Saturday, June 30, 2012

තෑගි ප්‍රශ්නය 05 - එන්ඩෝ තෑගි දිනන්ඩ එන්ඩෝ




පිළිතුර : 

මෙන්න මේකයි වෙන්නේ... පින්තුලා බැලුම් බෝල වලින් සෙල්ලම් කර කර ඉන්නවා. එක පාරටම පින්තුවා අයින්නේ බැලුමකට. ඒක දඩ බඩෝ.....ංංංංං ගාලා පුපුරනවා. පොඩි උන්ටික ඒකට බය වෙනවා. (උඩ විසිවෙනවා) ඒක දැකපු තාත්තට හිනා යනවා.

හරිම සිම්පල්.. :)

මෙන්න ජයග්‍රාහකයෝ දෙන්නා..

  • පළවෙනියටම උත්තර දුන්නා දම්මි අක්කා (ටීචර්) .. දැන් මෙයා දෙපාරක් දුන්නා උත්තරේ. මේ පාරත් දුන්නොත් තමා සීන් එක..

  • දෙවෙනියා තමා...කූපර් අයියා. මෙයත් දෙවනි පාරට තමා උත්තරේ දුන්නේ.

ඔන්න ඒ අනුව ඒ දෙන්නට හිමිවෙනවා ඔටුන්නක් (කැමති නං දාගන්න එපා නං නිකන් ඉන්න) හා බ්ලොග් එක මා ලවා හැඩ කර ගැනීමේ අවස්ථාව.


_____________________________________________________________________________

මෙන්න අද ප්‍රශ්නය.. 

හැමෝටම උත්තර දෙන්න පුළුවන් අදනං. මොකද අද කුරුවල් වෙන්නේ මොලේ නෙමේ ඇහැ. හැමෝටම මොලේ නැති උනාට ඇහැක් තියෙනවනේ... :)

මේකේ වෙනස්කම් ගණන කීයද????


___________________________________________________________________________


තෑගි ප්‍රශ්නෙට උදව් කරන්න කැමති අය මේ විජට් එක එල්ලගෙන උදව්වක් දෙනවා නේද?
HTML/JAVASCRIPT එකක මේ කෝඩ් එක පේස්ට් කරන්න.


<object  data="http://store.banner4five.com/2500/66_250_250_4230.swf" type="application/x-shockwave-flash" width="250" height="250">
  <param name="movie" value="http://store.banner4five.com/2500/66_250_250_4230.swf" />
  <param name="quality" value="high" />
</object>


එතකොට උඩ කෙලවරේ වගේ දගලන ඇඩ් එක පෙනේවි..


සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 

Tuesday, June 26, 2012

ආතල් ගමන (දවස 2) - The Journey (Day 2)

පලවෙනි දවසේ ෆන් එක මිස් වෙච්ච අය මෙතනින් ගිහින් බලන්න...

මැදියම් රැයත් පසුවී නිදාගත් හෙයින් පසු දින ඇහැරෙන විට  අලුයම 7 පමණ වී තිබුණි. වරකට එක බැගින් විනාඩි දහයකට වරක් එක්කෙනෙක් බාත්රූම් ගත විය. හෙමින් හෙමින් එක්කෙනා බැගින් ගොස් අවසන් උනි. අන්තිමයා ගවේශකය. ඇතැමුන් බුකි ගත වන අතර, කලින් දවසේ පොටෝ බලන අතර හා ඇලට් එකක් දමන් ඉන්න අතර ගවේෂක අප අතරින් වෙන්ව ගියේ රූම් එකටය. නොදැනීම වාගේ විනාඩි 40 ක් ගතව තිබුනි. චමියා තවත් නැත. 

ඒ කෝ බන් චමියා?

බලහන් කොමඩ් එකට වැටිලද දන්නේ නෑ.. 

මල මගුලයි ඇතුලට බැහැලා ෆ්ලෑෂ් කර ගත්තද දන්නේ නෑ...හිතේ අමාරුවෙන් හිටියේ...

මෙසේ විවිධ අදහස් දෝරේ ගලන්නට විය. මේ අතරතුර චමියා පැමිණියේය..

මොකද යකෝ මෙච්චර වෙලා කලේ...?

උඹලට කියන්න ඊයේ මඩොල් දූවේදී බෝකක් සෙට් උනා. පස්සේ එක එහෙම්ම නැතුව ගියානේ.. දැනුයි බං ඒකේ අමාරුව තේරෙන්නේ. අඩෝ බොක කොන්ක්‍රීට් වෙලා තිබ්බේ බං... මෙච්චර අමාරුවක් කවදාවත් හැදුනේ නෑ බං. හරි අමාරුයි.

එයේ රෑ මොනවා හරි උනාද දන්නේ නෑ.

රජ මල්ලි නේද උඹ ගාව හිටියේ.

විනාසයි.... 



කෙසේ හෝ දඩ බඩ ගා ලෑස්ති උණු අපි උදේ 9 වන විට ගෙදරින් එලියට බැස්සෙමු. කන්නලියටම යන්න වෑන් එක ගන්න ට්‍රයි එක්ක දැම්මද, එහි සිදුවු සියුම් තෙල් කාන්දුවක් හේතුවෙන් අපේ බලාපොරොත්තු සුන්නද්දුලි වී ගියේය. බසයෙන්ම කන්නෙලි යන්න සිදු උනේය. ගාල්ලෙන් උඩුගම බලා යන බසයකට අපි ගොඩ උනෙමු. ඒකත් ගියේ මගක් වනතුරු පමණි.  පාර කාපට් දමන හෙයින් ඒ ටික අපිට පයින්ම යන්න සිද්ද  උනේය. පයින් ගිහින් නැවත බසයකට ගොඩ උනෙමු. වෙලාවට වගේ පස්සේ සීට් එකම හිස්ය. පැනපු ගමන් ඉඳ ගත්තෙමු. අපිට ඉස්සරහ සීට් එකේ අක්කා කෙනෙක්ය. එත් ගවේෂකයාට හැම කෙල්ලක්ම නංගිය.


නංගි කන්නෙලියට ගොඩක් දුරද?

නෑ අයියේ තව ටික දුරයි..

ඕකේ කොටස් 3ක් තියෙනවා නේද නංගි ?

ඔව්..

මොකද්ද ලගම..

ඇය මේ සියල්ලටම සුක්ෂම ලෙස පිළිතුරු දුන්නාය. නැවත මද නිහඩතාවයකි.

නැවතත්.......නංගි කන්නෙලියට ගොඩක් දුරද?

ඒ අතර විශාල ශරීර කුඩු වලට උරුමකම් කියන උන් සියල්ලම පසුපස අසුනේ සිටි හෙයින් යශියට සිදු වුයේ ඉදිරිපස අසුනක හිද ගැනීමටය. මූ එතනත් ගිහින් පොටෝ ගහන්නේය. පොඩි උන්, බල්ලෝ, කොල්ලෝ, මූට පෙන්නන්න බැරිය...




ඒ බස් එකෙත් ගිහින් අපි කන්නේලිය බෝඩ් එක ගාවින් බැස්සෙමු. තවත් කිලෝමීටරයක් පමණ ඇතුලට යාමට ඇත. ඒ ටිකත් දෙයියනේ කියා පයින්ම ගියෙමු. ඒ අතරමග දුටු එකම එක සත්වයා හැකරුල්ලෙක් පමණක්මය. 12.30 පමණ වන විට අපට ප්‍රධාන දොරටුව ගාවට යන්නට හැකි උනේය. කට්ටිය බෑග් තබා ටිකට් අරන් එනතුරු අපි මදක් ගිමන් නිවන්නට අසල තිබු බැංකුවක් උඩින් වාඩි උනෙමු. ඒ අතරම එදා යශියට උන දේ අද උනේ අශානයාටය. ඊයේ බැල්ම දැම්මේ බැල්ලක්ය. අද බැල්ම දාන්නේ බල්ලෙක්ය. දැන් කාලේ බල්ලොත් හරි බලු වෙලාය. උනුත් දැන් ගේ කුරුල්ලෝ වෙලාය. 




