Sunday, April 15, 2012

ඉංජිනේරුවෙක් දොස්තර වී - The Docingineer

සියලුම මගීන් ආසන පටි තද කරගන්න............

ලස්සන ගෑනු ලමෙක් කඩු වනනවා මට ගුවන් යානය ඇතුලෙන් ඇසුනි. මම හනිකට ආසන පටි තද කර ගත්තෙමි. නිකන් බොරුවට අකාලයේ කෙලෝගන්නේ මන්ද.
රජයේ විශ්ව විද්‍යාලයකට රිංගගන්න බැරිඋන මම එංගලන්තේ මහ රැජිනට කබුරල කබුරලා දොස්තර පට්ටමක් අරන්  අයෙත් ලංකාවට එන ගමන්. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල මගේ  ගමන්  අවසානය  උනා. රජතුමා මාලිගාවට හොරෙන්ම රිංගන්නයි ගියේ. මුළු රජ වාසලම පුදුම කරවන්නයි මම හදන්නේ.


මම හෙමින් හෙමින් මාලිගාව පැත්තට ඇවිදගෙන ගියා. මාලිගාව පුදුම විදිහට නිස්කලන්කයි. කවුරුවත්ම පේන්ඩත්  නෑ. හරි මට බඩු....අද එළියේ තමා රජෝ ඉන්න වෙන්නේ. මම අර හෙන ලොකු බෑගුත් එල්ලගෙන එලියට වෙලා හිටියා. මෙන්න බොලේ රාජපුරුෂයෙක් දුවගෙන එනවා.

පස්වාන් දහසකට බුදු වෙන්න දේවයන් වහන්ස. සමාව බජනය කරන සේක්වා!!!
අම්මට සිරි....එමබල රාජ පුරුෂය දැම්ම බුදු වෙන්න බෑ බං....කෝ මේ වාසලේ කස්ටිය කොහේ ගිහින්ද?
පස්වාන් දහසකට...... හා හා ඒ පාට් එක ඕනේ නෑ කියහන්කෝ..
බණ්ඩාරවෙල මාලිගාවට ගියා රජතුමනි.
හත්වලාමයි.... බණ්ඩාරවෙල...කෙලපන්කෝ හැලප.
මචන්...මට බණ්ඩාරවෙල යන්න චොපර් එකක් ලෑස්ති කරලා දියන් රාජ පුරුෂ සනා..
එහෙමයි රජතුමනි. මොන පාට එකද ඕන?
අනේ මෙහ් මගෙන් කුණුහබ්බ අහන්නේ නැතුව ගිහින් උබට ලස්සන එක ලෑස්ති කරලා දියන් ඉක්මනට.
එහෙමයි දේවයන් වහන්ස.
එක නෙමේ මෙහ්....උබ අපේ වාසලේ එකෙක්ටවත් කියනවා එහෙම නෙමේ මම එංගලන්ත මහ රැජිනට ආතල් දීල අපහු ආවා කියලා, මම බණ්ඩාරවෙල ගිහින් ඉවරවෙනකන්... හරිද?
එහෙමයි රජතුමනි.

මම අපේ රාජ පුරුෂ කොලුවා සුදානම් කර තිබු චොපර් එකේ බණ්ඩාරවෙල ගියෙමි. අවේලාවේ බණ්ඩාරවෙල මාලිගේ වහලේ උඩට පාත්වෙන චොපර් එකෙන් කලබලයට පත් වූ වාසලේ කස්ටිය එලියට පැමිණ තිබිණි. මමත් අර කබි කුෂි කබි ගම් එකේ වගේ චොපර් එකන් බැස ගත්තෙමි. මාව හදුනා ගැනීමට මව්තුමියටත් තත්පර කීපයක් ගත උනි. මා එතරම් කඩවසම් වී තිබුණි.

