Monday, February 6, 2012

කවි ඇස....

කවිය......කවිය කියන්නේ ඕනෑම කෙනෙක්ට සරලව තේරුම් යන විදිහට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් මාධ්‍යයක්. මමත් පෞද්ගලිකවම කවිරස විදින්නෙක් හැබැයි වැඩිය කවි රචනා කරලා නං නෑ. හැබැයි ලියපු අතලොස්සට හොද ප්‍රතිචාර නං ලැබිලා තියෙනවා. 

කවි වලට ආස නිසාම මූණු පොතේ සංහිද පාමුල කියන ගෘප් එකට සෙට් උනා. එකේ පුදුමාකාර කවියෝ, කිවිදියෝ සෙට් එකක් ඉන්නෙ..මාර ලස්සන කවි දාන්නෙ. ඒකෙ ආදරය, බිදුනු පෙම ගැන පලවෙච්ච කවි කීපයක් ඔයාලට රස විදින්න කතෘ අයිතීන් තියලා මෙන්න මෙහෙම පලකරන්න හිතුවා....

 


නුඹ විතරක් හිනාවෙන්න
පුලුවනි මට දුක දරන්න
රත්තරනේ මේ අහන්න
පුලුවන්නම් මගෙම වෙන්න
 
සන්සාරෙම නුඹේ ලගයි
කියලා දවසක කියන්න
පුලුවන් වෙයි ඒ දවසට
කදුලු එන්න හිනාවෙන්න
 
නුඹට කියන අකුරු හතර
හිත ඇතුලෙම තියාගන්න
ඒ අකුරින් නුඹ ගියදා
අකුරු හතර මට ලැබෙන්න
 
ආදරයයි නුඹට දුන්නු
අකුරුහතර ඉගෙන ගන්න
මට හිමිවෙයි නුඹ ගියාම
මලගම මගෙ බලාගන්න
 
අහිතක් නෑ මේ කවිපද
රත්තරනේ මටම දෙන්න
පුලුවන්වෙයි දවසක මට
කවිහිත උගසට තියන්න.....

- Asanka Sandaruwan -



 


ලන්ද කෙලවර මාන පඳුරක
හැංගිලා කඩතොළු වදන්
නෑනෙ තවමත් දෑස මානෙක
රෑන ඉගිලෙන සමනලුන්.......

පින්න මල් අඟ බින්දු තවරන
පින්න නැහැ අහසම අරන්
ඉද්ද මල් ගහ සිල් අරන් මුත්
පොහොය නැහැ සඳ අරන් විත්.......

මන්ද නොදනී බැන්ද පෙම් සඳ
ලන්ද හැරදා නික්මිලා...........
කන්ද පොදිබැඳ බැන්ද සිතුවිලි
හදේ ගැඹුරක තනිවෙලා.......


- Chaminda Pradeep Silva Gunarathne -



කටු පොකුරු දැක දැකම
මල් පොකුරු සිඹින නුඹ
කටු ඇනී හඩන විට
බලා ඉන්නේ කොහොම මම....

නුඹෙ කදුළු විෂ පෙවූ
හිසක් විලස
මගේ හදවත පාරවයි නම්
දරා ගන්නේ කොහොම මම..

නොදන්නා කමට නොව
දැන දැනම ඇද වැටෙන නුඹ
අතැර මග හැර දමා
දිව යන්නේ කොහොම මම

සුමුදු මල් පෙති යටින්
රුදුරු විස කටු ඇතැයි
පුන පුනා කී නමුදු
රිදව ගත් බොළද හිත
තවත් රිදවන්නේ කොහොම

හඩන්නට කදුළැල් නැතත්
අසන්නට සවන් ඇති
ඉදින් කිය කියා හඩනු නුඹ
හිස තියා මේ උරහිස් මතම...

එපමණකි කල හැක්කේ
නුඹ වෙනුවෙන් මෙමට
සමාවෙනු සබද මට..
නුඹ නමින් කදුළු නැත තවත්
මේ නෙත් මත රැදුන...


- Waruni Kodithuwakku - 



සලා නෙත් මිනි මද නිලෙන් ඔපදූ
දුලා තොල් පෙති තද රතක් කැන්දූ
සිනා දසනඟ දිමුතු පෙළ රැන්දූ
සිතා සැනහෙමි හදෙහි රුව ඇන්දූ

මුදා වරලස නෙක හැඩින් බැන්දූ
බලා නුඹෙ ඔය උවන සිසි පැරදූ
සරා සතුවිලි නොනිමි දද රැන්දූ
මරා නොදමමි ප්රේමයක් ඉපදූ......


- Chaminda Pradeep Silva Gunarathne - 




හීන වලට ආසයි මම..
හීනයෙ ඔබ නැතිනම්..

මල් සුවඳට ආසයි මම....
ඔබේ සුවඳ නොදැනේ නම්...

තරු අහසට ආසයි මම...
ඔබෙ නෙතු එහි නොපෙනේ නම්...

පවන් රොදට ආයි මම....
ඔබේ සුසුම් එහි නැති නම්...

පිණි සිසිලට ආසයි මම...
ඔබෙ උණුසුම ලඟ නැති නම්...



- වස්සාන සිහිනය -




ඔයාලත් මේ ගෘප් එකට බැදෙන්න ආස හිතුනා නං මෙන්න ලින්ක් එක,






8 comments:

  1. ලස්සනයි නෙහ්?

    ReplyDelete
  2. Replies
    1. palaweni post eka damme giya maasene sahodaraya.. :) ekath boot ekak kaawata passene

      Delete
  3. මාත් ඔය ගෲප් එකේ ඉන්නවා, හැබැයි කවි දාලා නං නෑ, කියවනවා විතරයි.

    ReplyDelete
  4. ග්රූප් එක ගැන විස්තර බෙදා ගත්තු එකට ස්තූතියි මල්ලියා...හැබැයි මේ වගේ වෙන කෙනෙක්ගේ නිර්මානයක් නැවත පල කිරීමේදී කතෘ අවසරය ලබාගෙන කරන එක තමයි ඇගට ගුණ....

    ReplyDelete
  5. කතෘ අවසරය ලබාගෙන කරන්න ගියොත් කරන්න වෙන්නෙ නෑනෙ...මම උන්ව දන්නෙත් නෑ. කොහොමහරි මම කතෘගෙ නම ලියලනෙ තියෙන්නෙ

    ReplyDelete
  6. සංහිඳ පාමුල කණ්ඩායමේ ඇඩ්මින් වරයෙකු හා ඔබ යොදා ඇති කවි වල හිමි කරුවෙකු ලෙස මේ කාර්‍යය ඉතා අගේ කොට සලකමි...නැවතත් නැවත නැවතත් ස්තූතියි....(චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න)

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)