රෑ බෝ වීම හේතුවෙන් ඔවුනට සීතාගේ ගෙදරට යා ගත නොහැකි විය. ඔවුන් ගල් ගුහාවේම නිදා ගත්තෝය. නමුත් සුමන්ට නින්ද ගියේම නැත. ඉඳහිට ඇහෙන බස්සන්ගේ මුසල හඩ, උල ලේනන්ගේ විලාප හඩ ඔහුව වික්ෂිප්ත කළේය. ඉටිපන්දම්ද නිවෙන්නට ආසන්නය. මුදිත සැප නින්දේය. සුමන් නිකමට මෙන් සිට ගත්තේය. පිටුපසින් එල්ල වූ දැඩි ප්‍රහාරයකින් ඔහු කෑගසමින් බිම පතිත විය. 

බුදු අම්මෝ......!!!!

සුමන් ගේ කෑගැසිල්ලේ සද්දෙට මුදිතද ගැස්සී අවදි උනේය. ක්ෂණිකව සිටගත් දෙමිතුරෝ පිටුපස බලන්නට වැඩි වෙලාවක් ගත උනේ නැත. ඇස් අදහාගත නොහැකි දසුනකින් හා භීතියකින් ඔවුන් ඇලලී ගියේය. ඔවුන් ඉදිරියේ සිටගෙන සිටියේ දැවැන්ත ශරීරයකින් යුතු කළු සිංහයෙකි. කන් බිහිරි කරවන තරමේ සද්දයකින් ඌ ගෙරෙව්වේය. මිතුරන් දෙදෙනාට කිසිත් කියාගන්න සිතුනේ නැත. දෙදෙනාම පණට තුබූ ආදරය නිසාම වේගයෙන් ගුහා කටෙන් එලියට දුවන්නට විය. 

සිංහයාද දෙවැනි උනේ නැත. ඌද පිටුපසෙන් හබා යන්නට විය. රෑ කළුවරේ කොහේ දුවනවද යන්නේ කොහෙද, කියන්න ඔවුන් දැනසිටියේ නැත. දෙදෙනාම එකම දිශාවකට දුවන්නට විය. එක්වරම සුමන් බිම පතිත උනේ යමක ඔහුගේ පය පැටලීම හේතුවෙනි. පිටුපසින් දුවගෙන ආ මුදිත සුමන්ව නැගිට්ටවන්නට උත්සාහ කළේය. නමුත් සුමන්ගේ කකුල බරපතල ලෙස තුවාල වී තිබුනේය. 

නැගිටපන් යකෝ නැගිටපන් අරූ පස්සෙන් පන්නනවා. මුදිත කෑගසමින් කිවේය. 

උඹ දුවපන් මුදිත... උඹ දුවපන්... සුමන් කකුල බදාගෙන කෑගසුවේය. 

ඒ වන විටත් සිංහයා දුවගෙන එන වේගෙට අතු පොඩි වෙනවා දෙමිතුරන්ට ඇසුනි. 

දුවපන් යකො... සුමන් කෑගසන්නට විය. 

තම පණට තිබු ආදරය නිසාවෙන් මුදිත දුවන්නට විය. සුමන් වන මැද තනි විය. 

හීන් දාඩිය දමමින් මුදිත දිව්වේය. ඔහුගේ වෙලාවට ඈතින් ලාම්පු එළියක් දිස් උනේය. මුදිත එදෙසට දුවන්නට විය. ඔහුගේ වෙලාවය. ඒ වෙන කොහෙවත් නොව සීතාගේ ගෙදරය.  ඔහුට කතා කරගන්නවත් පණ නැත. සීතා ඔහුව ඇදගෙන මෙන් ගෙට ගෙනාවාය. 

ඔයාලට මොකද උනේ? කෝ සුමන්? සීතා ඇසුවාය

මුදිත තමන්ට උන ‍ඛේදවාචකය අකුරක් නෑර සීතාට හා ඇගේ මවට කිවේය. දෙදෙනාම කට ඇරගෙන අසා සිටියෝය. සීතාගේ අම්මා ඉහිල්ලුම් හඩක් සමග මෙසේ කිවාය. 

හත්දෙයියනේ....... මහත්තයල ගිහින් තියෙන්නේ මම යන්න එපා කියපු සිංහ ගල ඉසව්වටනේ... 

මහත්තයල කලින් දැකල තියෙන්නේ ගල් ගොඩ තම යොධ ගල්ගොඩ කියල තැන. ඉස්සර මේ කලේ හිටපු සිංහයෙක්ව ලංකා කියන යොධයා ගල් වලින් විදලා මරලා දාලා. ඒකට එකතු කරපු ගල් තමා එතන තියෙන්නේ. එතකොට මහත්තයලා පස්සෙන් පන්නලා තියෙන්නේ ඒ මැරුවයි කියන සිංහයාගේ අවතාරේ. මේ ළඟදිත් මිනිස්සු කීපදෙනෙක් මැරිලා තිබ්බා ඕකට බයවෙලා. 

දෙයියනේ සුමන්.. මුදිතට ඉබේටම කියවිණි.

මම තෙල් ටිකක් මතුරලා තියන්නම් එලිය වැටිච්ච ගමන් අපි යමු. ගල් ගුහාවට. මහත්තයලගේ අඩුම කුඩුම ටික අරන් එන්න.  සීතාගේ අම්මා කීවාය. 

පසු දින එලිය වැටීමත් සමග ඔවුන් සිංහ ගල දෙසට පිය මන්නොය. ගුහාවෙන් කැමරා උපකරණ රැගෙන සුමනගේ හෝඩුවාවක් සොයමින් ඔවුන් කැරකුනෝය. නමුත් සුමනගේ කිසිම හෝඩුවාවක් පෙනෙන්නට තිබුනේ නැත. මුදිතගේ ඇස් වලින් කදුලක් ද ගලා ආවේය. ඔහු තමාගේ කුඩා කල සිට අතිජාත මිත්‍රයාය. අවසානයේ නොහැකිම තැන ඔවුන් නැවත නිවස බල එන්නට හැරුනෝය. 

සීතාගේ අම්මා ඉස්සර කර ගනිමින් ඔවුන් පැල වෙත ආවෝය. එක වරම ඇය නැවතින. කිසිවෙකු තම මිදුලේ වැටි සිටිනු ඇයට දක්කට ලැබුණි.

ඇයි අම්මේ නැවතුනේ? මුදිත ඇසුවේය. 