මා හදුනා ගත් සැනින් මව්තුමිය දුවගෙන විත් මගේ කරේ එල්ලුණේය. පියරජු පෙන්වූයේ දැඩි ආඩම්බර සිනාමුසු මුහුණකි. යුව රජු මට එල්ලකලේ දැඩි විවේචනයකි.

මොකද හිවලෝ තෝ ආවේ? මම මේ මාලිගාවෙ අන්ත:පුරේට වග කිය කිය හිටියෙ..මූ රට ඒවටත් වග කියලා මෙහෙත් එනවා...යනවකෝ හිටපු දිහාට.
රට බඩු වගේද බං ලෝකල් ඒවා..මං පුදුම අමාරුවකින් හිටියේ බං මලේ..
නෙදකින් ගල් මූසලයා...
ලොකු පුතේ....ලොකු පුතේ... ඇමතුම මව්බිසවගෙනි....
ඇයි අම්මා....
පොඩ්ඩක් මෙහෙට ආවානං.....
මමත් ආඩම්බර දොස්තර රජ ලීලාවෙන් ගෑටුවෙමි.
මොකද කතාකලේ.....?
පොඩ්ඩක්  එන්න පිය රජතුමාට ඔයත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවලු.
ඇයි තාත්තේ?
මේකයි....අද මම රාජ සභාව කැදවලා රැස්වීමක්  තියන්න ඉන්නේ.ඒ එක්කම මම ජාතියත් අමතන්න කියලයි බැලුවේ. විශේෂම හේතුව අපේ රට දොස්තර රජතුමා ගැන රටවැසියා දැනුවත් කරන එක. ඒක නෙමේ ලොකු රජ පුතේ. හෙට උඹ රාජධානියේ පොඩි රවුමක් ගහලා මිනිස්සුත් පොඩ්ඩක් අදුනගෙන වරෙන්. මිනිස්සුත් උඹව දැකලා පොඩි බේතක් හේතක් ගන්න ආසාවෙන් ඉන්නෙ.

මලලසේකර...පිය රජු වැඩේ කන්ඩයි යන්නෙ... දැන් මට රට වැසියන්ට නිකන් බේත් දෙන්න වෙයි වගේ.

ජාතිය ඇමතීමේ රැස්වීමේදී මට ලැබුනේ කිසිසේත් නොසිතූ විරූ ප්‍රතිචාරයකි. ඒ අතර තරුණ, මහළු, නාඹර ගැටිස්සියන්ගෙන් ලැබුනේ පට්ටම පට පට ලයින් ටිකකි. මාලිගාවේ සිටි මට හැගුනේ මා රේඩියෝ ස්ටේසමක සිටින හැගීමකි. ඒ තරම් ලයින්ය.

එදින රෑද මම අසාධ්‍ය රට වැසියන් කිහිප දෙනෙක්ට හා නාඹර ගැටිස්සියන් කීපදෙනෙක්ටම ප්‍රතිකාර කලෙමි. ගැටිස්සියන්ගේ ගෙදර තියෙන තැන අසාදැනගත්තේ හෙට යෙදී තිබෙන විසිට් එක අතරතුර සුවදුක් විමසීමට ඒ ගෙවල් වලට ගොඩවීමට මිස අන් කවරවත් හේතුවකටවත් නොවේ..

පසුදින රාජධානියේ ලෙඩුන් සොයා යන චාරිකාව ඇරඹුවේ මගේ හොදම, මටම සෙට් වෙන, රාජ පුරුෂයා සමගය. ඌ නං මටම සෙට් වෙන බොක්කය. අන්තපුරේට මැච් වෙන සියළුම ගෙවල් ඌ මට පෙන්නුවේය. ඒ අතර ටීනේජර්, එම්.අයි.එල්.එෆ්. (මිල්ෆ්), හා මැචුවර් කාණ්ඩයට අයත් කෑලි විය. රාජධානියේ සියළුම හෝමෝසේපියන්ලාට නොමිලේ ප්‍රතිකාර ලබා දෙමින් මම ඉදිරියටම ඇදුනෙමි. මම ඉද්ද ගැහුවාක් මෙන් එකතැන නතර උනෙමි. ඇහැ උල් විය, හිත හිල් විය. දුටුවේ දොර කවුලුවකට හේත්තු වී සිටින රැජිනකගේ රූප සොබාවට උරුමකම් කියන ගැමි ලදකි. මේ රූප සොබාව ඇයට හිමිවූයේ කෙලෙසද? මෙවන් රුවක් මා එංගලන්තයේදිවත් දුටුවේ නැත.