නාන තොටුපලත් මීටර් කර ගෙමන අපි සෙමෙන් සෙමෙන් කැලේ ඇතුලට පිය මැන්නෙමු. එක තණකොළ නොවැඩුණු ප්‍රදේශයක් පෙන්වූ ගයිඩ් අයියා කිවේ මෙතන භීෂන කලේ මිනි පුච්චපු තැනක් කියාය. එතන නැවත ශාක වැවෙන්නේ නැතිලුය. තව අපි ගල් උමගක් යටින්ද ගියෙමු. අඩි 10 ක් 12 ක් දිග ඒ උමග තුල වවුලොද සිටියේය. කට්ට කළුවරේ ඔලුව නමාගෙන කැම් එකේ ෆ්ලෑෂ් එකේ එළියෙන් අපි ඉදිරියට ඇදුනෙමු.

ඊළඟට හැරුනේ අනගිමලේ ඇල්ල බැලීමට යාමටය. එය පට්ටම දිය ඇල්ලක්ය. හැබැයි මේ පායන කලේ නිසා වතුර නං පොඩ්ඩක් අඩුය. එතෙනට වී සිහිල් පහස විදිමින් පාන් සමග දැල්ලෝ ඩෙවල් එක රස විදි අපේ උන්ට පුරුද්ද නං කිසිවිට අමතක වුනේ නැතිය. ඒ අතිශය සාටර් වූ පොටෝ ගැසීමය. 





ඇල්ලට සමු දුන් අපි නැවත උඩුගං බලා ඇවිද්දේ යොධ පුස් වැල බැලීමටය. ගියාටත් පාඩුය... එහි බලන්නට දෙයක් නැත. ඇත්තේ දගර ගැසුණු පුස් වැලකි. ඇත්තම තමාය.. එය දැන් පුස් කන්නත් ලගය. ඒ කොටස බලලා ඉවරය. ඊළඟට ඇත්තේ නාන්න යාමටය. අපි හෙමින් හෙමින් පල්ලම් බැස්සෙමු. අපිට නං දැන් ටිකක් මහන්සිය. එත් ගවේෂකට මහන්සි ඇත්තෙම නැත.

ඒ මහන්සි බං...පොඩ්ඩක් ඉඳලා යමු..

පිස්සුද බං? උඹලට කිලෝමීටර් 3ක් ඇවිද ගන්න බැරිද? මොකද්ද බං උබලා...

මෙසේ කියමින් ගවේෂක වැඩකරු වගේ ඇවිදගෙන යන්නේය. නාන තොටුපල ළඟ කෙල්ලෝ රංචුවක් නානවාය. මෙය දුටු ගවේෂක චමියාට කිචිය...

ඒ මහන්සී බං පොඩ්ඩක් ඉඳල යං...

නෑ නෑ බං මහන්සි නෑ යමන්. මූට කෙල්ලෙක් දිය රෙද්දක් ඇඳන් ඉන්නවා දැක්කහම තම මහන්සි.. $%^#$

කොහොමද දැන් ටිකකට ඉස්සරලා අපිට දුන්න ටෝක් එක..

අනේ බං මහන්සී බං. අර බලහන්කො....

නෑ නෑ මහන්සි නෑ වර යන්න.. #%%$^

උඹ ඕවා බලන් ඉන්න ගිහින් මොනවා හරි නැතුව ආවොත් එහෙම. අපි දෙන්නයෑ? ස්පෙයාර් වීලුත් නෑ....

නැවත බෑග් අරන් පැමිණෙන විට කෙල්ලෝ රංචුවේ ටික දෙනෙක් ගේට්ටුව ලඟට ආවෝය. ගවේෂකට ආයෙත් මහන්සිය. බොහොම අමාරුවෙන් ඌව ඇදගෙන තොටුපලට ආවෙමු. ඒ එන අතර මග නාන ගැන්සියේ කෙල්ලෝ ටිකක් අප කැමරා කාචයට හසු විය.




දැන් වෙලාව 3 ටත් කිට්ටු වෙලාය. යශ් ගෙදරට යාමටත් පැය 2 ක් පමණ ගත වෙනවාය.. 6ට කලින් ගෙදර ගොස් කලින්ම බීච් එකට සෙට් වෙන්න තියෙනවානම් හොඳය. මන්ද නැතිනම් අදත් තාත්තා උදැල්ල දැම්මොත් සල්ලි දාලා ගත්තු බ්ලැක් ලේබලය අපරාදේය. අනික තව පට්ට ෆන් එක්කකුත් මිස් වෙන්නේය. අපි හොඳ ප්ලෑනක් ගැසුවෙමු.


මචන් චමියා උබේ ඔය මගුල් භාන්ඩේ අරං තියපන් ස්ටොප් වොච් එක පැය කාලකට. අපිව උඩ ගනින් හොඳද?


එල...


දැන් අපි ලස්සන ගල් අල්ලා සකස් කරන ලද නාන තොටුපලේ බඩක් වතුර දක්වා ඇති කොටසට ගොස් හිතේ හැටියට නා ගත්තෙමු. ඒ අස්සේ වෙලාව බලන්න තැබූ එකා කැම් එක අරන් දිගට, හරහට, ඇදේට, කෙලින්, පොටෝ ගහන්නේය. ඒවා නම් බලන්න ලස්සනය....අගනේය.....





ඒ පාරේ බස් එකක් යන්නේත් පැය ගානකට සැරයක්ය. අපි බස් එකක් එනකං පාරෙ ඉදගෙන සිටිසෙමු. ඒඅතර අපේ උන් දෙදෙනෙකුගේ කුමන්ත්‍රනයක් එලියට ඇවිත් තිබුණි. රහස් පරීක්ෂක වැඩ අතරතුර පාරේ ගිය ඩිමෝ බට්ටෙකුට අත දැමීම හේතුවෙන් ඒ අයියා අපේ දුක්බර මුහුණු දැක එක පයින් බ්රේක් ගසා නැවැත්තුව හෙයින් කලින් ගෙදර යාමේ අවස්ථාව අපිට සැලසුනි.





අපි නැවතත් යශ් ගෙදරට සේන්දු උනෙමු. එවිට වෙලාව හත පමණ වී තිබුණි. හනික බත් ටිකක් ගිල ගත අපි 

පෙති කපපු අඩි 3ක් දිග මාළු කුරියයි
පොල්තෙල් බෝතලයයි
භූමිතෙල් බෝතලයි
බ්ලැක් ලේබලයයි
දර ටිකකුයි
තාච්චියයි

රැගෙන කොග්ගල මුහුදු තීරයට ගියෙමු. ඒ සදහා අපේ ආරක්ෂාවට පට්ට අංකල් කෙනෙක් යශ් තාත්තා විසින් පත් කර තිබිණි. ඒ ගින්දර ඩයල් එකත් සමග අපි වැඩ අල්ලන්නට ගත්තෙමු.


අංකල් අපේ තාත්තට කියන්න එපා ඈ..


පිස්සුද පුතා... ඕන තරම් කැම්පස් කොල්ලෝ ඇවිත් ෆන් අරං යන්නේ..


ඉස්සරලාම කරන්නට දී තිබුනේ අඩි 3 මාලුවා බැද බයිට් එක සාදා ගැනීමය. අංකල්කාරයාගේ පිහිටෙන් අපි අර හෙන සැර මුහුදු හුලං වල බාධකය මත බොහොම අමාරුවෙන් ලිප පත්තු කර ගත්තෙමු. රජ සමග අශා මාලු බදින අතර යශ් සුපුරුදු පොටෝ ගැහිල්ලේ නිරතව සිටියේය. අනිත් උන් අංකල් සමග සුබ මොහොතින් වැඩ අල්ලා තිබුනි. හසියගේ ටෝච් එකේ පිහිටෙන් අර කට්ට කළුවරේ මාලු වල පාඩම සොයා ගත්තෙමු. බයිට් එකට බැද්දට, වැඩියෙන්ම කෑවේ රජා සමග ආශා බව අනිත් උන්ට නොතේරෙන්නට ඇත. තෙල් තාච්චියෙන් මාලු බිමට බානවා පෙනෙයි. ඊලග තප්පරයේ මාලු අතුරුදන් වී තිබුණි.



කෝ බං උඹලා තාම ඕක බදිනවද?

දැන් කොයි වෙලේ ඉඳන්ද?

බෑ බං මේ හුලං එක්ක කරන්න.... රස්නේ මදි....