නෑ මහත්තයෝ.. අර කවුද මනුස්සයෙක් අපේ මිදුලේ වැටිලා ඉන්නවා. ඒකයි මම බැලුවේ මේ කවුද කියලා ඇ ය ඇස හීනි කරමින් ඈත බලමින් කීවාය.

මුදිතද විමසිල්ලෙන් එදෙස බලන්නට විය.

දෙයියනේ සුමනයා...... මුදිත එදෙසට දුවන්නට විය. සීතාද ඔහු පිටිපස්සෙන්න් දුවන්නට විය. 

සුමන් අපි උඹව කොච්චර හෙව්වද? උඹට මොකද උනේ? මුදිත කදුළු පිසලමින් ඇසුවේය.

උඹ දිව්වට පස්සේ අඩි සද්දේ නැවතුනා බං.  පස්සේ මොකෙක්වත් ආවේ නෑ. සුමන් බිම වැතිරී සිටිමින්ම කිවේය.

දුවගෙන පැමිණි සීතා සුමන්ව උස්සාගෙන ඔහුගේ හිස තම ළැම මත තබා  ගත්තාය. ඇය ඔහුගේ හිස සෙමෙන් පිරිමදින්නට විය.

අනේ මචං සීතා හොඳ එකී                        මචං
ගල මස්කට් තොල බිස්කට් වගේ               මචං

සුමන් කෙදිරි ගාමින් කියන්නට විය.

ඇය කට කොනින් සිනහවෙමින් සුමන්ට හෙමිහිට ටොක්කක් ඇන්නාය..

නිමි..

භාවිතයට උපදෙස් :
  • යෝධ ගල්ගොඩ නමින් හැදින්වෙන ස්ථානයක් සිංහරාජයේ තවමත් තියනවලු.
  • සිංහරාජයේ ඉස්සර සිංහගල කියන ගලේ සිංහයෙක් හිටියලු. ඌ එතනින් යන මිනිස්සුන්ට කරදර කලාලු. ලංකානාථ කියන යෝධයා ගල් වලින් විදලා ඒ සිංහයව මැරුවලු. ( ජනප්‍රවාදයකි)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Wednesday, August 22, 2012

වනය මැද තරුවක් 2 - යුගයේ කුජීතම කෙටි කතාව

පලවෙනි කොටස මිස් උනාද?? එහෙනං කියෝලම එන්න. නැත්තන් මඤ්ඤං වෙයි. තරුව පළවෙනි කොටස..

ටොස් එක තොරා දුන්නේ වම් පැත්ත හේතුවෙන් මිතුරෝ දෙදෙනා හෙමින් හෙමින් වම් පැත්තට විහිදුන අඩි පාරේ පියමනින්නට විය. කුරුල්ලන්ගේ කිචි බිචි හඩ මැද්දෙන්, රැහැයියන්ගේ කන කීරි ගස්සන හඩ මැද්දෙන්, ඉදහිට ඇසෙන ගෙරවිලි හඩ මැද්දෙන් ඔවුන් ඉදිරියටම ඇදුනොය. මේ අතර වාරයේ ඔවුන් විවිධාකාර වූ කෝණ වලින් පොටෝ හිතේ හැටියට ගත්තෝය. නිහඩ පිළිවෙතකින් ගමන් කල මිතුරෝ දෙදෙනා අතර කතාවක් ඇති කරවන්නට සමත් වුයේ ලේනාය. ඌත් එසේ මෙසේ ලේනෙක් නොව ලංකාවේ ජාතික සත්වයා වූ දඩු ලෙනාය. මුදිත තම කැමරාව ලේනාට නාභි ගත කළේය. ඌ එක තැනක රැදුනේ නැත. එහෙ මෙහෙ දුවන්නට විය. ලේනාට සාප කරන ඇසුණු සුමන්ට මද හිනාවක් සමග තවත් කයියක් මතකෙට ආවේය. ඔහු කින්ඩියට මෙන් එය මුමුණන්නට විය... 

ලේනා ජම්බු ගහේ ආයේ නගී      ආයේ බසී..
ලේනා ජම්බු ගහේ ආයේ නගී      ආයේ බසී..
ලේනා ජම්බු ගහේ ආයේ නගී      ආයේ බසී..
ලේනා ඌ ලේනා.....


ලේනාගේ අයියා....
ටුරුක් ටුරුක්.... ටුරුක් ටුරුක්...
ඌ දඩු ලේනා..
ටුරුක් ටුරුක්.... ටුරුක් ටුරුක්...


විනාඩි පහක් පමණ ලේනා අල්ල ගන්න වලි කෑ මුදිත තම ආශාව ඉටු කර ගත්තේය. යලිත් ඔවුන් ඉදිරියට ඇදෙන්නට විය. නොසිතු බාධකයකි. මග හරස් කරමින් දොළක් ගලා බසින්නේය. බැලු බැල්මට ගැබුරු පෙනුමක් පෙනෙන්නට විය. කළු පැහැ වතුර ගැඹුර කියා පෑවේය. 

මොකද බං කරන්නේ. සුමන් ප්‍රශ්නාර්ථයක් මවමින් මුදිත දෙස බැලුවේය.

බලමු ඒ දණ්ඩක්වත් නැද්ද කියලා. සුමන් දොලට සමාන්තරව යමින් කිවේය.

අඩෝ උඹ දන්නවනේ මම ඒදඩු වල යන්නේ නෑ කියල. සුමන් බැරෑරුම් හඩින් කිවේය.

ඉතින් ආපහු යන්නද කියන්නේ? මුදිතගේ ප්‍රශ්නය විය.

සුමන්ගෙන ඊට පිළිතුරක් නම් ලැබුනේ නැත.

ඔවුන් මද දුරක් නිහඩව ඉදිරියට අදුනොය. ඔවුන්ගේ වෙලාව හොඳය. තනි පුවක් කොටයක් දමා සකස් කරන ලද ඒදණ්ඩක් ඈතින් දිස් විය.

හාහ් හාහ් හා.... වෙලාව හොඳයි ආ... අන්න එදණ්ඩක් මුදිත අත දිග හරිමින් කිවේය.

මට නම් ඕකෙ යන එක සුවර් නෑ බන්.. කෝකටත් මගේ බෑග් එකත් උඹම අරන් යමන්. සුමන් බෑග් එක මුදිතට දිගු කරමින් කිවේය.

අනේ උඹනං...... මුදිතට කියවින.