මෙන්න මේ වගේ

නෑ නෑ හරියටම මේ විදිහමයි...කිසි වෙනසක් නෑ

දෙවරක් නොසිතා මම ඒ කුඩා ගෙපැලට ගොඩවැදුනෙමි. ගෙපැලේ විස්තර කිරීමට තරම් දෙයක් නැත. ඇත්තේ වැහැරී ගිය නාකි කතකි. මම යුවතිය දෙසත් නාකි රුව දෙසත් මාරැවෙන් මාරුවට බැලුවෙමි.

මේ අම්මද?
අනේ ඔව් රජතුමනි..මේ මගෙ අම්මා...හොදටම ලෙඩ වෙලා. සමාවෙලා බේතක් දෙන්න රජතුමනි. ඔබතුමා බුදුවෙයි.
ඒ සිහින් කටහඩට මගේ පපු කැනැත්ත උණු වී බිම පතිත විය.
බය නැතුව හිටින් කෙල්ලේ..මම හොද කරලා දෙන්නං.
මොකක්ද අම්මෙ තියෙන අමාරුව? මම මවාගත් කරුණාවකින් ඇසුවේ ගෑල්ලමයාගේ හිත දිනාගැනීමටය.
දෙයිහාමුදුරුවනේ....අපේ රජතුමා. පස්වා........න්
හා හා ඔහොම හාන්සි වෙලා ඉන්න. පස්සෙ බැරියෑ අම්මේ බුදු වෙන්න.
අනේ රජතුමනි...මට මේ දවස් කීපයක ඉදන්ම උණ.
අයියෝ ඕවත් ලෙඩද? මෙන්න මේ බේත බීල බලන්න හොඳ වෙයි.

මම බේත් කවර කීපයක්ම අගේ ඇත උඩින් තැබුවෙමි. ඇය ඒ බේත් ටික ගත්තේ මහත් ගෞරවයෙනි.

ඔබතුමාට පින් සිද්ද වෙච්චාවේ අපිට කරන මේ උපකාර වලට.
ඕව මොනවද අම්මේ. රට වැසියා බලා හදා ගැනීම අපේ යුතුකම.
දුවට මොකුත් ලෙඩ එහෙම නැද්ද. 

මම එහෙම ඇහුවේ මගේ තියෙන කුපාඩි කමටය.

දර්ශි....අපේ රජතුමාට කියලා නලාව තියලා බලා ගනින් උබට මොනවද තියෙන අමාරු කියලා.


අම්මට සිරි නම දර්ශිලු. ලස්සන නම සහ ඇග. ආසාවේ බෑ. අම්මගේ අවසරේ ලැබුනා. දුවගේ අවසරේ මොකටද. මම පැනපු ගමන් තිබ්බ නලාව පපුවටම. පපුවට කිව්වට දන්නවනේ ඉතින් නෙහ්?


ඇය වේගයෙන් හුස්ම ගන්නට විය. ඇගේ ෆෙරාරි බොනට් එක වසාගෙන සිටි හැට්ටය පිපිරෙවිදෝ මම බයෙන් නලව තබා ගෙන සිටියෙමි. නලවද හරි හැටි ස්ථානගත වෙන්නේ ද නැත. හරියට පුම්බපු ලොකු බැලුම් බෝලයක් උඩ නලාව තිබ්බා සේය. මම නලාව මදක් තද කලේ ඇය ඌ...යි කියයිදවත් බලන්නටය.