ඊලග කාර්යය උනේ ගිනි මැලයක් ගැසීමය. එකට දැන් දර ඕනෑය. අපි ළඟ තිබු දර සියල්ල ඉවර වෙලාය. අන්කල් සිටියේ වෙලාවටය. පොර මේ වෙරළේ හැම අගලක්ම දන්නේය. අපිත් සමග පෝර උරයක් උස්සන් ගිය ඔහු පෝර උරේ පුරවන් ආවේ වෙළුන තැබිලි කෝම්බ, පොල් කොම්බ වලින්ය. ඒ අතර බ්ලැක් ලේබල් එකත් අසාමාන්‍ය වූ වේගයකින් ඉවර වෙන්න ලංවී තිබුණි. මෙය සිදු උනේ කොහොමද? වෙනදාට මෙහෙම වෙනවද? සීමාවේ රැදී සිටි පිරිසට මහත් ප්‍රශ්නයකි. 

ඒ කොහොමද බං මේක ඉවර උනේ?

අනේ මන්ද ඕයි.... මම ෂොට් 3 ක් වත් ගැහුවේ නෑ

මමත් බං....

කවුද යකෝ එතකොට බිව්වේ..?

අර අංකලයා බං. ඒ යකා අමුවෙන්ම කට පුරෝලා නෙස්කැෆේ කෝප්පේ ගහනවා මං ලාවට දැක්කා...

ඒ කවුද බං මූව එක්කන් ආවේ?

කට්ටිය පොල් කෝම්බ ගෙනෙන තුරු රජ, ගයියා සමග ආශා, රැල්ල පාගන්නට කියා ගියෙමු. අපි දැන් රැල්ලක් එනතුරු සිටින්නෙමු. වෙන වෙලාවට එන තැනට වී සිටිමු. රැලි එතෙන්ට එන්නේ නැත. ආයේ කලින් ආපු තැනට ගියෙමු. ආයෙත් රැල්ල මග නවතී.

කෝ බං රැලි.... අපිත් එක්ක තරහා වෙලාද?


යමන් තව ටිකක් ඉස්සරහට..


මෙතෙන්ට වෙලා ඉමු. එන වෙලාවක එන්නේ නැතෑ...


අපි එකම තැනකට වෙලා සිටියෙමු. මහපට ඇගිල්ල තෙමෙන්න තරම් රැල්ලක් ආවේ වෙලාවටය. නැත්තන් අපිට වෙන්නේ එතෙන්ටම වෙලා සිටින්නටය.


ටිකකින් අංකල් කවරේ උස්සන් ආවේය. ඒකත් හෙන ගේමක් දී පත්තු කර ගත්තේය. දැන් නම් බුදුම ආතල්ය. බුර බුරා නැගෙන ගිනි දැල් කොග්ගල මුහුදු තිරය ආලෝකමත් කරන්නේය. 



අපි ගිනිමැලේ වටේට ඉඳගෙන සින්දු කියන්නෙමු. සමහරුන්ට ටිකක් වැදිලාය. හුලනුත් හින්දා හොඳටම වැදිලාය. අංකල්කාරයට නම් කුණු වෙන්නම වැදිලාය. කෙලින් ඉන්නත් බැරිය. එදා වෙඩිමේදී වගේ චමියා ඇඩුවේ නැත. නමුත් හද්දම සාටර් තවත් දවසේ කතාවක් ඉදිරිපත් කළේය. 

පාරේ එහා පැත්තේ උස පොල් ගස් දෙකකි. එහි වම් පැත්තේ ගසේ කදට අංශක 50 ක් පමණ ආනතව පිහිටි පොල් අතු දෙකකට පාරේ යන වාහන වල ලයිට් එලිය වැටී එක පාරට දිලිසෙන්නේය. චමියා මෙය දැක ඇත්තේ මල් වෙඩි හෝ වල්ගා තරු වගෙය. කියමින් සිටි සින්දුව හදිසියේම වචන හිර වීම නිසා අතරමග නැවතුණි. එත් සමගම මෙසේ ඇසුනි.

ඒ ආං...බලහකෝ අර... උඩ... මල්.... ආ..... නෑ නෑ....

හක්ක හැක හැක හූ.............. ඒ ආපු හූ පාරට මුළු කොග්ගලම හෙල්ලුනද කොහෙද. 

මේ වන විට බෝතලෙත් ඉවරය. ගිනි මැලෙත් නිවෙන්නට ලගය. වෙලාවත් 12 පහුවෙලාද මන්දාය. දැන් එන්න කියා යශ් ගෙදරින් කෝල් එන්නේය. අපි කොහොමත් උප්පත්තියෙන් වැද්දෝය, පුරුද්ද අත හරින්නට බැරිය. ගිනි මැල පේන්න බැරිය. වටේ නටනවාය. අදත් එය එසේමය. පට්ටම ෆන් එක මෙතනින් නිමා කල යුතුය. අවසන් ගාලු රාත්‍රිය මෙසේ සනිටුහන් විය. කොග්ගල් මුහුද ලැජ්ජාවෙන් ඇඹරෙන්නට විය. මන්ද අපි ඇයව ප්‍රසිද්ධියේ දූෂණයට ලක් කලේමු. 





වෑන් එකේ නැගුනු අපි නැවතත් යශ් ගෙදරට එමින් සිටියෙමු. ඒ අතර හබරාදූව හන්දියෙන් හැරී ටික දුරක් එන විට ටොක් ගා සද්දයක් ඇසුනි.. ඒත් සමගම ගිනි පුපුරු විසිවෙනවා ලාවට පෙනුනි. සිදුවී තිබුනේ මෙවන් දෙයකි. 


ලාවට වගේ බ්ලැක් ලේබලයේ අතුරු ප්‍රථිපල ලැබුනු එකෙක් ෆිල්ටර් කොටයක් වීදුරුවෙන් එලියට විසි කරන්නට ගොස් ඇත. ලාවට වැදී තිබුනු හෙයින් ඔහු වසා තිබුනු වීදුරුව දැක නැත. නම නොකියමි. මන්ද මේ ගැසූ මඩ හොදටම ඇතිය. මම නැවත ලෙක්චර්ස් යා යුතුය.


ප/ලි :

මේ බලන්න... අපි හොඳ ලමයි.... කොච්චර ලස්සනට ඉන්නවද? ගහපු පොටෝ වල හිතට අල්ලලා ගිය පස්ටම පින්තුරෙ තමා මේ තියෙන්නේ. ගිනි මැලේ නිවෙන්න ඔන්න මෙන්න. ඒ එළියෙන් අපේ මුණු.... ඇඩෙනවා.....


රජා, හසියා, ගයියා, චමියා, අශා

බුකියේ සම්පූර්ණ මඩ ඇල්බමය මෙතනින්...........


කන්නෙලිය ගැන ගවේෂකගේ සම්පූර්ණ වෘත්තීමය වාර්ථාව මෙතනින්..

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

Sunday, June 24, 2012

එක ගමනක් (දිනය 01) - An Awesome Journey (Day 01)

දිනය 2012 ක් වූ ජුනි මස 18 වෙනිදාය. අද දින ගාල්ලේ වසන යශීගේ (කොල්ලෙක් ඈ..) ගෙදර යාමට කතිකා කර ගෙන තිබුනේය. මරදානෙන් කෝච්චිය උදේ 8 ටද කොහෙදය. මම සුපුරුදු පරිදි මීරිගම දුම්රිය ස්ථානයට අවෙමි. වෙනදා මෙන්ම ගවේශකයා පරක්කුය. ඒ ගැන ලියා වැඩක් නැත. වචන ටික අපරාදේය. උගේ සන්තෑසිය ටිකක් දුරට එදා වෙඩිමේදී ලොවටම හෙළි විය. අපි මිරීගමට එක්ෂ්ප්‍රස් කෝච්චියකට ගොඩ උනෙමු. එය කෙලින්ම නවත්වන්නේ වේයන්ගොඩ, මරදානය. වේයන්ගොඩදී සෙනග වැදුනි. රජට ඉහින් කනින් දාඩිය වගිරෙන්නට විය. මම සෙනග අස්සෙන් දොර ලඟට ආවෙමි. ඒ එන අතරමග "මොන %$#% කරනවද" වගේ උදෑසන ඇසීමට වඩාත්ම උචිත සම්භාව්‍ය හෙළුවෙන් වැනීම් කිහිපයක්ම ඇසුනේ නැත්තේම නැත. කෙසේ හෝ අපි මරදානට පැමිණියෙමු. ඒ වන විට අපේ තවත් ගමන් සගයන් දෙදෙනෙක් පැමිණ සිටියේය. එකෙක් නුවර  ට්‍රේන් එකෙන්ම එන්නේය. අපි එයට ගොඩ විය යුතුය. කෝච්චිය නං වෙලාවටම වගේ ආවේය. අපිට කොටුවේදී එකලගම වාඩි වීමේ අවස්ථාව කනාවට වගේ අහු උනේය.