මුදිත සීරුවෙන් එගොඩට ගියේය. ගහක් මුල වාඩි වූ ඔහු සුමන් එන හැටි බලා සිටින්නට විය. සුමන් වෙවුලන කකුල් වලින් යුතුව පුවක් කොටයට නැග්ගේය. අගලෙන් අගල හරහට ඇදෙන්නට විය. 

අඩෝ... හූ..... ඔහොම ඇවිල්ල උඹ එනකොට හෙට වෙයි. ඉක්මනට වරෙන්.... මුදිත කෑගසන්නට විය.

මට කයියක් මතක් වෙනෝ.......... මුදිත යලිත් කගසන්නට විය.

අනේ උඹේ කයිය තියල ඉදගනින්... සුමන් දෙපැත්තට වැනෙමින් කිවේය.

මුදිත තමන් ඉදගෙන සිටි බුරැත ගහේ අතු දෙස බලමින් කෑගසන්නට විය. 

අත පය නැති            කොටා
ඒ දණ්ඩෙන් යන        කලටා
ඌ වැටුනේ                ඇලටා

අන්තිම පදය කියන්නට එදණ්ඩ ඉඩ නොතබා තිබුනේය. එක්වරම ජබුං................... යන සද්දයෙන් හඩක් අසුනේය. ක්ෂණයකින් එදණ්ඩ දෙස බැලු මුදිතට සුමන්ව තම දර්ශන පථයට අහු උනේ නැත. නමුත් එලිසමය රකිමින්ම අවසන් පදය කියමින්ම මුදිත දොළ පාර දෙසට දිව්වේය.
…………………      හුටා


මුදිත පන කඩාගෙන දිව ගියේ සුමන්ට හරි හැටි පිහිනීමේ හැකියාවද නැති බව ඔහු දත්හෙයින්ය. සුමන් දොළ මත සම්ප්‍රාප්ත වී සිටියේය. හිතු තරම් දොළ ගැඹුරු නැත. වතුර තිබුනේ උරහිස් දක්වා පමණය. සුමන් වතුර නාගෙන එගොඩට ආවේය. සුමන්ට මහා හඩින් හිනා යන්නට ආවත් ඔහු මහත් ආයාසයකින් තම හිනාව තද කරගෙන සිටියේය.

නමුත් ඒ අසලම තිබු අකුලක් තුලින් නැගුනේ කිචි බිචි හඩකි. දෙමිතුරෝ ක්ෂණයකින් අකුල දෙසට හැරුණි. අනපේක්ෂිත ලෙස මතු උනේ කලින් මග හැරි ගිය යුවතියන් දෙදෙනාය. මහ හඩින් හිනා වෙමින් ඔවුන් මිතුරෝ දෙදෙනා ලගට ආවෝය. 


අපි ඔක්කොම බලාගෙන හිටියේ. අපෝ ඔයාලට ඒදණ්ඩකවත් යන්න බෑනේ. අපි දැක්කා. ඔයාල අපේ පස්සෙනුත් ආවා නේද? කැකිරි පැලෙන කොමල වෑහෙන කට හඩකින් දෙමිතුරන්ගේ හිතගත් යුවතිය කියවන්නට විය.

මුදිත හා සුමන් කට ඇරගෙන ඇය දෙස බලා සිටියේය. නමුත් මුදිත බලා සිටියේ ඇයගේ කටකාර කට දේශය. සුමන් නං බලා සිටියේ වෙන ප්‍රදේශයකය. ඇයගේ සිරි බිරිය අවසන් වුනේය. අන්ද මන්ද වී සිටි මුදිත කට හඬ අවදි කළේය. 

ඔයාල මොකද මේ කැලේ ඇතුලේ කරන්නේ?

අපේ ගමට යන්නේ මේ පාරෙන් තමයි. ඇය පිළිතුරු දෙන්නට වුවාය.

ඔයාගේ නම මොකද්ද? සුමන්ද කැලේ ඇතුලේ සිදු වෙමින් තිබු සාකච්ඡාවට සහභාගි වෙමින් ඇසුවේය.


මම සීතා.... මේ ඉන්නේ මගේ යාළුවා නිමාලි. ඇය තමන්ගේ යාලුවාද හදුන්වා දෙමින් පැවසීය. 

එතකොට ඔයාලා කවුද?

මම මුදිත. මේ ඉන්නේ සුමන්. මුදිත පැණි බෙරෙන කට හඩකින් පැවසීය.

සුමන්??? හෙහ් හෙහ් මරු නම... සීතා හිනැහෙමින් පැවසීය.

හෑ? මොකද්ද එකේ මරු? සුමන් මරුමුස් පෙනුමක් පෙන්වමින් ඇසුවේය.

ඇයි අනේ අර කවියක් තියෙන්නේ...ඔයාල දන්නේ නැද්ද? ඇය හිනැහෙමින් පැවසුවාය.

ඒ මොකද්ද ඒ? දෙමිතුරෝ දෙන්න එක විට මුහුණට මුහුණ බලා ගනිමින් ඇසුවෝය.

ඇයි අනේ...

අංගම්මන සුමන...    අංගම්මන සුමන...
අංගම්මන සුමන...    අංගම්මන සුමන... 
අංගම්මන සුමන...     අංගම්මන සුමන... 
අංගම්මන සුමන...                  උ........


ඇයට ඉතිරි පද ටික කියන්නට ලැබුනේ නැත. සුමනගේ කට ක්‍රියාත්මක විය. එපා.......... රැහැයියන්ද නිහඩ කරවන්නට සමත් වූ ඒ දරුණු කෑගැහිල්ලෙන් සීතාද අන්දුන් කුන්දුන් විය.

ඔයාට මොකද උනේ? ඇස් ලොකු කරගෙන සීතා සුමන් දෙස බලමින් ඇසුවාය.

මොකද??? ගෑල්ලමයි ඔහොම කැත කතා කියනවද මම අහන්නේ ආ? සුමන් ඇහි බැම වකුටු කරමින් ඇසුවේය.

කැත??? මොකද්ද අනේ එකේ කැත.. මට නං එකේ කැතක් පෙන්නේ නෑ...

එහෙනං කියන්න බලන්න ඉතුරු ටික...සුමන් දෙගිඩියාවෙන් කීවේය.


...... උදේට සිල් රකින.

ආ...ඒකද? අපි දැනන් හිටියේ වෙන එකක්නේ නේ මුදියා ... සුමන් හිනැහෙමින් කිවේය.