ම්හ්...සද්ද නැත. මොලොකට තිබුනට ඇයට උරැමව තිබුනේ ජොල් සහගත නොවන පිරිපුන් සිරුරකි.
දුවට නම් ඉහෙන් බහින ලෙඩක් නෑ අම්මේ. එහෙනං මම ගිහින් එන්නම් අම්මේ. හෙට අනිවාර්යෙන් ඇවිත් ලෙඩේ සනීපද කියලා කියන්න ඕන. හෙට වෙද්දී හොඳ වෙයි.
හොන්දමයි රජතුමනි. මම දුවව හරි එවන්නන්කෝ.

හරියට හරි මටත් එක තමා ඕනේ වෙලා තිබ්බේ. අම්මටත් මොලේ තියෙනවා නෙහ් නාකි උනාට. අනේ..... උම්මා එකක් දෙන්න හිතෙනවා නාකි ආච්චිට.


හා අම්මේ එක හොඳයි. මොකටද අම්මා මහන්සි වෙන්නේ. එහෙනං දර්ශි කෙලිම්ම රාජ පුරුෂයාට කියලා එන්න මාලිගාවේ මගේ අඩවියට. මෙන්න මේ රාජ පුරුෂය තමා දොරටුපාල විදිහට ඉන්නේ.


මම ලොවෙත් නැති සතුටකින් ඒ ගොබ්බ නිවසින් එලි බැස්සෙමි. අදට බේත් දී අවසානය. කෙලිම්ම ගියේ මාලිගයටය. මගේ අඩවිය එයාර් ෆෙශ්නර් ගසා සුවද වත් කලෙමි. හෙට මගේ සුර දුතිය මගේ කුටියට වඩින සේක. ආහා......මතක් වෙද්දීත්......සොටු ගලයි.


පසුද පහන් විය.......


ටොක් ටොක් ටොක්.........කුටියේ දොරට තට්ටු දෙයි. 

කවුද..?
රජතුමනි මම දර්ශි.....

බඩු බනිස් දර්ශි වැඩලා.... දර්ශි වැඩලා...
මම රාජ සයනයෙන් බැස දොර ලඟට දිව්වෙමි. සෙමින් දොර ඇරියෙමි.


චටා............ස්.... එක් උරපත්තක් රත් විය.


නැගිටපන් හිස තෙල් ගාන්න යන්න. අවලමා. ඇමතුම මල්ලිගෙනි.


හොඳම ජවනිකාව නැරඹීමට කුඩාරම් ගසා තිබු සරම වකුටු කරගෙන නැගිට්ටේ උදේ පාන්දර මලයාට ජාතිය අමතමිනි.




ප/ලි : මේ ලැබුවා වූ නව වසරේදීවත් රජතුමාට අගබිසවක් සෙට් වේවා!!!!

57 comments:

  1. අැහැරුනා නේ! කණගාටුයි! :(

    ReplyDelete
    Replies
    1. කණගාටුයිත් කියනවා...අර ෆිල්ම් එකක හොදම ටික යද්දි කරන්ට් ගියා වගේ වැඩක් උනේ :-)

      Delete
  2. හීනෙනුත් ඉතින් ............ :P නියමයි!

    ReplyDelete
    Replies
    1. :-) :-) ලැජ්ජයි මෙයා... :-)

      Delete
  3. කොටින්ම කිව්වොත් "එල".

    ReplyDelete
    Replies
    1. බොල මම සොසී අක්ක වගේද බොට පේන්නෙ? :-)

      Delete
    2. අප්පද බොල වැරදිලා බොලේ.....සොරි මචන් අයියේ.. :-)
      උඩ යට මාරු වෙලා..