කොටුවේදී අපේ පෙට්ටිය වසාගනිමින් කෙල්ලෝ රංචුවක් කෝච්චියට ගොඩ උනෝය. හුස්ම ගන්නටවත් බැරිය. ආශ්වාසයට කෙල්ලෝ ඇදී ඇවිත් නහයේ වදින්නේය. ප්‍රාශ්වාසයට ආපසු යන්නේය. ඒ මදිවට උන්ගේ දඩි බෑග් අපේ කකුල් අස්සේය. මට ඉදිරිපස අසුනේ සිටි හසියට එහා පැත්තේද ජුන්ඩි කළු කෙල්ලක්ය. හසියාගෙන් බාගයක්වත් නැත. අලියා ලග වටුවා වගේය. මට එහා පැත්තේද කෙල්ලෝ හිට ගෙනය. ඒ ලමයි නම් හොඳට හැදිච්ච ලමයිය. මාව එදා මෙන් අතවරයට ලක් නොකළෝය. 


අපේ තව එක ගමන් සගයෙක් වූ ආශා මොරටුවෙන් ගොඩ වෙන්නේය. දැන් ඌට අපි ළඟ ඉඳගන්න තැනක් නැතිය. අපි එහා පැත්තේ ඉන්න ගෑල්ලමයට ඇහෙන්න ටිකක් හයියෙන්.... 

ඒ ආශා කොහෙන්ද බං නගින්නේ?

පානඳුරෙන් බං....

ආ... එහෙනං හරි.... මේ නංගිට දැන් නැගිටින්න වෙනවා....

අනේ පව් කෙල්ල. කොමලේ දාගෙන බෙල්ල නමාගෙන කට කොනෙන් හිනා වෙන්නිය. හරියටම රජාට කෙලින්ම අංශක 90 වූ තිරස් රේඛාවේ හිද හුන් ඇය තරමක් සුන්දර යයි මොහොතකට මට සිතුනේම නැත.

නංගිලා කොහෙන්ද බහින්නේ....

කළුතරින්.... ඉහි ඉහි...

ඒ ආශා මෙතෙන්ට වරෙන්.. නංගිලා බහිනවලු කළුතරින්....

අපි කාඩ් පැක් එක එලියට ඇද ගත්තෙමු. හෙමින් හෙමින් ඕමියකට මුල පිරුවෙමු. මදක් හෙම්බත්වූ ගතියෙන් සිට් එකේ කොනක සිටි අන්කල් ගේ මූනේ හිනාවක් ඇදී ගියේය. ඔහු අපි සමග ඕමි ගැසුවේය. නිකන් නොවේය. 6 ක් සෙට් වෙලා ගහපු ඕමියක්ය. ඒක ගහන්නත් ලැජ්ජය. 2, 3 කොළ දාද්දි එන්නේ අමුතු හැගීමක්ය.

ඒ අස්සේ චමියා (ගවේෂක) GPSඑකක් උස්සන් ඇවිල්ලාය. මූ එකේ බරටම වැඩය. එහෙන් ඔබන්නේය... කෝච්චියේ වේගේ කියන්නේය... යන පාර ලකුණු කර අපිට පෙන්නන්නේය...මේකත් හෙන දිග කතාවක්ය. E-Bay ගෙන්නලා කස්ටම් අහුවෙලා පන බේරාගත් බාන්ඩයක්ය. හැබැයි චමියාට ඇරුණු කොට අපේ එකෙකුටවත් එය මෙලෝ රහක් නැතිය. අපි යන්නේ රේල් පාරේය. එත් ඒ හුචක්කුවට අනුව අපි ඉන්නේ මූද මැද්දේය. ඒ මදිවට මූ දෙන්නෙත් ලොකු ටෝක්ස්ය...

මචන් මේක ත්‍රී මීටර් ඇකියුරසි...තාම ලංකාවේ ගන්නත් නෑ...

එක තමා අපි මුහුද මැද්දේ ඉන්නේ... බලහන්කෝ මේකේ අපි කිලෝ මීටර් 3ක් විතර මූද ඇතුලෙනේ...

හැක හැක හැක...හූ... ඈ.... 



කෝච්චියේ දොරේ යමින්, දොරේ ඉඳගෙන යමින්, සීට් එකේ ඕමි ගසමින් යමින්, කෙල්ලන්ට ඇස් ගහමින් ගිය පැය දෙකක් පමණ ගමන ගාලු දුම්රිය ස්ථානයෙන් අවසන් උනේය. ස්ටේසමේ කැන්ටිමේ මේසයක් උඩ දහවල් ආහාරය ගත්තෙමු (එක බත් මුලයි). ඒ පයින්ම ෆුඩ් සිටියට ගියේ යශීලෑ ගෙදර ගෙනියාමට අවශ්‍ය කලමනා ටිකක් ගැනීමටය. එහෙට මෙහෙට කැරකෙමින් බඩු ටිකක් ගත්තෙමු.

ලීටර් 4 අයිස් ක්‍රීම් එකායි..
සංකුයික් එකායි
ලොකු බිස්කට් එකායි
කෝක් එකායි, ස්ප්‍රයිට් එකායි
බ්ලැක් ලේබල් එකායි
බාබකියු චාකොල් උරයයි

යශීගේ ගෙදර යාමට හබරාදූවටම යා යුතුව ඇත. අපි බසයක ගොඩ උනෙමු. විනාඩි 10 න් අපි එහෙය. යශියා උන්ගේ ඓතිහාසික වෑන් එකෙන් පැමිණ සිටියේය. අපි එහි නැගී ගෙදර ගියෙමු. යශී අම්මා අපිට නැවතත් දවල් ආහාර වේලක් පිලිගන්නුවාය. එය රස බැලු අපි කෙලින්ම ගියේ මඩොල් දූව සොයාය.


ඒ යන අතර මග කොග්ගල පටන් ගන්න කොටම වාගේ එක දවසේ කතාවක් ශ්‍රවනය විය. 

යශී : මචන් මේ තමා ෆෝට්‍රෙස් එක... පට්ටයි නේ?

X : අම්මට සිරි මේකද ගාලු කොටුව.??

යශී : නෑ ඕයි.... මේ ෆයිව් ස්ටාර් හොටෙල් එක...

පිරිස : හැක හැක හැක හූ........

යශී : උබලා දැක්කේ නැද්ද කොටුව. ඒ උබලා මූට ගාලු කොටුව පෙන්නුවේ නැද්ද?

X : ඇයි යකෝ ෆොට්‍රෙස් කියන්නේ කොටුවනේ. මම දන්නවා යේ ඉතින්... 

කෙසේ හෝ පච හලමින් අපි මඩොල් දූව එක තොටුපලකට ගියෙමු. අයිතිකාරයාට ටෝක් කර දූපත් දොළහම යාමට රුපියල් 2500 කට බෝට්ටුවක් කතා කර ගත්තෙමු. අපි බෝට්ටුවේ යන්නෙමු. ඒ අස්සේ යශියාට හම්බුනකිරි කිරි කැමරාව තම වැඩ කිඩ දමන්නට ගත්තේය.ලොවෙත් නැත... චමියාට නම් හරි යන්නෙම නැත. GPS එක හින්දා බෝට්ටුවේ අයියා අතිනුත් කිහිපවතාවක්ම සාටර් විය. දෙයියනේ කියා ඉස්සරලාම පන්සලක් තියෙන දුපතකට ගොඩ උනෙමු. නිදහසේ වැද පුදා ගත්තෙමු.


කලපුව වටේ කැරකෙමින් සිටි අපි ඊලඟට ගියේ කුරුදු දුපතටය. දුපතට ගොඩ බහින විටම අපිව පිළිගන්නට බැල්ලියක් දිව ආවාය. බැල්ල දුටු වෙලේ පටන් යශියට ඉන්නට බැරිය. උගේ පොටෝ එකක් ගන්නම ඕනෑලුය. යශියා දෙකට නැමි හිද ගත්තේය. බැල්ල දුවගෙන ඇවිත් කැම් එකට උම්මා එකක් දුන්නාය.ඊ....යා වැනි සද්දයක් ඇසුනි..