ඒ මොකද්ද කියන්න බලන්න... සීතා දෙමිතුරන් දෙස බලමින් ඇසුවාය.

නෑ.. නෑ... ඒක ඕනේ නෑ... මෙතෙක් වෙලා හිනැහෙමින් ජවනිකාව නරඹමින් සිටි මුදිත හඩ අවදි කළේය.

ඒක නෙමේ. අපේ ගෙවල් මේ ළඟ ඔයාලත් එන්න ගිහින් තේ ටිකක් එහෙම බීල යමු. සීතා අරාධනාවක් කලාය.

යමු යමු. මුදිත එක පයින් පිළිතුරු දුන්නේය. 

යමු එහෙනං... සුමන්ද මැද්දෙන් පැන්නේය. 

යුවතියන් ඉස්සර කර ගත් යහළුවෝ දෙදෙනා ඔවුන් පිටු පසින් ඇදෙන්නට විය. මේ යන අතර මග තිබු කිසිම දෙයක් චායාරුප ගත නොවින. මිතුරන් දෙදෙනා සිටියේ නාරිලතා යෝගයට සමවැදිලාය. එක එල්ලයක් ඔස්සේ ඔවුන් දෙදෙනාම ඇස යොමාගෙන ගියෝය. කිසිදු හැල හොල්මනක් කැලයේ නොවීය. නිහැඩියාව බිදිමින් සුමන් කට හඬ අවදි කළේය. 

මේ වගේ ඒවා දකිද්දී කොහොම කට පියාගෙන ඉන්නද බන්. මට තව කයියක් මතක් වෙනවා ඕයි!!!


කියන ලබ්බක් කියහන්... හැබැයි කුණුහරප කියන්න ඔට්ටු නෑ... අර කෙල්ලට ඇහුනොත් අපේ චරිතෙට හොද නැනේ බං. මුදිත සුමන් දෙස බලමින් කිවේය. 

එහෙනං ඔන්න කිව්වා ඈ..

අනේ මචං සීතා හොඳ එකී                        මචං
ගල මස්කට් තොල බිස්කට් වගේ              මචං
අනේ මෙමට නොලැබුන එක දුකයි          මචං
බලෙන් (ටී.....ක්) හිරේ ගියත් සැපයි          මචං

අනේ නෙදකින්... ඕකද උඹේ මහා ලොකු කයිය. කිව්වටත් පාඩුයි යකෝ.... තුහ් තුහ් තුහ්.... උඹ අහල නැද්ද මෙහෙම කයියක් තියෙනවා. දැනගනින්.... ඊට පස්සේ කරන මගුලක් කරලා හිරේ යමන්. ඔන්න අහගනින්. මුදිත කට ගොරකයක් ලෙස හදා ගනිමින් කිවේය. 


බලු බෙටි                     පොඩිත්තක
නලියන පණුවො             රොත්තක
කුණු දිය                          කඩිත්තක
තිබෙන ගඳ ඇත නාකි  (ටී....ක්)   ක


ඉතින් බොල මේකි නාකිද? සුමන් හිනා වෙමින් ඇසුවේය.

මොකද නැත්තේ... බලහන්කො අවුරුදු 25ක් විතර වයස පාටයි. මුදිතද හිනේහෙමින් පැවසුවේය.

මොවුන්ගේ හිනා හඩ ඉදිරියෙන් ගමන් කල ගෑල්ලමයි දෙන්නාටද ඇසුනි. ඔවුන්ද හිනෙහෙමින් පිටුපස බැලුවෝය.

මොකද දෙන්න හිනා වෙන්නේ? අපිට නේද හිනා වෙන්නේ?

අපෝ නෑ සීතා... අපිට මේ කැමරාවේ තිබ්බ පොටෝ එකක් දැකල හිනා ගියේ. මුදිත කැමරාව පෙන්වමින් කිවේය.

කතාවෙන් කතාවෙන් ඔවුන් සීතලාගේ පැල් කොටේ වෙත පැමිණ තිබුණි. පොල් අතු සෙවිලි කරන ලද වහලයක් සහිත කටුමැටි බිත්ති සහිත පැලක් වූ එය මිතුරන් දෙදෙනාගේ සිත බැද ගත්තේය. නැවතත් කැමරාව ක්‍රියාත්මක විය. නිවසේ චායාරූප කිහිපයක් ගනු ලැබීය. සීතා ගේ ඇතුලට ගියාය. නැවත එලියට පැමිණුනියේ තම මව යැයි කිව හැකි වයසේ කාන්තාවක් සමගය. ඇය කිසියම් කටයුත්තක සිට පැමිණි බවක් ඇගේ මුහුනෙන්ම පෙනුනි. ඇය දහඩිය වගුරුවමින් සිටියාය. 


එන්න මහත්තයෝ ගෙට... මම මේ කිතුල් හකුරු වගයක් හදමින් උන්නේ. තේ ටිකක් බීලම යමු. ඇය දෙමිතුරන්ට ආරාධනා කලාය. 

තරමක බඩගින්නේ සිටි දෙපල ගේ ඇතුලට යන්නට පැකිලුනේ නැත. කිතුල් හකුරු සමග තේ බිවු මුදිත හා සුමන් හකුරු හදන හැටි දෙසද ටික වෙලාවක් බලා සිටින්නටද අමතක කලේ නැත. ටිකක් වෙනස් ආකාරයේ අත්දැකීමක් වූ හෙයින් ඔවුන් එය චායාරුප ගත කරන්නටද වග බල ගත්තෝය. නැවතත් තම රාජකාරිය ඉටු කරන්නට යන්නට ඔවුන් ගෙපැලින් එලියට බැස්සෝය. 

එහෙනං අම්මේ අපි ගිහින් එන්නන්. සීතා... අපි ගිහින් එන්නන්. මුදිත සීතාගේ අම්මට ආචාර කිරීමෙන් පසු කිවේය. 

හොඳයි මහත්තයෝ.  ඇයද පෙරලා උත්තර දුන්නාය. 

එක නෙමේ අම්මේ... අපිට කැලේ ඇතුලට යන්න ඕනා.. කොහොමද යන්නේ. සුමන් ඇසුවේය. 