      Delete
  4. කොල්ලන්ට පේන හීන ... ආහ් මහ රජ්ජුරුවනේ හිස තෙල් නෙමෙයි “විසකුඩිච්චියක්“ දැම්ම නම් හරි වගේ මට පේන්නේ....

    හෙහ් හෙහ්..........

    ඇහැ උල් විය, හිත හිල් විය.... කියවලම හිනහයි.

    ReplyDelete
    Replies
    1. මෙන්න සොසී අක්කා මගෙ අඩවියට වැඩලා.....සාදරයෙන්, ආදරයෙන්, ගෞරවයෙන් පිළිගන්නවා ඔබතුමියව.

      හෙහ් හෙහ්..
      ඇහැ උල් විය, හිත හිල් විය.... අහුලගත්තෙ පොඩිමෑන්ගෙ ලට්ට ලොට්ට බ්ලොග් එකෙන් නොවැ.. :-)

      දිගටම එන්න.... :-)

      Delete
  5. මාත් ඔය වගේ හීන දැකල තියෙනවා.හොඳම හරියට එද්දි ඇහැරෙනවානේ.

    ReplyDelete
    Replies
    1. මුළු හීනෙම පෙනිලා ඉවරවෙනකං ඉන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද දන්නෙ නෑ.. :-)

      Delete
  6. ඕකට ඉතින් දෙයක් කියන්න පුළුවන්.. ඒත් මෙතන කියන්න බෑ නොවැ.. :)

    හැමදාම මේ වගේ සුභ හීනම පේන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. විශේෂයෙන් අද මේ නැවතුන ඉදන්..

    ReplyDelete
    Replies
    1. හික් හික්...

      Delete
    2. දැන්නේ මීටර් උනේ රජා ඉංජිනේරුවෙක් විත්තිය.. නරකද මේ හින බලන එකේ වැවක් අමුණක් හැදුවනම්...

      මම මේ හීනේ දක්කනම් දකින්නේ අර පළවෙනි පින්තූරේ ඉන්න විදිහේ කෙනෙක් එක්ක.. :)

      Delete
    3. වෙන්ඩ ඉංජා... තාම ඉගෙනගන්නවා නොවැ :-)

      Delete
  7. ලස්සන හීනේ ... අපරාදේ නැගිටුනේ...හැබෑටම ඇයි දන්නේ නෑ ඔය වගේ හීන කෙල්ලොන්ට පේන්නේ නැත්තේ.:D

    ReplyDelete
    Replies
    1. නැගිටුනේ නෑ නැගිට්ටෙව්වනේ...දුක තමා :-(

      නරකද ට්‍රයි කලොත්...අනිවා පෙනෙයි රෑට :-)

      Delete
  8. අපරාදේ උඔට බෙඩ්ෆීට් එක හෝදන්නයි වෙන්නෙ මල්ලි ඇහැරුවෙ නැත්නම් හිකාස්... :P
    www.facebook.com/zoohunter

    ReplyDelete
  9. ගම්පෙරළියේ පළවෙනි පරිච්ඡේදේ අලුත් වර්ෂන් එකක් වගේ :-P

    ReplyDelete
    Replies
    1. ගම්පෙරළිය නෙමෙයි යුගාන්තය

      Delete
    2. ඒ මොකද එහෙම කිව්වේ?
      මගෙ හීනෙ මේ පොතේ තියෙනවද?

      Delete
  10. අපරාදේ නේද ඉතිං කොච්චර වුනත්....
    :D

    ReplyDelete
    Replies
    1. අපරාදෙදත් අහනවා.. මට නිකන් මාවත් එපා උනා වගේ :-)

      Delete
  11. හික් හික්....හයියූ උයානම්.......