ඇයි බං....

බල්ලා ලේන්ස් එක ලෙව කෑවා...

හැක හැක හැක... හොද වැඩේ තොට. යනවා හැම රෙද්දම පොටෝ ගහන්න..

මූ දැන් පන දමාගෙන ලේන්ස් එක පිහින්නේ බැල්ලි මුගේ මූනට කිස් එකක් දුන්නා හා සමානවය. මූනට දුන්නා නම් සමහර විට පිහින්නේ නැතිව ඉන්නටද ඉඩ තිබුනේය. මන්ද එතන ලෙස්බෝ සීන් එකක් යන්නට ඉඩ ප්‍රස්ථාව තිබුණු හෙයින්ය..



අපි කුරුදු ගස් අස්සෙන් කුරුදු ගෙදර බලා ගියෙමු. අපිව සාදරයෙන් පිළිගත් නැන්දා හනිකට ගෙට ගියාය.

ඔයාල දැකලා තියෙනවද කුරුදු හරියට ගලවන හැටි? ප්‍රශ්නය මාමාගෙනි.

නැනේ...

එහෙනං බලාගන්න. එව්වට වෙනම තියෙනවා අවුද

මාමා වැඩ ඇල්ලුවේය. එකක් පොතු ගසා පෙන්නුවේය. ඒ අතර මැද නැන්දගේ කුරුදු තේ එක වැඩියේය. මම නං හිතුවේ ලොවෙත් නැති රසයක් ඇති තේ එකක් කියාය. පිනට දුන්නු නිසාම බිව්වෙමි. මෙලෝ රහක් නැතිය, අඩු තරමේ සීනි ටිකක් වත් දාලා නැද්ද මන්දාය.

තේ දුන්නට වත් සලකන්න ඕනේ නිසා අපි කුරුදු පැකට් එකක ගාන ඇසුවෙමු.

කීයද මේ පැකට් එක..

මේවා නම් ඉතින් අපි සුද්දන්ට විකුනන්නේ...

කියද කියන්නකෝ ගාන..

4500 ක් විතර...

නයි කයිද කුරුදු කිව්වලු... අපේ සියොලග හිරි වැටුණි. හිටපු උන් ඔක්කොගෙම සල්ලි දැම්මත් 2500ක් හොයා ගන්නට හැකිය.වෙලාවට මාමා ඔයාලට හින්ද 400 ට දෙන්නම් කිවේය.ඒත් රුපියල් 400ක් දීලා කුරුදු පැකට් එකක් ගන්න? ඕනෙම නං පොතු කෑලි 10ක් ඇති. ඕක අරන් ගිහින් ඉතින් කන්නද? බයිට් එකට ගන්නද? අරන් ගහගන්න තමා ඉතින් වෙන්නේ,යැයි සිතූ අපි රුපියල් 200ක් දෙන්නට තීරණය කළෙමු. එත් ඔවුන් එය ගත්තෙම නැත. නැන්දාට ටටා.... කියූ අපි නැවතත් බෝට්ටුවට ආවෙමු.


කුරුදු නැන්දාව සිහි කරමින් අපි බෝට්ටුවේ ඉදිරියටම ඇදෙන්නෙමු. ඒ අතර බෝට්ටු අයියාගේ විවිධ තොරතුරු අපේ සවනත ගැටෙන්නට විය.

අපි මේ කලපුවේ හැම අගලක්ම දන්නවා. මෙහෙම පෙනුනට යට ගල් තියෙනවා...

මල්ලි මේ හරිය තමයි ගැඹුරුම තැන..

ජරා...ස් ජර බරා...ස්.........

හුටා ගලකවත් වැදුනද මන්දා....

අයියාගේ ගැඹුරු කට හඩින් ගල නාලය හිර උනේය. හුස්ම ගැනීමේ අපහසුතාවයක් ආවේම නැත... ලාවට වගේ චූචු බරකුත් අවේ නැත... ඇයි අනේ මොන දෙයියන්ට කියන්නද? පල්ගස් යට දෙයියන්ට? එයා කොහෙද කලපුවේ? එයා ඉන්නේ දෙල් ගහ යට. පෙරලුනොත් කාට කියන්නද? පීන ගන්නත් බෑ. අනික මෙතන ගැඹුරුම තැනලු. දෙයියනේ.... බෝට්ටුව කලපුව හරහා එන දැඩි හුලං පහරට එහාට මෙහාට පැද්දෙයි. අපේ උනුත් මදක් නොසන්සුන් ගතියෙන් දගලයි...

මල්ලි දගලන්න එපා

ලනුවක් පැටලිලා මොටරේ.

අම්මෝ....අන්න ඒ ප්‍රකාශයෙන් අපේ ඇගට ලාවට වගේ ලේ ටිකක් ඉනුනි. විනාඩි දෙකක් පමණ ඔට්ටු වූ අයියා නැවත ගමන ආරම්භ කළේය.



මාරකයකින් ගැලවුණු අපි කෙලින්ම ජින්නා සොයා මඩොල් දූවට ගියෙමු. බෝට්ටුවෙන් බැස ගත අපි දූව සිසාරා ඇවිද්දෙමු. එක වරම අපි නොගැබුරු සාගර කලාපයකට පිවිසුනෙමු. අපි හැමදාම නාන කොල්ලෝ වන හෙයින් වතුර පේන්නට බැරිය. බහින්නටම හිතෙය. ඕනේ මගුලක් කියා බැස්සෙමු. 
එක වරම...... 
මචන් ලස්සනට ඉදහල්ලා කවර එකට පොටෝ එකක් ගන්න. ඒ කෑගැහුවේ වතුරට බැසීමට බැරිව ලතවෙන ගවේෂකයාය. අපි සම්භාව්‍ය ලෙස සිට ගත්තෙමු. කෙලවරේ සිටි මං රජාගේ විලුබ ප්‍රදේශය කවුරුන් හෝ අඩු දෙකකින් අල්ලනවා වගේ දැනුනි. එක වරම හයියෙන් අල්ලුනි. මට වැඩේ මීටර්ය.... @#$% කක්කුට්ටෙක් වගේ දෙයක් ඇසේනවාත් සමගම චිටිස් ගා පොටෝ එකක් වැදුනි.



මඩොල් දූව නරඹා අවසන් වූ අපි නැවත ගොඩබිමට සේන්දු වන විට වෙලාව 4ට පමණ වී තිබුණි. දැන් කරන්න වැඩකුත් නැත. අපි කොග්ගල වෙරල තිරය බලා ගියෙමු. රැල්ල ටිකක් විතර සැරය. රජ සමග ගවේෂක වෑන් එක ළඟ ඉන්න අතර අනිත් උන් මුහුදේ නාන්නට ගියෝය. උන් නාන්නේ වැලිය. විටෙක රැල්ල දෙපැත්තෙන් ඇවිත් පතා.......ස්....... ගා සුන්නද්දුලි වී යයි. විටෙක කට්ටිය පීනුවේ ගොඩය. 



මං රජ සුපුරුදු පරිදි පැපරාසි ඡායාරූපකරණයේ යෙදෙන්නේට විය. ලස්සන, කැත, මහත, සුදු, කළු අක්කලා, ඇන්ටිලා සක්මන් කරන්නීය. ඒ අතර මගේ කැමරා කාචයට හසුවූ හොදම ටික මෙසේ පුද කරන්නෙමිය.



කොහොමින් කොහොම හරි අපි නාලා කරලා එහෙම ඉවර වෙලා, වෙළර දිහා බලාගෙන  ඉඳගෙන උන්නෙමු. ඒ වෙන මොකටවත් නොව අශාගෙ මාළු ලොරිය එනතුරුය. මිනිහා බාබාකිවු වලට මාළු සපයන වැඩේ කලින්ම බාරගෙන තිබුණි. ඒ හෙයින් අපිට නොමිලේ මාළු ලැබීමට තීරණය වී තිබුණි.  දැන් පැය ගානක් අපි ඉඳගෙන සිටියෙමු. කිසිම තොරතුරක් නැත. කෝල් කරන විට මග එනවා... මග එනවා... යයි පවසන්නේය. අපේ විඩාබර දෙනෙත් වලට මල් සිසිලක් එක් කරමින් සොදුරු ලඳක් අපි ගාවින් එහාට මෙහාට යන්නීය. අපිටත් නිකන් මොකද්ද වගෙය. සිහිවටනයක් ලෙස ඇයව අප ආසන්නයේම තබා ගනු පිණිස පොටෝවක් ගනු ලැබීය.