මහත්තයලට යන්නම ඕනෙනම් මම පාර කියන්නම්. හැබැයි සිංහ ගල තියෙන පැත්තට යන එක නම් එච්චර හොඳ නෑ.  අනික මේ මායිමෙන් පස්සේ පාරවල් සලකුනු වෙලා නෑ. මහත්තයලට යන්න වෙන්නේ කැලේ මැද්දේ පාර හොයාගෙන. මතක ඇතුව මග සලකුණු කරන්නත් අමතක කරන එපා.  ඇය කියන්නට විය. 

ඒ මොකද අම්මේ සිංහ ගල??? මුදිත ඇහි බැම හකුළුවමින් ඇසුවේය. 

එක දිග කතාවක් මුදිත.. ඔයාල ගිහින් එන්නකෝ මම ඔයාලට කියන්නම් රෑ වෙලා.  සීතා කියන්නට වුවාය. 

හිතේ කනස්සල්ලෙන් මිතුරෝ දෙදෙනා සීතාගේ අම්මගේ ඉල්ලාගත් මන්නා පිහියද සමග කැලේ මැද්දට පියමනින්නට විය. 

මතු සම්බන්ධයි....

භාවිතයට උපදෙස්,
  • ලේනා ජම්බු ගහට සින්දුව සම්පූර්ණයෙන් රසවිදින්න මෙතනින්.
  • ටී...ක් පද වල වචන අහන්න එපා


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!


Monday, August 20, 2012

වනය මැද තරුවක් - යුගයේ කුජීතම කෙටි කතාව





හුංගම කංකානම්ගේ මුදිත ද සිල්වා හා පුස්ගම කරනෝලිස්ලාගේ සුමන් යනු හෝඩියේ සිට එක බත් පත බෙදාගෙන කා බොක්කේ මිතුරන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා බොහෝ දේ කලේද එකටමය. දෙදෙනාටම පුදුමාකාර පොටෝග්‍රැපි පිස්සුවක් වැලදී තිබුනේය. මැස්සෙක්, බත් කුරෙක්, සමනලයෙක් පෙනෙන්නට බැරිය. ලස්සන ගෑල්ලමෙක් පෙනෙන්නටද බැරිය. අනිත් පොටෝග්‍රැපි කලාකරුවන්ට මෙන්ම මොවුන්ද එසේමය. දෙදෙනාම අසල්වැසියන් වූ අතර එතරම් වත් පොහොසත් කමක් නොතිබුන. බාගවෙලාවට, ඔවුන් සතුව තිබු කැමරා උපකරණ ඔවුන් දෙදෙනාට හිමිව තිබු වත්කමට වඩා වටිනවා වෙන්නටද තිබුණි. 

මේ දෙදෙනාටම ක්ෂණික කවි කිවීමේ හැකියාවද තිබුණි. ගමේ තිබු හිටිවන කවි මඩුවල ප්‍රධාන චරිත දෙකක් වුනේද මොවුන්මය. කාහටවත් කරදරයක් නොවූ මොවුන් දෙදෙනා තමන්ගේ පාඩුවේ පොටෝ එකක් දෙකක් ගසාගෙන ඒවා විකුණා ජීවත් උනෝය. දෙදෙනාම තනිකඩයෝ උන බැවින් ඔවුන්ගේ ගමන් බිමන් වලට කිසිම කරදරයක් තිබුණේද නැත. ගිය සතියේ සිංහරාජ වනන්තරේ ඇවිද ගොස් වටිනා දුර්ලබ පොටෝ ටිකක් කැමරාගත කරගන්නට ඔවුන් සැලසුම් කර තිබුණි. 

සිංහරාජයේ උතුරු මායිමෙන් ඇතුල් වීමට මුදිත හා සුමන් කතිකා කර ගෙන තිබුනේය. එදා මද හිරිපොද වැටෙන මුත් හොදින් හිරු රැස් පතිත වූ මද්දහනක් විය. මිතුරන් දෙදෙනා සිංහරාජ උතුරු මායිම වූ කොස්ගුලන ගග ලඟට පැමිණෙන විට දහවල් දෙකට ආසන්නව තිබුණි. කොස්ගුලන ගග ළඟ විසාල කුබුක් ගස් හෙවනක හිද ගත් යහළුවෝ දෙදෙනා තම බත් පතේ රස විදින්නට ගත්තෝය. මාලු කැල්ලක් කටට දාගන්න ගමන් ඈත බැලූ මුදිතට මාලු කෑල්ල උගුරේ සිර විය. 

කැහ් කැහ් බුහ් බුහ්.. මුදිත කහින්නට විය.

මොකද යකෝ? මැරෙන්නද හදන්නේ. මාළුවත් නහින්නේ කට හින්දලු.. සුමන් වතුර බෝතලය දිගු කරමින් කීවේය.

අර බලාපන් අර... මුදිත අත දිගුකරමින් සුමන්ට හරියටම පිටුපසින් වූ සරල රේඛාවේ  යාර කීපයක් එහායින් දිය නාමින් සිටි යුවතියන් පස් හය දෙනෙක් පෙන්නුවේය.

නැන්දා ගහයි ස්ටම්ප් එකෙන්... ඒ උන් කොහෙන්ද බන් ආවේ? අපි එනකොට හිටියේ නැනේ... සුමන් පිටුපස බලමින් කීවේය.

කොහෙන් ආවත් මොකද බන්. මුදිත ඉදිරිය බලාගෙනම ඇනූ බත් කට නහයේද ගාගනිමින් කිවේය.

ශේහ්!!! අඩෝ එතන පට්ට කෑල්ලක් ඉන්නවා බන්. මගේ බත් එකේ මාලු කෑල්ල වගේ ඕයි..

ඉක්මනට කාපන්කො ඕක... අපි ටිකක් ලඟින් යං... මුදිත එක කටට බත් පත ගිලමින් කියවන්නට විය.

කොස්ගුලන ගං ඉවුර දිගේ බිම බලාගෙන සන්සුන් ගමනෙන් යන මිතුරන් දෙදෙනා, දිය නාන යුවතියන් දෙය එක වරම බැලුවේ අහම්බෙන් ඔවුන්ව දැක්කාක් මෙනි. මොහොතක් ඔවුන් දෙස බලා සිටි මුදිත තම උණ බම්බුවක් වැනි කැමරාව බෑගයෙන් එලියට ගත්තේය. ගගේ ලස්සන කැමරාවට නගනවාක් මෙන් ඔහු පොටෝ ගැසුවේ කලින් ඔහු සුමන්ට කී තරුනියවය. මෙය දුටු සුමන්ට මද සිනහවක් ආවේය.