    ReplyDelete
    Replies
    1. අග්ලි ඇවිල්ලා...අග්ලි ඇවිල්ලා...
      තොත්ත වදන් නැතුව කමෙන්ටු ටික පාළුවෙන් හිටියේ :-)

      Delete
  12. හික් හික්..මාරු හීනෙ...අපරාදෙනේ මලයා වැඩේ කාලනේ...:(
    හීනෙ හිතේ තියාගෙන ඉලගදවසේ නිදියන්න ට්‍රයි කොරල බලන්න සමහර වෙලාවට වැඩේ හරි යනවා..:)
    [මම නම් ලස්සන හීනයක් දැක්ම මගදී ඇහැරුනොත් කතාවේ ඉතුරු ටික හිතින් හිත ගන්නව හරි එට පස්සෙන්දට එක හිතේ තියන් නිදි යනවා හරි..:) ]

    ReplyDelete
    Replies
    1. අද රෑ ඉතිරිටික දැක්කොත් ඉක්මනටම දාන්නං...හැබැයි කොටු කොටු තමා බලන්න වෙන්නෙ :-)

      Delete
    2. ඇයි හලේ ඩුම්කොල හා මඩ්‍යසාල පිලිබඩ මොනාහලි හීනෙ ටියෙනවඩ......:O

      Delete
    3. නෑ හලේ ඒවා සූටි ලමයි බාන්න හොද නෑ.. ^_^

      Delete
  13. හීන ලියන ට්‍රෙන්ඩ් එක තාම තියෙනව නොවැ.. ;)

    ReplyDelete
    Replies
    1. දැක්ක ගමන් ලිව්වෙ සැමා අයියෙ මචන්... අපිට මොන ට්‍රෙන්ඩ්ද?
      ඔහෙ අහුවෙච්ච එක දානවා මකබෑවිලාම යන්න :-)

      Delete
  14. හෙට උදේටත් සරම කුඩාරම් ගසා වකුටු කරගෙන නැගිටින්න ලැබේවා....!

    ReplyDelete
  15. පරණ කතාවක අළුත් වර්ශන් එකක් වගේ.... :D ....(දොස්තර අරවින්ද වගේ)

    ReplyDelete
    Replies
    1. කවුද යකෝ මගෙ හීනෙ කලින් දැකපු එකා.... :(

      ඕකව උල තියනවා මං...
      අරවින්ද වර මෙහෙට.. :/

      Delete
  16. " නලවද හරි හැටි ස්ථානගත වෙන්නේ ද නැත. හරියට පුම්බපු ලොකු බැලුම් බෝලයක් උඩ නලාව තිබ්බා සේය. මම නලාව මදක් තද කලේ ඇය ඌ...යි කියයිදවත් බලන්නටය."

    කොල්ලා යුගාන්තය කියවලා වගේ.

    ReplyDelete
  17. හෙට සරම තෙමිච්ච කූඩාරමක් වේවා කියල පතනවා...........:P

    ReplyDelete
    Replies
    1. එසේම වේවා...එසේම වේවා... :-)

      Delete
  18. රජෙක් උනහම ඉන්න ඕන මෙහෙම තමා , හිනේතුත් ට්‍රයි එක රති කෙළියට ...

    ReplyDelete
  19. DocEngineer's Wet Dreams!

    henryblogwalker the Dude

    ReplyDelete
  20. මේ රජතුමා දකින්නෙම වල් හීන නොවැ අර මම දකිනවා වගේ ලස්සන හීනයක් දකින්නෙම නැද්ද ඈ? :පි
    මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා...අක්කේ..

      Delete
  21. කොයි රජාත් එකයි වගේ....

    ReplyDelete
  22. apoy....rajaatath penne maru heena nowe...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අක්කෝ..බලන්ඩකෝ.. :-)

      Delete
  23. අපොයි මෙහෙමත් රජවරු..

    ReplyDelete
    Replies
    1. ඒම කියන්න එපා අනේ.. :-)

      Delete
  24. අඩෙ අප්පා... රජතුමාටත් වෙන වැඩවල හැටි... හික්ස්..

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)