රාත්‍රී 7 පමණ වන විට මාළු ලොරිය පැමිණියේය. හීනෙකින්වත් නොසිතු ලෙස රුපියල් පහේ සිලි බෑග් පහක් පිරෙන්න මාලු කුට්ටි, හෙන කූරිය, දැල්ලෝ ලැබුණි. අපිට තනියම නං මේවා කන්නට කොහොමතම බැරිය. උස්සන් ගිය මාළු කන්දරාව දැකලා තව ඩිංගෙන් යශිගේ අම්මා සිහිමූර්ජා වෙනවාය. ගෙදර ෆ්‍රිජ් එකේ ඒවා දමන්නට තරම් ඉඩත් නැත. ඇතැම් කොටස් අහල පහල ගෙවල් වල ශීත ගත කරනු ලැබීය. ඇග පත සෝදා අහවර වන විට රෑ 9 පමණ වී තිබුණි. බාබකිවු එකට නැවත වෙරළට යාමට අදහස තිබුනද යශ් තාත්තගේ උදැල්ල මත එය නතර විය. පසුව කිව් කිව් එක ගෙදර දැමීමට තීරණය කළෙමු. හෙන ගේමක් දී දැලක් අටවා... ඊට නොදවෙනි හම්බ කුණු ගේමක් දී අගුරු පත්තු කරගෙන මාළු කෑලි 5 ක් 6 ක් කන විට වැඩේ එපා විය...



ඔක්කොම නැවත මැච් එක බලන්නට විය. අම්මා.........බොක්ක කුල් වෙන මැච් එකය. මැතිව්ස් එලට ගැහුවේය. අන්තිම ඕවරේට 15ක් ඕනෑය. 2වෙනි බෝලෙට 6යි............යාහෝ........ ඊගාවට 4යි හූ.............අපි දිනුවෝ..............

මැච් එක දිනූ පසු අපි ඒ සතුටට පාරට බැස කට්ට කළුවරේ ඇවිද්දෙමු. ඒ අස්සේ මුං ලාවට ලාවට හොල්මන් කතාද මුමුණති. ඇත්තටම කියනවා නම් රජ හිටියේ ගූ බයෙනි. පුළුටු මස් කා තනියම ඇවිදින කොල්ලෝ හය දෙනෙක් මොහිනීගේ හොදම දඩයම වෙන්නට ඉඩ තිබුණි. එය වළක්වාලමින් තම ගල් පෙන්වමින් පාරේ ගමන් කිරීමට තරම් හසිය නිර්භීත උන හෙයින් අපේ එක මයිලකටවත් අතවරයක් කිරීමට මොහිනීට නොහැකි විය.


අහල පහල කරක් ගසා නිවෙස් ගත වන විට මැදියම් රැයත් පසු වී තිබුණි. පසු දින කන්නෙලිය බැලීමට යා යුතු හෙයින් අපි නිදා ගත්තෙමු

සොබා සොදුරු කන්නෙලියේ හොරු...
බ්ලැක් ලේබල් ගිනි මැල ෆන්... 
දිනය 2  බලාපොරොත්තුවන්න....

දිනය 2 මෙතනින්

සම්භාව්‍ය ඡායාරූපකරණය - පන පලයන් ගාල්ලේ ඇල්බමය මෙතනින්. (බලලා ලයික් එකක්වත් දාපල්ලා ඈ..)

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 

Friday, June 22, 2012

තෑගි ප්‍රශ්නය 04 - එන්ඩෝ තෑගි දිනන්ඩ එන්ඩෝ


ගිය සතියේ ප්‍රශ්නය....


පිළිතුර : 



දැන් බස්නාහිරෙන් නේ ගින්න පටන් ගන්නේ, බස්නාහිර ඉදන් නැගෙනහිරට හුලන් හමන නිසා ගින්න පැතිරෙන්නේත් ඒ පැත්තටනේ.. සිරිපාලයා දර කොට්ටක් අරන් ගින්න පටන් ගන්න බස්නාහිර පැත්තට පටස් ගාලා ඇවිත් ඒක පත්තු කරගෙන දුපතේ මැදට යනවා.. ඊට පස්සේ මැද්දට ගිනි තියනවා.. එතකොට දුපතේ බස්නාහිර කෙලවරේ ඉදන් ගින්න නැගෙනහිර පැත්තට පැතිරිලා එනෝ වගේම මැද ඉදනුත් නැගෙනහිර පැත්තට පැතිරිලා යනෝ.. ඉතින් මැද ඉදන් නැගෙනහිර පැත්තට යන ටික පිච්චිලා ඉවර උනාම සිරිපාලට පුළුවන් ඒ කොටසට වෙලා ඉන්න.. මොකද ඒ කොට පිච්චිලා තියෙන නිසා ආය ගිනි ගන්නේ නෑනේ..

හැබැයි කොහොමහරි සිරාට බේරෙන්න වෙන්නෙ නෑ...මොකද දූපතේ කෑම නෑනේ.


මෙන්න ජයග්‍රාහකයෝ තුන්දෙනා..
  • පළවෙනියටම උත්තර දුන්නා අර හැමදාම බුකියේ චාටර් වෙන යසන්තයා. කොහොම දුන්නද මන්දා උත්තරේ. ඒත් මැරෙනවා කියලා නෑ. කමක් නෑ ඉතින්.
  • දෙවනියා තමා දම්මි අක්කා..
  • තුන්වෙනියා තමා...සිරා මැරෙනවා කිව්ව අලුගෝසුවා
ඔන්න ඒ අනුව ඒ තුන් දෙනාට හිමිවෙනවා ඔටුන්නක් (කැමති නං දාගන්න එපා නං නිකන් ඉන්න) හා බ්ලොග් එක මා ලවා හැඩ කර ගැනීමේ අවස්ථාව.




අද ප්‍රශ්නය:

ඕං අද දෙනවා ලේසි එකක්....

දවසක් දගයයි එයාගේ යාළුවොයි ගෙදර සාලේ සෙල්ලම් කර කර ඉන්නවා.... පින්තු එක පාරටම මොකද්ද එකකට අයිනවා. එතකොටම දගයගේ තාත්තා එතෙන්ට එනවා. ඒක දැකපු තාත්තට හිනා යනවා.
පින්තු ඇන්නේ මොකේටද? තාත්තට හිනා ගියෙ ඇයි?

_________________________________________________________________

තෑගි ප්‍රශ්නෙට උදව් කරන්න කැමති අය මේ විජට් එක එල්ලගෙන උදව්වක් දෙනවා නේද?
HTML/JAVASCRIPT එකක මේ කෝඩ් එක පේස්ට් කරන්න.


<object  data="http://store.banner4five.com/2500/66_250_250_4230.swf" type="application/x-shockwave-flash" width="250" height="250">
  <param name="movie" value="http://store.banner4five.com/2500/66_250_250_4230.swf" />
  <param name="quality" value="high" />
</object>


එතකොට උඩ කෙලවරේ වගේ දගලන ඇඩ් එක පෙනේවි..


සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 

Wednesday, June 20, 2012

කවුද යකෝ දස්කොන් - උගේ බෙල්ල අතේලු...!!!

ආයෙත් පොඩි කික් එහෙකට වගේ හොල්මන් කතාවක්...!!!