අඩෝ මුදියා, ඔන්න මට කවි අදහසක් මතක් උනා... ඉස්සර පොඩි කලේ හැමතිස්සෙම කියපු එකක්. මුදිත සිනහ හඩින් කිවේය.

කියහන්කෝ බලන්න. මුදිත ගංමැද දෙසට නෙත් යොමා කීවේය.

සුමන් රැල් බුරුල් හැර උගුර පාදා ගත්තේය. කොස්ගුලන ගගේ රැලි හැදෙන සද්දෙන් කවිය තාලෙට කියන්න ගත්තේය.

කොස්ගුලනේ ගග දෙපසේ කුඹුක්     නැමී
පැංචාවියන් දිය කෙලිනා සැටි            දුටිමී
පිපුනු මලක් නම් තලලා මිස         නොයමී
කැකුළු මල නිසා නොතලා යන්ට         යමී

සුමනගේ කයියේ සද්දෙට දිය නාමින් සිටි කෙල්ලෙන් සියල්ලම ක්ෂණයකින් යහළුවන් දෙසට හැරුනේ ඔවුන් දෙදෙනා දැවී අළුවී යන බැල්මකිනි. 

තොට පිස්සුද යකෝ?? මුදිත ඇස් දෙක ලොකු කරගෙන පිටිපස්සට හැරෙන ගමන් ඇසුවේය.

තවමත් ගෑනුලමයි යහළුවන් දෙදෙනා දෙස බලාගෙනය.

උඹ ගම කනවා. මෙහෙ වර යන්න. පින්ගුත්තරයා. අපරාදේ ලස්සන පොටෝ දෙක තුනක් ගහගන්න තිබ්බ චාන්ස් එක. මුදිත, සුමන්ව ඇදගෙන ගං ඉවුර දිගේ යන්නට විය.

ඉදපන්කෝ. ඉතුරු කයිය කෙල්ලෝ කියයිද බලන්න. කිව්වොත් නම් අම්මපා මම ඒ කිව්වා ඒකිව ගෙදර උස්සන් යනවා සත්තයි... සුමන් ගග දෙස බලමින් කීවේය.

වරෙන්කො යන්න. මම කියන්නං උඹට ඉතුරු ටික. මෙතන හිටියොත් උඹට ඇටත් නැතුව තමා යන්න වෙන්නේ. පේනවනේ බලන් ඉන්න මරුමුස් ලුක් එක.

අනේ බන්. පොඩ්ඩක් ඉන්දපන්කෝ. සුමන් අයචනාත්මක ස්වරයෙන් කිවේය.

වරෙන්කො අපි මගට වෙලා හැංගිලා ඉඳලා පස්සෙන් යමු. මුදිත රහසින් මෙන් සුමන්ට කිවේය.දෙදෙනාගේම කට කන අසලට පැමිණෙන්නට ගත වුයේ තත්පරයෙන් දහක් එක කොටසක් තරම් වූ කෙටි කාලයකි. 

ටික වෙලාවක් අකුලක් අස්සට වී සැගවී සිටි මිතුරන් දෙදෙනාගේ බලාපොරොත්තු මල් පල ගන්වමින් දිය නාමින් සිටි ගෑල්ලමයි ඉදිරියෙන් ඇදෙන්නට විය. ඔවුන්ට ටික දුරක් යන්නට දුන් මිතුරෝ සෙමෙන් සෙමෙන් ඔවුන් පිටිපස්සේ ඇදෙන්නට විය. යුවතියන් උසුළු විසුළු කරමින් සිංහරාජය තුලට වූ අඩි පාරකට පියමන්නොය. ටික දුරක් යනවිට. පාර දෙකට බෙදෙන්නාවූ හන්දියකි. මුදිත ඇහැ දමනින් සිටි යුවතිය හා තව එක ගෑල්ලමෙක්  එක පාරකටද අනිත් ගෑල්ලමයි අනිත් පාරෙන්ද හැරි ගමන් කරන්නට විය.

අඩෝ අන්න කට්ටිය එක එක පැති වලට යනවා... අපි කොහෙටද යන්නේ? සුමන් ඇසුවේය.

අර ලස්සන එක පස්සෙන් යමු බන්.අපි අවේ එක පස්සෙනේ.

මානාව වැඩුණු ඇගේ සිරුර දෙස බලමින් ගමන් ගත් මුදිතට තවත් පරණ කවි සිතුවිල්ලක් පහල විය. ඔහු සිනහ මුසු හැදින් සුමන් ට පමණක් ඇසෙන සේ  මුමුනන්නට විය. 

මවු උරුමෙන් ලැබු ඔබගේ තුම්        මුල්ල
පිය උරුමය රකිනා මගෙ රඹුටන්      වල්ල
ලැබගනු පිනිස දෙන්නාහට සැන       සිල්ල
තුම්මුල්ලෙන් තියමුද රඹුටන්             වල්ල


රැහැයියන්ගේ කිරි කිරි හඩ මැද්දෙන් මිතුරෝ දෙදෙනා තරමක දුර පරතරයක් තබාගෙන සැක නොසිතෙනසේ පස්සෙන්ම ගියෝය. වට පිට පොටෝ ගසිමින් යන අතරතුර සුමන් පුදුමයෙන් මෙන් කෑගැසුවේය.

මුදියෝ... මුදියෝ... මේ බලහන්කො මේ සතා.  මම නම් දැක්කමයි..

අඩෝ මොකෙද්ද බං මේ. ගහ ගහ මැක්‍රෝ ටිකක් ගහගනින්. මාරයි බන් මු නම්. මුදිත කැමරාව එලියට ගනිමින් කෑගැසුවේය.

දලබුවෙක් මෙන් පෙනුණු මේ සතා මොහොතකට කාන්තාවකගේ රුව මිතුරන් දෙදෙනාට අමතක කරලන්නට සමත් විය.


එක එක  දිශානති වලින් පොටෝ වදින්නට විය. නොදැමීම විනාඩි දහයක් පමණ ගත වී තිබුණි. නමුත් දෙමිතුරන්ට කිසිම ගණනක් නැතිය, ඔවුන් අවේ මෙම කාරණය සදහාමය. එනම් පොටෝ ගැසීමය.

එක වරම කුලප්පු වූ මුදිත වේගයෙන් යමක් පවසන්නට විය. එත් සමගම ඔහු වේගයෙන් දිව යනවා සුමන්ට පෙනුනි.

