Tuesday, February 14, 2012

තවත් එක් වැලන්ටයින් කතාවක් ( ID එක )


සදුනා මගේ හොද මිතුරෙකි රැකියාවේ
දකුණේ සිටන් ළගදියි කොළඹට ආවේ
එක බත් පතයි බොහො විට දෙදෙනම කෑවේ
ළගදී තමයි මේ සිද්ධිය සිදු වූවේ.
දවසක් වැඩ කරද්දී මහ දවාලක
ආවා ඇමතුමක් නොසිතුව වෙලාවක
ගෙදරින් කියා දැනගෙන නොම්මරය දැක
පිළිතුරු දෙන්න ගත්තා හැර සියළු සැක
ඇමතුම ගත්තේ ගෙදරින් උගෙ මවුතුමිය
කෝ බොල උඹේ හැදුනුම්පත ඇසුවෙ ඇය
තියෙනව අම්මෙ එය මා ගාවයි කීය
කී ඒ නමුත් ඈ නොමපිළිගත්තීය
කලබල වෙලා සදුනා සිය පසුම්බිය
ඇද්දා හොය හොයා උගෙ අයිඩෙන්ටිටිය
දහවල් තරු පෙනෙන්නට උනෙ වෙලා බිය
උගෙ ළග තිබුනෙ වෙනකෙකුගේ එකක් විය.
කොතැනක නමුත් අවුලක් සිදු වෙලා ඇති
අම්මේ මගේ හැදුනුම්පත වෙලා නැති
බැන්කුවෙදී පෙළක් විට මෙය වෙන්න ඇති
කොල්ලගෙ කකුල් වෙවුලනවා අරන් තැති.
බලපන් උඹේ සිහියක් නැති කමක හැටි
ඒ මදිවට තවත් මට බොරු කරන හැටි
අහුවුනොතින් උඹට මම දැන් තලන හැටි
දෙනවා ජීවිතේ අමතක නොවන ගුටි.
අම්මා දෙසනවා නැවකට පරළ වෙලා
බුම්මා ඉන්නවා මිතුරා තරු පැනලා
ඉවසා ගන්න බැරි තැන නිහඩව ඉදලා
ඇසුවා අම්මේ මොකක්ද දැන් උනෙ කියලා.
ටැලිග්රෑමයක් අද උදයේ මෙහි ආවා
උඹගේ නමට තිබු හින්දා කියවූවා
සම්ම්ජ්ජාතියක අපි කෙරුවද මේවා
අහගන් තිබ්බ විස්තර මෙහෙමයි කීවා
මම වෙමි මැනේජර අහවල් ගෙස්ට් හවුසියේ
හැදුනුම් පත ඔබේ ඇත දැන් මා භාරයේ
සමා වෙන්න වරදක් සිදු වෙලා තියේ
මා අමතන්න අංකය මෙහි පහල තියේ
අම්මා අමතලා එහි තිබු අංකයට
අසලා කුමක්දැයි විමසා බලන විට
විස්තර කරලා කියලා සිද්ධිය ඈට
හේතුව එයයි ඇගෙ කෝපය ඇවිලෙන්ට
මේ නම තියෙන මහතා ළග දිනයකදී
අපගේ තැනින් කාමරයක් ගත් මිලදී
ආපසු යන්ට හැදුනුම්පත අපි දෙද්දී
වෙන අයෙකුගේ එකක් දී ඇත අප හට වැරදී
කියපන් සදුන් තවමත් මා නොකර මුලා
කාමර ගානේ මොකටද ගත කෙරුවෙ වෙලා
කොළඹදි රස්සාව කරනව යැයි කියලා
මේකයි කරන සෙල්ලම ඔහෙ ඉදන් බොලා
හරි හරි අම්මෙ දැන් නේ මතකෙට ආවේ
ළගදී දිනෙක කොළඹින් පිට මා යැව්වේ
ෆන්ෂන්එකක් දුර බැහැරක සිදු වූවේ
රෑ වූ නිසයි ඔතැනට යන්නට වූවේ
අනෙ අම්මපා උඹ කියනා කෙබර මට
එන කෝපය බැරිය දැන්නම් දරන්නට
අසුවෙන අහක හිටියානම් තලන්නට
නැහැ නැහැ වෙනවා මට නම් උඹ මරන්නට
උඹලගේ තියෙන ෆන්ෂන්හරි අපූරුය
ඔයවැනි කතාවක් මම ඇහුවෙත් අදය
කෙල්ලෙක් එක්ක ලැගලා තුල කාමරය
තම්බන්නට මාව උඹ නම් හිතුවා මදිය
මේ මොන කරුමයක්දෝ මට පාත් උනේ
මං ඇර කෙනෙක් නැහැනේ මෙය දැන් උන්නේ
කවුරුද යකෝ විස්තර අම්මට දුන්නේ
අහුවුනොතින් රෑට අද ඌ කන්නට ගන්නේ
හොයලා බැලූ විට අපි විපරම් කරලා
ගෙස් හවුසියේ මිනිහා ඇත ගම කාලා
අම්මා කතා කල විට ඒ ගොන් හිවලා
කෙල්ලගෙ නමත් එක්කම අම්මට කියලා 
විශේෂ ස්තූතිය,
Prabhath Darshana
http://ndpdarshana.tk


මේ වගේ තැන්වල කිසිදින ID එක අමතක නොකරන්න...

9 comments:

  1. hikzzzz............mara scn eka neee....redi glaunada mandaa........:P :D

    ReplyDelete
    Replies
    1. රෙදි නෙමේ...අමුඩෙත් නෑ..හිහ් හිහ්

      Delete
  2. hikz..onna malliyo id eka illaganna amathaka karanna hema epa......

    ReplyDelete
  3. සිරාවට ලියලා තියෙනවා අයියෝ හි හි වෙලාවට කෙල්ල අයිඩී එක දාලා ගිහින් නොතිබුනේ මල කෙලියයි එහෙම උනානම්.... හම්මෝ හොඳ උපදේශයක් ඒත් ඔව්වගේ කැමරා තියෙනවලු මගේ යාළුවෙක් කිව්වේ හොටෙල් එකක ඉන්න... පරිස්සමෙන් හොඳේ

    ReplyDelete
  4. මේක ඇත්තටම යාලුවෙක්ට නේද උණේ???? :)))

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියපන් මේක උඹට නේද උනේ...???

      Delete
  5. අහල පුරුදුයි වගේ මේක මීට කලින්......

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)