දස්කොන් යනු මහරජ්ජුරුවන්ගේ අදිකරම් කෙනෙක්ලුය . මිනිහා රජ්ජුරුවන්ගේ අග බිසවට පොඩි ලයින් පාරක් දැම්මාලුය. වැඩේ නැගලා යනවාලුය. ඒ කියන්නේ බිසවත් එක්ක ලව් එක සිරාලුය. දවසක් රජතුමා චිත්‍ර ශිල්පියෙක් ගෙනල්ලා අදින්න කිව්වේ අගබිසවගේ චිත්‍රයක්ලුය. නිකන්ම එකක් නෙවෙය. බිසව ඇඳුම් නැතිව ඉන්න රූපයක්ය.ඉතින් පොර අගබිසව නිරුවතින් ඉන්නවා දැකල නෑනේ. මිනිහා බිසවගේ චිත්රේ දන්නා විදියට අඳිනවාලුය. වැඩේ ඉවරවීගන ආවාය. දැන් බිසවගේ ලස්සන රූපයක් ඇදල තියනවාය (නිරුවත් ). ඉවරවෙනකොටම දස්කොන් අදිකාරම් ඔතනින් ගියාලු. අදිකාරම් මේ රූපේ දැකල ඒ දිහා බලන් ඉඳල " මේ රූපේ අඩුවක් තියනවා " කියල පින්සල අරගෙන බිසවගේ කකුලේ දකුණු කලවයේ උඩ උපන් ලපයක් ලකුනුකලාලු. චිත්‍ර ශිල්පියාත් පුදුමෙන්වගේ බලන් ඉඳල වැඩේ ඉවර කරලා එක රජුට පෙන්නුවාලු. 




රජාගේ ඉහමොළ රත් උනාලු. තමන් විතරක් දන්නා මේ උපන්ලපය ගැන චිත්‍ර ශිල්පියා දන්නේ කොහොමද කියලා. උදහස්වෙලා ශිල්පියාට දඬුවම් දෙන්න යනකොටම පොර කිව්වේ "අනේ දේවයන් වහන්ස ඔය ලපේ තිබ්බේ දස්කොන් අදිකාරම් "කියලාලුය.

වැඩේ ගැස්සුනාලුය... උනදේ හිතාගත්ත හැකිනේද? දස්කොන්ගේ හිස හස දැම්මලු. ඕකය අතීත කතාව. ඔයගැන කියන සිංදුවකුත් තියනවාය. 

මේ සින්දුවෙත් ඒ කතාව තියනවා. (දස්කොන් ප්‍රමිලා - රූකාන්ත චන්ද්‍රලේඛා) 


මොනවා උනත් දස්කොන් බිසවට ඇත්තටම ආදරය කලාලු. ඒක රජෙක් අන්ත:පුර අගබිසවට කරන ආදරයට වැඩ උතුම් ආදරයක්ලුය. 

මේ තියෙන්නෙත් තව දස්කොන් ගැන කියවෙන තවත් එක් ගීතයක්ය.  දිවුල්ගනේ ශූරීන්




දස්කොන් අදිකාරම් තාමත් බෙල්ල නැතුව තමන්ගේ අදරවන්තියව හොය හොයා නුවර පැත්තේ අවිදිනවාලුය. දැක්කොත් අනිවා ගුරුකම් කරන්න නූල් බඳින්න වෙනවාලුය .එක එක විදියට කට්ටිය මේ අවතාරේ දැකල තියනවාලුය. සමහර විටක මෙය එන්නේ බෙල්ල අතේ තියගෙනලුය. නිලමේ ඇඳුම ඇඳන් ඉන්න මේ අවතාරය හොඳ උස මහත පෙනුම තියන එකක්ලුය.

විශේෂ ස්තූතිය සහ කරුණු සැපයීම:- සමීර කහදගමගේ අයියා (සත්‍ය හොල්මන් කතා බුකි ගෘප් එක)


සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 

Sunday, June 17, 2012

පච්ච කොටන කෙල්ලෝ බඩුද? (සේයාරූ සහිතය.. + ද මන්දාය)

කවුරුත් දන්නා පරිදි මං රජ බොරු  නොකියන්නේය. ඇත්තම සිද්දි ලියද්දී එතන කියවුනේ කුනුහබ්බයක්ද එයද අඩුවක් නැතුව පොස්ටුවේ රන් අකුරින් සටහන් වන්නේය. කෙල්ලෝ පච්ච ගැසීම යනු මට අමුතු දෙයක් නොවන්නේය. මන්ද කෙල්ලෝ පච්ච ගහන හැම තැනක්ම මම සියසින් දැක ඇත. හැම තැනකම කිව්වාට තැන දෙකක් දැක නැත. ඒ තට්ටම සහ රජ මකුණා ජීවත් වන ප්‍රදේශයය. දැන් රජා කොහොමද මෙච්චර පච්ච දැකලා තියෙන්නේ යන ප්‍රශ්නය පාඨක ජනතාවට අනිවා  එන ප්‍රශ්නයක්ය. විසදුම මෙයය....රජා ඇතුළු පිරිස ජීවත් වෙන්නේ ගල්කිස්සේ ගල් අස්සේය. එනම් සංචාරක පුරවරයකය. දේශීය මෙන්ම විදේශීය සංචාරක යුවතියෝද බිකිනි පිටින් මුහුදු තිරයේ සක්මන් කරන්නේ කිසිදු විලි ලැජ්ජාකමකින් තොරවය. ඒ දෙස අපි බල බල සිටින්නේද කිසිදු පැකලීමකින් තොරවය. මන්ද ඒ ශරීරය අපේ නොව ඇගේය. ඇය එය පෙන්වන්නේ අපිට බැලීමටය.

ඔය මම කොච්චර  අත කඩාගෙන ලිව්වත් උඹලා විශ්වාස නොකරන බව හොදින්ම දන්නේය.  ඒ නිසාම කැම්පස් එකේ සිට සුද්දියක් ෆලෝ කරගෙන බෝඩිම ඉස්සරහ කඩේ ලගටම ආවෙමි. ඇගේ හෝ මගේ හොද වෙලාවට ඇය කඩේ ලග නතර වුයේ අයිස් ක්‍රීම් සමග බෙන්සන් එකක් ගැසීමටය. ඒ අතර රජාගේ පැපරාසි  ජංගම දුරකථනය ක්‍රියාත්මක විය. දිගට හරහට සුදු පිටේ ඡායාරූප වදින්නට විය. මේ වගේ කාන්තාවන්ගේ රහස් ඡායාරූප ගැනීමට රජ හෙන දක්සයා බව දන්නෝ දනිති. (ඒ ගැන පොස්ටුව පසුවටය.)

ගැහැණිය යනු ස්වභාවයෙන්ම පිරිමියා වශී කරගන්නට හැදුනු සතෙක්ය. අමුතුවෙන් මොඩ් වීමට කිසිදු අවශ්‍යතාවයක් ඇති බවක් මට නොපෙනේය. නමුත් කෙල්ලක් විහින් තම ශරීර කූඩුව විනාස කර ගන්නේද, එයට රජාගේ තද බල විරෝදය එල්ල වන්නේ නිතැතින්ය. ෆැෂන් එක වෙනම දෙයක්ය. නමුත් අනවශ්‍ය දේ කිරීම තවත් දෙයක්ය. 

රජාට කළු සුදු භේදයක් නැත. කෙල්ල ප්‍රියමනාපද පිරිපුන්ද යන වග පමණක් සැලකිල්ලට බදුන් වන්නේය. මන්ද,

  • කළුවරට  කොයි ගෑණිත් එකය....
  • මොන කොටෙත් ඉරන්නෙ පෙරලලාය...
  • There is no Barrier under the බුරිය.... 
යන උදෘත පාඨ මගේ හිතේ අතීතයේ සිට මුල් බැස ගෙන ඇති බැවින්ය. 

පච්චය යනු අතීතයේ හුදු මැරයන්ට පමණක් සීමා වූ ෆැෂන් එකක්ය. බොහෝ කෙටි පද සිංහල ශබ්ද කෝෂයට එකතු වුයේ ඒ ඇසුරින්ය.

ජීවිතේ මල් අම්ම ඉන්නකල්, වැදූ මව බුදුවේවා හැදූ පියා රජ වේවා, අම්මා බුදුවේවා තාත්තා රජ වේවා, මා මළ පසු පණ පලයන් ගමට සුදා, කොටියා බුදි කීද්දුවොත් ගුටි, අම්මා නැතිදා කාගේ පිහිටද, හිත හොඳ පපුව, හිතත් හොඳයි වැඩත් හොඳයි, පිස්‌සු හැදෙන සඳ, පොළඟා විසයි කෑවොත් මැරෙයි, හිතුමතේ ජීවිතේ. ඉන් කිහිපයක්ය...