අඩෝ උබ කොහෙද යකෝ දුවන්නේ??? ඔහොම හිටපන් මමත් එනකන්.... සුමන්ද මුදිත පසුපස දුවන්නට විය.දෙදෙනා අතර පරතරය ක්‍රමයෙන් අඩු වෙන්නට වුයේ මුදිත නැවතී සිටි බැවින්ය. ඔහු කැලය මැද  වූ තුන්මන් හන්දියක් ලග නැවතී සිටියේය.

කොහෙද යකෝ කුලප්පු වෙච්ච හරකා වගේ දිව්වේ? සුමන් හති අරිමින් ඇසුවේය.

අපි කෙල්ලෙක් පස්සේ ආවා වගේ එකක් උබට මතකද? සුමන් ඇසුවේය.

හත්වලමයි!!!!!! කෝ දැන් එකී. ගිය පැත්ත දැක්කද? මුදිත කට ඇද කරමින් කීවේය.

දන්නේ නෑ බන්. වමද? දකුණද?

මම දන්නවා යේ. ටොස් එකක් දාල බලල යමු.

හරි ගනින් රුපියලක්... සිංහයා වැටුනොත් වම, 1 වැටුනොත් දකුණ ..

ඔවුන්ගේ වෙලාවට වැටුනේ සිංහයාය. මිතුරෝ දෙදෙනා වම් පැත්තට විහිදුනු අඩිපාරේ පියමනින්නට විය.

මතු සම්බන්ධයි....

භාවිතයට උපදෙස්:
  • කතාවේ මාතෘකාව කනපිට හැරවීම කිසිවිට නොකල යුතුය.
  • මිතුරන් දෙදෙනාගේ නම සිංහල මුලකුරු සමග කියවීම නොකල යුතුය.
  • ඇතැම් කවි අතීතයේ සිට පැවත එන ජනප්‍රිය ඒවා වන අතර ඒවායේ තේරුම ඇසීම නොකල යුතුය.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Thursday, August 16, 2012

කිමද මේ අරුමේ...??? ( මොන මගුලක්ද ඕයි!!!) - Table Tennis

මං රජා ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේය. මේ විදුහල ගැන තවමත් නොදන්නා අය සිටිය හැක. මම දන්නා තරමින් ගෑල්ලමයි සුදු ගවුම වෙනුවට වෙනත් පාටකින් (අළු) ගවුමක් අදින එකම රජයේ පාසල මෙයයි. මේ වන විට වර්ෂ 30 සපුරන මේ පාසලේ නිර්මාතෘවරයා වන්නේ කුරුණෑගල එජාප බල කණුව වූ ජයවික්‍රම පෙරේරා මහතාය. එතුමාගේ වික්‍රම කොටස හා පාසල වටා වූ මහා ගල් පර්වතයන් හේතුවෙන් වික්‍රමශිලා යන නම මෙම විදුහලට ලැබී ඇත. 

වර්ෂය 1999 යය. මම රජා 3 වසරට සම්ප්‍රාප්ත වූ වර්ෂයය. මේ වන විට මහා වූ ක්‍රිකට් හා ටේබල් ටෙනිස් උමතුවකින් මම වෙලී ගොස් තිබුනේය. ඒ උමතුව සඵල කරමින් මව්තුමිය මේ කිරිකැටියාව උස්සාගෙන ගොස් ඉස්කෝලේ ටේබල් ටෙනිස් කෝචා ගාව අතහැරියාය. මට මාර හැපිය. පැයක් පමණ සෙල්ලං කරන අයියලා, අක්කලා දිහා කට ඇරගෙන බලා සිටියෙමි. පිංපොං බෝල ටුක් ටුක් ගගා බිම වැටෙන විට දුවගෙන ගොස් අහුලා දුන්නෙමි. 

ඉස්කෝලේ තිබුන ටේබල් ටෙනිස් රැකට් වලින් සති ගනනක් සෙල්ලම් කලෙමි. හරියට ටේබල් එකටවත් උස නැතිව යහළුවෝ සමග තරග කලෙමි. මේ වන විට මං රජාට ගිරිඋල්ල ටවුන් එකේම සම වයස් යාළුවෝ හතර පස් දෙනෙක් ටේබල් ටෙනිස් හේතුවෙන් ඇතිවී තිබුනි. උන් සමග එකතු වී පිංපොං බෝල පාගා චොප්පං කල අවස්ථා එමටය. 

එදා මහා ගොම්මං දවසකි. කෝචා පැමිණ නැත. අයියලා අක්කලා වගයක් හෝල් එකේ සෙල්ලං කරන්නේය. අපි සෙට් එකත් චණ්ඩි වගේ ඇතුලට ගියෙමු. මෙසේ කතිකා කර ගත්තෙමු. ** වැටෙන වැටෙන බෝලේ පාගමු ඈ..** ඉන් ඉක්බිති ටේබල් එක වටේට වූ හිස් අවකාශය මාර පැටව් පස් දෙනෙකේගෙන් වැසෙන්නට විය. ටුං ටුං ගානවාත් සමග චොක්... යනුවෙන් කිහිපවතාවක්ම සද්ද ඇසෙන්නට විය. සෙල්ලමේ යෙදී සිටි උන්ගේ කලිසම් සාක්කුවේ බෝල ඉවරවෙනවාත් සමග පිටුපසට හැරුනේ වැටුන බෝල ටික අහුලා ගැනීමටය. දැකි ගුජුප්සාජනක දසුනෙන් උන් හෝන්තු වී ගියෝය. තැන් තැන් වල බිත්තර කහ මද මෙන් ෆ්ලැට් වී ගිය කහ පැහැ පිං පොං බෝලය. අයියලා කට ඇරන් අපි දිහා බලාගෙනය. උන්ටත් කරන්න දෙයක් නැත. ගහන්නයෑ.

ප්‍රමාද වී කෝචා පැමිණියේය. ඒ දිනවල තිබූ හොදම හා මිල අධිකම ටීටී රැකට් අපි පස්දෙනාට ගෙනත් තිබුනේය. අපි සතුටින් ඉපිල ගියෙමු. නමුත් ඒ සතුට වැඩි වෙලා තිබුනේ නැත. රැකට් එකට නොමිලේ ලැබෙන පිං පොං බෝල තුනම තැලූ බෝල වලට හිලව් වෙන්න කෝචා විසින් අයියලාට දෙනු ලැබීය. 

අළුත්ම රැකට් සමග...     හා කවුද රජා??
මං රජා ඇතුළු පිරිවර ටේබල් ටෙනිස් කලාවේ පරතෙරට පැමිණ තිබුනේය. අපිට කුරුණෑගල මලියදේවය සමග තරග වාරයක් කැදවා තිබුණි. එය කුරුණෑගල ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවතෙන බව දන්වා එවා තිබුනි. අපි ගියෙමු. හත්වලාමය!!! හිටපු සෙනග... මෙවන් සෙනගක් හිටි තැනක මේ සූටි උන් කිසිදින සෙල්ලම් කර නැත. අනික අපේ ඉස්කෝලේ හා මලියදේවය පමණක් නොවේය. වයඹ අනිත් හැම ඉස්කෝලයක්ම සිටියේය.

වසය අවුරුදු 7න් පහල නියෝජනය කරමින් මම රජා තරග බිමට පිවිසියේය. හූ හඩක් ආවාද මතක නැතිය. අහුවුනේ හාවෙකි. මම රජා ගේමක් නැතුව දින්නේය. අපේ අනිත් උනුත් දින්නෝය. සියළු පාසල් අභිබවා අපි අවසන් වටයට සුදුකම් ලැබුවේමු. 

සෑම තරගයක් අවසානේම අපි කැන්ටිම වෙත දිව ගියෙමු. ඒ පෙප්සි බීමටය. ඒ දිනවල පෙප්සි දෙකක් ගත් විට ලස්සන ක්‍රිකට් කාඩ් ලැබුනේය. මතකයේ හැටියට එදින දවල්ට කෑවේද නැත. බිව්වේම පෙප්සිය. දිනය අවසානයේ ක්‍රිකට් කාඩ් මිටියක් මා සතුව තිබිනි. ඇතැම් විට දහයත් විස්සත් අතර ප්‍රමාණයක් වන්නට ඇත. මම පෙප්සි කීයකි නම් බොන්නට ඇද්ද?


කෙසේ හෝ අවසන් තරගය පටන් ගන්නා කාලය එලඹ තිබුනේය. තරගය තිබුනේ ප්‍රභල මලියදේව විදුහල් කණ්ඩායම සමගය. ඇති ප්‍රභලත්වයක් නැත. උන්ට අපිට වඩා ක්‍රීඩාවට පහසුකම් තිබුනේය. යුගල ලෙස ඒ වන විට කණ්ඩායමේ සිටි දරුණුතම ප්‍රහාරකයන් වූ මම රජා සහ තව එකෙක් ඉදිරිපත් විය. තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගත්තේ ලකුණු තත්වය හැම මොහොතකම එකක් ඉදිරියෙන් හෝ පිටුපසින් තිබීම හේතුවෙන්ය. එක් මොහොතක ලකුණු පුවරුව මෙසේ දිස් විය

මලියදේව - 10
වික්‍රමශිලා - 9

තව එක ලකුනකින් තරගයේ ඉරණම විසදෙන්නේය. උන් එකක් ගත්තොත් උන් දිනුම්ය. අපි එකක් ගත්තොත් තව පොයින්ට්ස් දෙකකට තරගය ඇදෙන්නේය.

මගේ සගයා සර්විස් එක අගේට පිරිනැමුවේය. බෝලය ලස්සනට එහා පැත්තට පැන පැන ගියේය. අගේට ආපසුද පැමි‍‍නෙනවාද දුටුවෙමි. මාගේ රාජකීය වම් හස්තය ක්‍රියාත්මක විය. ප්‍රභල ප්‍රහාරයක් පිං පොං බෝලයට එල්ල විය. චටා......ස් යන සද්දයෙන් බෝලය අසුරු සැනින් පියඹා ගියේය. හරියටම ප්‍රතිවාදියාගේ පපුව එල්ල කරගෙන ගිය බෝලය කිසිදු හඩක් නොනගමින් දැල සිප ගත්තේය.

එහා පැත්තේ සිටි අපතයෝ දෙදෙනා උඩ පනිනවා දුටුවෙමි. මාගේ රැකට්ටුව වාතාශ්‍රයේ පාවී ගියේය. ශරීර කූඩුව ගොඩනැගිල්ලේ මුල්ලකට ඇදුනේය. ඒත් සමගම හයියෙන් අඩන සද්දයක් මට ඇසුනේය. කවුද කියා මට හරියට මතක නැත.  

මම ඇස් අරින විට කෝචා, අපේ අම්මා, ඉස්කෝලේ අක්කලා මා වට කරගෙනය. අම්මා මාව වඩා ගත්තාය. ** ඔයා පැරදුනේ නෑනේ... ඔයාලා තමා දෙවනියා.. ඔන්න දැන් ඔයාලට තෑගි දෙනවා. අඩන්නැතුව ඉන්නකෝ**  ඒ ප්‍රකාශයෙන් මගේ දුක ලාවට තුනී විය. මම ඇඩුවේ නැත. පැයකට පමණ පසුව තෑගි ලැබුණි. සහතික පත්‍රය සමග කීටැග් එකක් හා අළුත් රැකට්ටුවක් ලැබුනි. නමුත් ඒ රැකට්ටුව කුජීතය. මෙලේ රහක් නැත.

රජ බට්ටා තෑගි ලබමින්


හතර වසරට එනතුරු මම ටීටී සෙල්ලම් කලෙමි. පහ වසරේ ශිෂ්‍යත්වය නිසා එය නවතා දැමුනි. පලි ගැනීම උදෙසා මලියදේවයට යන්න හිතා සිටියද ලකුණු මදී වීම හේතුවෙන් යන්නට බැරි විය. නමුත් මම ඒ හා සමාන ඇතැම් විට ඊට හොද අභිමානවත් බණ්ඩාරණායකයට පියමැන්නෙමි. එහිදීද මට ටීටී හැදැරීමේ අවස්ථාව උදා විය. ස්පෝර්ට් මීට් එකටද සෙල්ලම් කලෙමි. මට ඇති පුදුමාකාර හිතේ අමාරුවනං තවම මම ෆස්ට් ගසා නැති වීමය. එක්කෝ දෙකය... නැත්තං තුනය. 


කෙමෙස්ට්‍රි පීරියඩ් එකේ ඉන්න බැරුව ගිහින් ගහලා ආවා

මේ මොන මගුලක්ද ඕයි!!!


ප/ලි : මේක ලස්සන සින්දුවක්... අහලම බලන්න (ඊයේ උදයේ)

කිමද මේ අරුමේ... මට නොහැගේ

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!