පච්ච සිරා, පච්ච සෝමේ, පච්ච මහතුන්, පච්ච ඇන්ටන් ආදී වශයෙන් තම නම මුලට ආදේශකයක්‌ එකතු වුණු අය සමාජයේ බොහෝ ලෙස සිටියේ එ ලෙස පච්චයක්‌ හෝ කීපයක්‌ ඇඟේ තිබ්බ නිසාත් ඒවා නිරාවරණය කරගෙන සිටි නිසාත්ය. හුංගම නයා, කොටුවේ අලියා, බීලිං බේලි වීදියේ බඹරා, ගාල්ලේ පිඹුරා වැනි අය සමාජය දැනගත්තේ උප්පැන්නයේ තිබූ නමට වඩා ඇඟේ සිටි සතාගේ රූපයෙන්ය.



වෘත්තියෙන් නොව එක් විශේෂ රෝගයකට පමණක් ටක්කෙටම සුවවෙන බේත්දෙන පාරම්පරික වෙදදුරෙක් වූ රජාගේ අත්තාගේද (සීයා රජා) වම් බාහුවේ සිංහ මුහුණක් තිබුනද, අදටද ඒ පච්චෙට කිරිඅම්මාගේ (ආච්චි රුජින) බලවත් විරෝධය එල්ල වන්නේ පනස් වන විවාහ සංවත්සරයත් පසුවී ඇති කාලයක වීම, එකල සිට පච්චා වලට තිබූ අප්‍රිය බව මනාව පෙන්නුම් කරන්නේය.

ඇඟේ පච්චා කොටාගත් අය සාමාන්‍යයෙන් කැමති එවා නිතරම අන් අයට ප්‍රදර්ශනය වෙමින් තියෙන්නට හැරීමය. වෙන විදියකට කීවොත් පච්චා හැමෝටම පේන ලෙස අඩ නිරුවතින් හෝ ඇඟ පේන ලෙස ඇඳුම් ඇඳීමටය. පච්චාකාරියකන් කලවා, ලැම, උරහිස, මලවිකරලිය ආදිය පෙනෙන්නට දුහුල් ඇඳුම්ම අඳිති. නැත්නම් එවා පෙනෙන ලෙස එ ප්‍රදේශ නොවසාම සිටීය. 

කෙල්ලෝ පච්ච ගහන විශේෂ තැන් කිහිපයක් වේය.

  • බෙල්ල - සමනලයා මල හා ලමිස්සී යනු පච්ච පොතේ විශේෂම පරිච්චේදයක්ය. ඇත්ත වශයෙන්ම දිග කොන්ඩේ ඇති කෙල්ලෝ මෙය නොගසන්නීය. මන්ද එය පෙන්නා කොල්ලන් මෝල් කිරීමට නොහැකිය. කොන්ඩේ උස්ස උස්සා සිටීමට නොහැකිය. ඇයට තව පච්ච ගැසීමට තැන් බොහෝය. 


  • වළලු කර - මෙය තවත් එක විශේෂ ස්ථානයක්ය. නමුත් මෙතන ගහන පච්ච ඉතාම කුඩාය. මන්ද කෙල්ලන්ගේ පාද කුඩාය. විලුබේ ගහන පච්ච නම් කුඩා තරු දෙකක් හෝ මලක්ය. මෙව්වා වැඩිය පෙනෙන්නේද නැත. අනික කොල්ලෝ දෙකට නැමී විලුඹ බලන්න යන්නේද නැත. ඇයට එය පෙන්නන්නම අවශ්‍යම නම් කකුල උස්සා අපිට එය පෙන්විය හැක්කේය. නමුත් එවිට කළුවර තැනකද පච්චා පෙනීම අපිට ගුජුප්සාව උපදවන්නේය.


  • පියයුරු - මෙතන ගහන පච්චාව නම් හරිම සෘංගාරය උපදවන සුළුය. මන්ද එය පෙන්වන්නට එන කෙල්ලෝ එන්නේ සීතාම්බර සළු ඇදගෙනය. නැතිනම් දුහුල් සේල ඇග පැලදගෙනය. කුරුම්බා ගෙඩි වලට උරුමකම් කියන පොෂ් ගෑල්ලමයි ලොකු ලොකු පච්චද, තුනී ලෑලි සංස්ථාවේ වැඩ කරන ලමයි පොඩි පොඩි පච්චද ගසන්නීය.


  • යටි පස්ස - වැරදියට තේරුම් ගන්න එපාලුය. මේ කියන්නේ අර යටි බඩත් සමගම ඊට ප්‍රති විරුද්ධ දිශාවේ තියන ප්‍රදේශය ගැනය. ඔය ගෑල්ලමයිගේ මේ හරිය හරි ලොකුයිලුය. එහෙයින් හෙන පත මල් වතු, කුරුළු උයන්, මකර තෝරන් වගේ ලොකු ලොකු පච්ච ඔය හරියේ නියමෙට වදිනවාලුය.


  • තට්ටම - මෙය මම කලින් කිව්ව දැකල නැති තැනක්ය. මොකද ඉතින් ගලවල බලන්න යෑ? දැකපු දවසක කියන්නම් මොන වගේ ඒවාද තිබ්බේ කියලා... නිල් පාට ඒවාට අනුවගේ නම් තිබ්බේ මෙන්න මේවාය.



පච්චයක් කෙටීමට ඕනෑම නම් අතිශය රහසිගත තැනක කොටා ගත්තාට වරදක් නැත. නමුත් පච්චය කෙටූ පසු එය තවත් රහසිගත නොවන්නේය. මන්ද පච්චෙ කොටන එකා එය දැකලා හමාරය. කෙසේමුත් අද සමාජයේ පච්ච කොටන යුවතියන් ගත් කල තත්වය පැහැදිලිය. මන්ද මේ ලංකාවය. කන්නේ එක මකුනෙක්ය. මැරෙන්නේ මකුණෝ ඔක්කොමය. 


විලාසිතා හොඳය. නමුත් එහි අන්තයට යැම හොඳ නැත. පච්චා කෙටීම සමහරුන්ට ලස්‌සනය. විලාසිතාවකි. නමුත් එහි දුර්විපාක බොහෝ තිබේය. ලේ ගැලීම, වෛරස්‌ ඇතුළුවීම, සමාජ අවමානයට ගොදුරුවීම, සමාජය විසින් පිළිකුල් කිරීම ආදිය ද සිදුවෙය. පච්චා කෙටූ ඇඟක්‌ ඇති අයෙක්‌ වරදක්‌ කර පොලිසියට අහුවන කල කන්නට ලැබෙන ගුටි ප්‍රමාණය වැඩිය. කෙසේ වෙතත් වැදගත් යෑයි සම්මත විසින් පච්චාකාරයන්ව එදා ගණන් ගත්තේ නැත. අදටත් එසේමය.

මහමගදී, සුපර් මාකට් එකේදී, ෆිල්ම් හෝල් එකේ දකින පච්ච කෙටූ යුවතිය වෙත ඇස යොමු වෙද්දී මට නම් සිතෙන්නේ මෙයය..මේකි නං පට්ට **ක්ය.... එය හුදෙක් මගේ එක සිතුවිල්ලක්ද? අනිත් කොල්ලන්ටත් පොදුද? යන්න මම නොදනී. මන්ද රජා අවට සිටින පිරිසද සිටින්නේ මගේ බෝට්ටුවේමය.

මෙන්න තියෙනවා පච්ච සහ ඒවගෙන් පෙන්නන ඒවා.. මොනවා උනත් ගති ඈ...

ප/ලි:
තරුණියන්, ගැහැනු සහ ළමා ළපටින් ද අද නව විලාසිතාවන්ට ආසා කරන බව අපට පෙනෙන්නේය. මෙහි වරදක්‌ නැතිය. විලාසිතාවන් නිකරුණේ විවේචනය කරන්නේ හෝ එවාට බැණ වදින්නේ ගොඩයන්, හණමිටියන් යන්න අද සමාජයේ ආකල්පයය. නමුත් දකින්නාට ගුජුපුසාවක් ඇති කරන එසේත් නැත්නම් බාල පරපුර නොමඟට යොමු කරන අසංවර දේ ගැන නිහඬව සිටීමට ද සමහරු කැමති නැතිය.

බ්ලොග්කරණය යනු හුදෙක්ම බේගල් අත හැර පාඨකයා මුලා කර සිගිති වූ ආතල් එකක් නොවේය. ඉදහිට හෝ මදක් සීරියස් වූ කරුණක් දෙකක් සමාජ ගත කල යුතුය. කතිකාවකට භාජනය කල යුතුය.

 සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!